ඩයලොග් රග්බි ලීගයට දින නියම වේ!

76

2019/20 තරග වාරය සඳහා වන ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ තරග කාලසටහන නිකුත් කර තිබේ. ඒ අනුව මෙවර තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 29 වැනිදා වැලිසර දී ආරම්භ වීමට නියමිතයි. ඒ නාවික හමුදා කණ්ඩායම හා හැව්ලොක් කණ්ඩායම අතර තරගයෙනි. 

විශිෂ්ටයන්ට සමුදීමට ඕල් බ්ලැක්ස් සූදානම්

2019 රග්බි ලෝක කුසලානයේ ඕල් බ්ලැක්ස් කණ්ඩායම සහභාගි වන තුන්වැනි ස්ථානය සඳහා වන තරගය…

ශ්‍රී ලංකාවේ සමාජ රග්බි කණ්ඩායම් සහභාගි වන ප්‍රමුඛතම තරගාවලිය වන ඩයලොග් රග්බි ලීග් තරගාවලිය සති 7 බැගින් වූ තරග වට 2කින් සමන්විත වේ. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරග වදිනු ඇත. 

ඩයලොග් රග්බි ලීග් තරගාවලිය පසුගිය වසරේ දී නව මුහුණුවරක් ගත්තේ එයට සුපිරි තරග වටයක් ඇතුළත් කර තිබීම නිසාවෙනි. නමුත් මෙවර තරගාවලිය එම සුපිරි තරග වටයෙන් තොරව පැරණි තරග රටාවට අනුව පැවැත්වීමට තීරණය කර ඇත. 

තරගාවලියේ පළමු වටය නොවැම්බර් මස 29 වැනිදා ආරම්භ වන අතර එය එළඹෙන 2020 වසරේ ජනවාරි 18 දක්වා පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව තරගාවලියේ දෙවන වටය ආරම්භ වේ. 

සති 16ක තරග කාලසටහනකින් සමන්විත වූ පසුගිය වසරේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වූ අතර ඔවුන් එම ශූරතාව දිනා ගත්තේ අඛණ්ඩව 5 වැනි වතාවටය. අනුශූරයතාව හැව්ලොක් ක්‍රීඩා සමාජය සතුවිය. 

දකුණේ පියානෝගේ ශක්තිය උතුරට රැගෙන ගිය “පුතානෝලා”

රග්බි පිටියේ සොයුරන් ගැන නොයෙක් කතා අසන්නට ලැබේ. නවසීලන්තයේ…

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 2019/20 තරගවාරයේ තරග කාලසටහන පහත දැක්වේ

සතිය දිනය Home Visitors ක්‍රිඩාංගණය  වේලාව
1 නොවැම්බර් 29 නාවික හමුදා හැව්ලොක්  වැලිසර  ප. ව. 4.00
නොවැම්බර් 29 CH & FC යුධ හමුදා CH & FC ක්‍රීඩාංගණය ප. ව. 4.00
නොවැම්බර් 30 CR & FC පොලිස්  ලොන්ග්ඩන්  ප. ව. 4.00
දෙසැම්බර් 01 මහනුවර  ගුවන් හමුදා නිත්තවෙල  ප. ව. 4.00
2 දෙසැම්බර් 06 හැව්ලොක්  පොලිස්  හැව්ලොක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
දෙසැම්බර් 06 යුධ හමුදා  ගුවන් හමුදා පොලිස් පාක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
දෙසැම්බර් 07 CH & FC CR & FC තුරඟ තරග පිටිය ප. ව. 4.00
දෙසැම්බර් 07 මහනුවර  නාවික හමුදා නිත්තවෙල  ප. ව. 4.00
3 දෙසැම්බර් 13 නාවික හමුදා පොලිස්  වැලිසර  ප. ව. 4.00
දෙසැම්බර් 14 CH & FC හැව්ලොක්  CH & FC ක්‍රීඩාංගණය ප. ව. 4.00
දෙසැම්බර් 14 මහනුවර  යුධ හමුදා නිත්තවෙල  ප. ව. 4.00
දෙසැම්බර් 15 ගුවන් හමුදා CR & FC රත්මලාන  ප. ව. 4.00
4 දෙසැම්බර් 19 CH & FC නාවික හමුදා CH & FC ක්‍රීඩාංගණය ප. ව. 4.00
දෙසැම්බර් 21 ගුවන් හමුදා හැව්ලොක්  රත්මලාන  ප. ව. 4.00
දෙසැම්බර් 21 පොලිස් මහනුවර පොලිස් පාක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
දෙසැම්බර් 21 CR & FC යුධ හමුදා ලොන්ග්ඩන්  ප. ව. 4.00
5 ජනවාරි 03 නාවික හමුදා ගුවන් හමුදා වැලිසර  ප. ව. 4.00
ජනවාරි 03 පොලිස් CH & FC පොලිස් පාක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
ජනවාර් 04 CR & FC මහනුවර ලොන්ග්ඩන්  ප. ව. 4.00
ජනවාරි 04 යුධ හමුදා  හැව්ලොක්  පොලිස් පාක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
6 ජනවාරි 10 ගුවන් හමුදා පොලිස්  රත්මලාන  ප. ව. 4.00
ජනවාරි 10 නාවික හමුදා යුධ හමුදා වැලිසර  ප. ව. 4.00
ජනවාරි 11 CH & FC මහනුවර තුරඟ තරග පිටිය ප. ව. 4.00
ජනවාරි 11 හැව්ලොක්  CR & FC හැව්ලොක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
7 ජනවාරි 17 ගුවන් හමුදා CH & FC රත්මලාන  ප. ව. 4.00
ජනවාරි 17 යුධ හමුදා  පොලිස්  පොලිස් පාක් ක්‍රීඩාංගණය ප. ව. 4.00
ජනවාරි 18 CR & FC නාවික හමුදා ලොන්ග්ඩන්  ප. ව. 4.00
ජනවාරි 18 හැව්ලොක්  මහනුවර හැව්ලොක් ක්‍රීඩාංගණය ප. ව. 4.00

මෙවර ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ සියලු තොරතුරු, තරග වාර්තා, ඡායාරූප, වීඩියෝ, සජීවී තරග විකාශ සියල්ල ඔබවෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැදී සිටින්න thePapare.com සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<