DRL හයවැනි සතිය: මැතීස් කුසලානය කාටද?

92

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරග එළඹෙන සිකුරාදා (10) සහ සෙනසුරාදා (11) පැවැත්වීමට නියමිතයි. 

පස්වැනි සතියේ පැවති අපරාජිතයින්ගේ සටනින් මහනුවර ක්‍රීඩා සමාජය විසින් CR&FC කණ්ඩායම ලකුණු 27-41ක් වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව මේ සතියේ දී ඔවුන් CH&FC හමුවීමට සූදානමින් සිටියි.

අසාර්ථක ප්‍රවර්තන මැදින් පොලිස් වැටලීම සාර්ථකයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ……..

එසේම මැතීස් කුසලානය වෙනුවෙන් ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව සටන් වැදීමට CR&FC කණ්ඩායම සූදානමින් සිටින්නේ ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය ලබා ගැනීමේ බලාපොරොත්තුව ද සමඟිනි. 

අනපේක්ෂිත ලෙස පසුගිය සතියේ දී සිය නිජබිමේ දී ම අමානූෂීය ලෙස මහනුවර ක්‍රීඩා සමාජයෙන් පහර කෑමෙන් අනතුරුව හැව්ලොක් ක්‍රීඩා සමාජය CR&FC කණ්ඩායම සමඟ සටන් කිරීමට සූදානමින් සිටියි.

ඒ, මේ සතියේ තරගයෙන් CR&FC කණ්ඩායම හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව පරාජය වී පොලිස් ක්‍රීඩා සමාජය ගුවන් හමුදාවට එරෙහිව ජය ගන්නවා නම් CR&FC කණ්ඩායමට ලකුණු සටහනේ පසුපසට යෑමට සිදු වන නිසාවෙනි.

නමුත් හැව්ලොක් ක්‍රීඩා සමාජය CR&FC කණ්ඩායමට එරෙහිව පරාජය වෙමින් පොලිස් ක්‍රීඩා සමාජය ගුවන් හමුදාවට එරෙහිව ජය ගන්නවා නම් හැව්ලොක් ක්‍රීඩා සමාජයටත් ලකුණු සටහනේ පසුබැසීමට සිදු වනු ඇත.

නමුත් හැව්ලොක් ක්‍රීඩා සමාජය කොතෙක් පසු බැස සිටියත් CR&FC කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන මැතීස් කුසලාන තරගවල දී දක්ෂ ලෙස ක්‍රීඩා කිරීම සැලකිය යුතු කරුණකි.

පසුගිය තරග වාර තුනක දී පැවති මැතීස් කුසලාන තරග 6න් 5ක දී ම ජයග්‍රහණය කරන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්ව තිබීම විශේෂත්වයකි.

පසුගිය තරග වාර තුනේ දී CR&FC කණ්ඩායම හා හැව්ලොක් කණ්ඩායම අතර පැවැත්වුණු මැතීස් කුසලාන තරග 6 දී ලකුණු තත්වයන් පහතින්.

2016/17 තරග වාරය –

  • පළමු වටය – හැව්ලොක් ? 10 – 06 CR&FC 
  • දෙවැනි වටය – CR&FC 10 – 31 හැව්ලොක් ?

2017/2018 තරග වාරය –

  • පළමු වටය – CR&FC 30 – 35 හැව්ලොක් ?
  • දෙවැනි වටය – හැව්ලොක් ? 30 – 22 CR&FC 

2018/19 තරග වාරය –

  • පළමු වටය – CR&FC 22 – 31 හැව්ලොක් ?
  • දෙවැනි වටය – හැව්ලොක් ? 31 – 24 CR&FC 

කෙසේ නමුත්, මෙවර හැව්ලොක් සමාජයේ “අත්දැකීම් බහුල ක්‍රීඩකයින්” CR&FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන නිසාවෙන් මෙවර තරගයේ ප්‍රතිඵල කනපිට පෙරළිය හැකි බව සඳහන් කළ යුතුය. 

පසුගිය තරග වාරයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් විශාල සේවයක් කළ රීසා මුබාරක් CR&FC වෙනුවෙන් ක්‍රීඩා කිරීම හැව්ලොක් ක්‍රීඩා සමාජයට විශාල පාඩුවක් වුවත්, ඔවුන් සතුව සිටින ප්‍රින්ස් චාමර මේ වසරේ ඉතා හොඳින් දක්ෂතා අතරට පැමිණීම හැව්ලොක් කණ්ඩායමට වාසියක් වී ඇත.

CR&FC කණ්ඩායමේ නායක ඔමල්ක ගුණරත්නට මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේ දී එතරම් දස්කම් පෙන්වීමට අවකාශයක් ලැබුණේ නැත. ඒ ඔහු සමඟ කරටකර ගැටෙන්නට මහනුවර ක්‍රීඩා සමාජයේ බුවනෙක උඩන්ගමුව සමත් වීම නිසාවෙනි. නමුත් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ No. 8 ක්‍රීඩක ලසිඳු කරුණාතිලකට මෙම තරගය ඉතා තීරණාත්මක වනු ඇත. 

කණ්ඩායම් දෙකේම ඉදිරිපෙළ ඉතා ශක්තිමත් ලෙස ක්‍රීඩාවේ නිරත වන අතර ඊට සමානව පසුපෙළත් ඉතා හොඳින් දක්ෂතා පෙන්වමින් සිටියි. පසුපෙළින් ජනිදු ඩිල්ශාන්ට සමානව අසිත ගයාෂාන් දස්කම් දක්වන අතර Full Back ස්ථානයෙන් රීසා මුබාරක්ට සමානව ප්‍රින්ස් චාමර දස්කම් දක්වමින් සිටියි.

පාසල් රග්බි පිටියට නව කණ්ඩායමක්!

ශ්‍රී ලංකාවේ පාසල් රග්බි පිටියට නව අභියෝගයක් ……..

කෙසේ කෙසේ වෙතත් මේ සති අන්තයේ දී මෙම කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමකට පරාජය වී ලකුණු සටහනේ පසු බැසීමට සිදු වනු ඇත. එසේත් නැත්නම් තරගය ජය පරාජයකින් තොරව අවසන් වී පොලිස් ක්‍රීඩා සමාජය ගුවන් හමුදාවට එරෙහිව ජය ගන්නවා නම් කණ්ඩායම් දෙකටම පසු බැසීමට සිදු වනු ඇත.

ඩයලොග් රග්බි ලීගයේ හයවැනි සතිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාලෝලීන් සියලු දෙනාටම ඇති එකම ප්‍රශ්නය වන්නේ “මැතීස් කුසලාන ජය කාට ද?!” යන්නයි. සැබැවින්ම මෙවර තරගයේ ජයග්‍රහණය කාහට ද?

තරගාවලියේ සජීව විකාශය හා සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<