2019/20 ‘Dialog’ රග්බි ලීගයට සියල්ල සූදානමින්!

129

2019/20 තරග වාරය සඳහා වන ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දිනයක් පමණයි. ඒ අනුව මෙවර තරගාවලිය නොවැම්බර් මස 29 වැනිදා (හෙට) වැලිසර දී ආරම්භ වීමට නියමිතව ඇත.

වැලිසර දී නාවික හමුදා ක්‍රීඩා සමාජය හා හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර තරගය හෙට වැලිසර දී පැවැත්වෙන අතර CH&FC කණ්ඩායම සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය තුරඟ තරග පිටියේ දී ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයට නව පුහුණුකරුවෙක්!

ශ්‍රී ලංකාවේ රග්බි අධ්‍යාපනඥ , CH&FC ක්‍රීඩා සමාජයේ ……..

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ මට්ටමින් පැවැත්වෙන රග්බි තරගාවලිවලින් ඉදිරියෙන්ම පසුවන මෙම තරගාවලියේ දී, සති 7 බැගින් වූ තරග වට දෙකක් යටතේ කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිතයි.

පසුගිය වසරේ දී නව මුහුණුවරක් ගනිමින් ඩයලොග් රග්බි ලීගයට සුපිරි වටයක් එක් වූ අතර එයින් මෙම තරගාවලියේ තරගකාරීත්වය ඉහළ ගියේ රග්බි ප්‍රේක්ෂකයින් ක්‍රීඩාව වෙත තවත් නැඹුරු කරමිනි.

හෙට දිනයෙන් ආරම්භ වන තරගාවලියේ පළමු අදියර එළඹෙන ජනවාරි මස 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව දෙවැනි වටයේ තරග ආරම්භ වීමට නියමිතයි.

සති 16ක දීර්ඝ තරගාවලියකින් අනතුරුව පසුගිය තරග වාරයේ දී ප්‍රසාද ලකුණු 80ක් සමඟින් මහනුවර ක්‍රීඩා සමාජය 5 වැනි වරටත් පිට පිටම ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ ඔවුන්ගේ ලීග් ජයග්‍රහණ ලැයිස්තුවට 20 වැනි ලීග් ජයග්‍රහණයත් එක් කරගනිමිනි. අනුශූරතාව හැව්ලොක් ක්‍රීඩා සමාජය සතු විය.

රතු, කහ මදිවට තවත් එකක්!

එළඹෙන ඩයලොග් අන්තර් සමාජ රග්බි තරග වාරයේ දී රතු සහ……….

පසුගිය වසරේ ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජයේ පළමු තරගය දෙසැම්බර් මස පළමු වැනිදා නිත්තවෙල දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වීමට නියමිත අතර CR&FC සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය නොවැම්බර් මස 30 වැනිදා CR&FC ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ගියවර ශූරයන් වූ මහනුවර කණ්ඩායම මෙවර ද ශූරතාවට දිනා ගැනීමට වැඩි අවස්ථාවත් ඇති අතර CR&FC කණ්ඩායමට ක්‍රීඩා කළ කවිඳු පෙරේරාව තම කණ්ඩායමට එක් කරගැනීමෙන් අනතුරුව මහනුවර ක්‍රීඩා සමාජය තවත් ශක්තිමත් වී ඇත. එමෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩක නයිජල් රත්වත්තගේ කණ්ඩායම මෙහෙය වීමේ හැකියාව ද ඉදිරි තරග වාරයේ දී උරගා බැලෙනු ඇත.

ගියවර අනුශූරයන් වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙවර මහනුවර ක්‍රීඩා සමාජයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සූදානම් වෙමින් සිටියි. ජවසම්පන්න ප්‍රොප් ක්‍රීඩක දුෂ්මන්ත ප්‍රියදර්ශන මෙවර කණ්ඩායමෙන් ඉවත්ව CH&FC කණ්ඩායම සමඟ එක්වීමත්, හැව්ලොක් ක්‍රීඩා සමාජය සතු අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් මෙවර කණ්ඩායමෙන් ඉවත්ව වෙනත් ක්‍රීඩා සමාජ සමඟ එක් වූ හෙයින් කණ්ඩායම මදක් දුර්වල ස්වභාවයක් පෙන්නුම් කළත්, කණ්ඩායමේ සිටින තරුණ ක්‍රීඩකයින් මෙවර බර කරට ගනිමින් ක්‍රීඩා කරනු ඇති.

