උත්කර්ෂවත් රග්බි තරගාවලියේ කාලසටහන එලි දකී

351
Dialog Rugby League

2018/19 ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලිය නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වේ. පළමු තරගය හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර නොවැම්බර් 9 වැනිදා සවස 6.30ට කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ හොඳම රග්බි කණ්ඩායම් 8ක් සහභාගී වන ඩයලොග් රග්බි තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන හොඳම රග්බි තරගාවලිය ලෙසින් ද හැඳින්විය හැක.

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්වෙයි

2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වැනි අදියරේ දී සිව්වැනි ස්ථානයෙන්..

මේ වන තෙක් ලීග් ක්‍රමයට පැවැත්වුන මෙම තරගාවලියේ උණුසුම සහ තරගකාරීත්වය වැඩි කිරීම සඳහා මෙවර පිළිමළුන් පිටුදැකීමේ (knockout) වටයක් ද එක් කිරීමට සංවිධායකයන් තීරණය කර තිබේ. ඒ අනුව ලීග් ක්‍රමයට පැවැත්වෙන මුල් වට දෙක අවසානයේ දී ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් හතර ශූරතා කුසලානය වෙනුවෙන් ද, අනෙක් කණ්ඩායම් හතර පළඟ ශූරතාවය වෙනුවෙන් ද පිළිමළුන් පිටුදැකීමේ වටයේ දී තරග කරනු ඇත.

පිළිමළුන් පිටුදැකීමේ වටය පැවැත්වෙන්නේ අවසන් පූර්ව වටය සහ අවසන් වටය ලෙසින්ය.

පළමුවැනි වටය නොවැම්බර් 9 වැනිදා සිට දෙසැම්බර් 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි වටය පැවැත්වෙන්නේ ලබන වසරේ ජනවාරි 04 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වායි. උණුසුම් පිළිමළුන් පිටුදැකීමේ වටය ලබන වසරේ පෙබරවාරි 22 වැනිදා ආරම්භ වේ. සමස්ත තරගාවලිය නිමා වන්නේ මාර්තු 3 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයෙනි.

තෙවැනි අදියරේ දීත් කාන්තාවෝ පළඟ ශූරතාව දිනති

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කොළඹ දී පැවැත්වෙන 3 වැනි අදියරේ කාන්තා..

මෙවර තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් සහභාගී කර ගැනීමට ද අවසර ලැබී ඇති හෙයින් මෙවර වඩාත් උණුසුම් තරගාවලියක් දැක බලා ගැනීමට ද අවස්ථාව උදා වනු ඇත.

මෙවර CH&FC, යුධ හමුදා යන කණ්ඩායම් සත්කාරකත්වය දරන (home games) තරග පැවැත්වෙන්නේ කොළඹ තුරඟ තරග පිටියේ දී ය. මෙවර තරගාවලියේ බොහෝ තරග රාත්‍රි කාලයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබීමත් විශේෂත්වයකි.

Week Date Day Home Team vs Visiting Team Venue Time
Week – 1 9-Nov Friday Havelock SC vs Army SC Havelock Park 6.30 pm
Nov 10-Nov Saturday CR & FC vs CH & FC Longdon Place 4.00 pm
9 to 11 10-Nov Saturday Air Force SC vs Kandy SC Ratmalana 4.00 pm
  12-Nov Sunday Police SC vs Navy SC Police Park 4.00 pm
Week – 2 16-Nov Friday Havelock SC vs CH & FC Havelock Park 6.30 pm
16 to 18 17-Nov Saturday Navy SC vs CR & FC Welisara 4.00 pm
Nov 18-Nov Sunday Air Force SC vs Army SC Ratmalana 4.00 pm
  18-Nov Sunday Kandy SC vs Police SC Nittawala 4.00 pm
Week-3 23-Nov Friday Havelock SC vs Navy SC Havelock Park 6.30 pm
23 to 25 24-Nov Saturday Police SC vs CR & FC Police Park 4.00 pm
Nov 24-Nov Saturday Army SC vs Kandy SC Racecourse Grounds 6.30 pm
  25-Nov Sunday CH & FC vs Air Force SC Racecourse Grounds 6.30 pm
Week-4 30-Nov Friday Police SC vs Havelock SC Police Park 4.00 pm
30 Nov to 1-Dec Saturday Air Force SC vs Navy SC Ratmalana 4.00 pm
2-Dec 1-Dec Saturday Army SC vs CH & FC Racecourse Grounds 6.30 pm
  2-Dec Sunday Kandy SC vs CR & FC Nittawala 4.00 pm
Week-5 7-Dec Friday Army SC vs Navy SC Racecourse Grounds 6.30 pm
7 to 9 8-Dec Saturday Havelock SC vs CR & FC Havelock Park 6.30 pm
Dec 9-Dec Sunday Kandy SC vs CH & FC Nittawala 4.00 pm
  9-Dec Sunday Police SC vs Air Force SC Police Park 4.00 pm
Week-6 14-Dec Friday CR & FC vs Air Force SC Longdon Place 4.00 pm
14 to 16 15-Dec Saturday Police SC vs Army SC Police Park 4.00 pm
Dec 16-Dec Sunday Kandy SC vs Havelock SC Nittawala 4.00 pm
  16-Dec Sunday Navy SC vs CH & FC Welisara 4.00 pm
Week-7 21-Dec Friday Army SC vs CR & FC Racecourse Grounds 6.30 pm
Dec 22-Dec Saturday CH & FC vs Police SC Racecourse Grounds 6.30 pm
21 to 23 22-Dec Saturday Navy SC vs Kandy SC Welisara 4.00 pm
  23-Dec Sunday Air Force SC vs Havelock SC Ratmalana 4.00 pm

මෙවර ඩයලොග් රග්බි තරගාවලියේ උණුසුම ඔබ වෙත සජීව ලෙස ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<