ගිය වසරේ තෙවැනි ස්ථානයට පත්වූ CH&FC කණ්ඩායම මෙවර තම අහිමි වූ ගෞරවය යළි ලබා ගැනීමට සටන් වදිනු ඇත. ඔවුන් මෙවර රෝහිත රාජපක්ෂගේ නායකත්වය යටතේ තරඟ බිමට පිවිසෙනු ඇත. 

නව පුහුණුකරුවෙකු ලෙස නිහාල් වයිපර් ගුණරත්න මහතා ද කණ්ඩායම සමඟ එක්වීමෙන් අනතුරුව CH&FC කණ්ඩායමට ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීම තවත් පහසු වනු ඇත. විශේෂයෙන්ම ගියවර ලකුණු 200ක් වාර්තා කරමින් තරග සමයේ වැඩිම ලකුණුලාභියා වූ CH&FC ක්‍රීඩක සැමුවෙල් මදුවන්තට මෙවර ඉතාමත් වැදගත් කාර්ය බාරයක් පැවරී ඇත. 

එමෙන්ම සුදම් සූරියාරච්චි, ප්‍රසාද් මදුසංක, හිරන්ත පෙරේරා සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන යන අත්දැකීම් බහුල ප්‍රවීණ ක්‍රීඩකයන් මෙවර CH&FC ජයග්‍රහණය කරා ගෙන යනු ඇති.

සිව්වැනි ස්ථානයට පත්වූ ඔමල්ක ගුණරත්න මෙහෙයවන CR&FC කණ්ඩායම ද මෙවර අනෙක් කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් වනු නොඅනුමානය. ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකාර තනතුර දුෂාන්ත් ලෙව්කේ හට හිමිවී ඇත. 

විශේෂයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සිටි රීසා මුබාරක්ගේ ආගමනය ද ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ශාරෝ ප්‍රනාන්දු, සඳුන් හේරත්, කෙවින් ඩික්සන් සහ රීසා රෆයිඩීන් යන ක්‍රීඩකයින් CR&FCට වැදගත් ක්‍රීඩකයන් වනු ඇත.

පසුගිය තරග සමයට ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්ත ද එය පවත්වා ගැනීමට නොහැකි වීම යුද හමුදා ක්‍රීඩා සමාජයට අවාසිදායක විය. මහනුවර ක්‍රීඩා සමාජය නිත්තවෙල දී වසර 23කට පසුව පරාජය කළ යුද හමුදාව මෙවර නව පුහුණුකරුවෙකු සමඟ ලීගය උඩු යටිකුරු කිරීමට මාන බලමින් සිටියි.  

ඔවුන්ගේ ප්‍රබලතම අවිය ලෙස පසුගිය වසරේ තම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කරගත් ගයාන් සාලින්ද දැක්විය හැක. ඔවුන්ගේ පුහුණුකාර ධුරය රධික හෙට්ටිආරච්චි විසින් හොබවයි.

ඉතාමත් ඉහළ දස්කම් සහිත ක්‍රීඩකයන් රැසක් සිටිය ද ගියවර තරග සටහනේ ඉහළ ස්ථානයක් අත්කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජයට නොහැකි විය. ඉකුත් වසරේ සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් නැවත තරග බිමේ පෙරළියක් ඇති කිරීමට ජාතික සංචිතයේ පුහුණුකරු මැට් ලීගේ පුහුණුකාරිත්වය යටතේ තරග වදින නාවික හමුදා ක්‍රීඩා සමාජය සූදානම් ව සිටී. ඉසුරු උමයංගන, ගයාන් වික්‍රමරත්න, රදීෂ සෙනෙවිරත්න සහ මොහොමඩ් අබ්සාල් ඒ සඳහා ඔවුන් සතු ප්‍රබල අවි බව සඳහන් කළ හැක.

ලංකාවට එන විජාතික බලවේග

පසුගිය වසරේ දක්ෂතාවලට අනුව අවසන් ස්ථාන දිනා ගත් ………

ගුවන් හමුදා හා පොලිස් ක්‍රීඩා සමාජය ද ගිය වසරේ ලද අමිහිරි අත්දැකීම්වලින් මිදී යළිත් පෙරළියක් ඇති කිරීමට උත්සාහ දරමින් සිටියි. විශේෂයෙන් පොලිස් ක්‍රීඩා සමාජයේ ඉමොසි වුනිවෝසා එයට ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙකු වනු ඇති. 

එසේම ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ද ඔවුන්ගේ SCRUM HALF ක්‍රීඩක නුවන් බණ්ඩාරගේ  ඉක්මන් තීරණ හැකියාව සමඟින් ඉදිරි තරග වාරයේ දී තම කණ්ඩායම තුළ විශාල වෙනසක් කිරීමට හැකියාවක් ඇත.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 2019/20 තරග වාරයේ තරග කාලසටහන පහත දැක්වේ.

සතිය දිනය Home Visitors ක්‍රීඩාංගණය  වේලාව
1 නොවැම්බර් 29 නාවික හමුදා හැව්ලොක්  වැලිසර  ප. ව. 4.00
නොවැම්බර් 29 CH&FC යුධ හමුදා CH&FC ක්‍රීඩාංගණය ප. ව. 4.00
නොවැම්බර් 30 CR&FC පොලිස්  ලොන්ග්ඩන්  ප. ව. 4.00
දෙසැම්බර් 01 මහනුවර  ගුවන් හමුදා නිත්තවෙල  ප. ව. 4.00
2 දෙසැම්බර් 06 හැව්ලොක්  පොලිස්  හැව්ලොක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
දෙසැම්බර් 06 යුධ හමුදා  ගුවන් හමුදා පොලිස් පාක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
දෙසැම්බර් 07 CH&FC CR&FC තුරඟ තරග පිටිය ප. ව. 4.00
දෙසැම්බර් 07 මහනුවර  නාවික හමුදා නිත්තවෙල  ප. ව. 4.00
3 දෙසැම්බර් 13 නාවික හමුදා පොලිස්  වැලිසර  ප. ව. 4.00
දෙසැම්බර් 14 CH&FC හැව්ලොක්  CH&FC ක්‍රීඩාංගණය ප. ව. 4.00
දෙසැම්බර් 14 මහනුවර  යුධ හමුදා නිත්තවෙල  ප. ව. 4.00
දෙසැම්බර් 15 ගුවන් හමුදා CR&FC රත්මලාන  ප. ව. 4.00
4 දෙසැම්බර් 19 CH&FC නාවික හමුදා CH&FC ක්‍රීඩාංගණය ප. ව. 4.00
දෙසැම්බර් 21 ගුවන් හමුදා හැව්ලොක්  රත්මලාන  ප. ව. 4.00
දෙසැම්බර් 21 පොලිස් මහනුවර පොලිස් පාක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
දෙසැම්බර් 21 CR&FC යුධ හමුදා ලොන්ග්ඩන්  ප. ව. 4.00
5 ජනවාරි 03 නාවික හමුදා ගුවන් හමුදා වැලිසර  ප. ව. 4.00
ජනවාරි 03 පොලිස් CH&FC පොලිස් පාක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
ජනවාර් 04 CR&FC මහනුවර ලොන්ග්ඩන්  ප. ව. 4.00
ජනවාරි 04 යුධ හමුදා  හැව්ලොක්  පොලිස් පාක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
6 ජනවාරි 10 ගුවන් හමුදා පොලිස්  රත්මලාන  ප. ව. 4.00
ජනවාරි 10 නාවික හමුදා යුධ හමුදා වැලිසර  ප. ව. 4.00
ජනවාරි 11 CH&FC මහනුවර තුරඟ තරග පිටිය ප. ව. 4.00
ජනවාරි 11 හැව්ලොක්  CR&FC හැව්ලොක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
7 ජනවාරි 17 ගුවන් හමුදා CH&FC රත්මලාන  ප. ව. 4.00
ජනවාරි 17 යුධ හමුදා  පොලිස්  පොලිස් පාක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
ජනවාරි 18 CR&FC නාවික හමුදා ලොන්ග්ඩන්  ප. ව. 4.00
ජනවාරි 18 හැව්ලොක්  මහනුවර හැව්ලොක් ක්‍රීඩාංගණය ප. ව. 4.00

මෙවර ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ සියලු තොරතුරු, තරග වාර්තා, ඡායාරූප, වීඩියෝ, සජීවී තරග විකාශ සියල්ල ඔබවෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<