යුධ පෙළහර හමුවේ ගුවන් හමුදාව අසරණ වෙයි

88
Dialog Rugby League

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ පළමු තරගයෙන් ලකුණු 28 – 13ක් ලෙස විශිෂ්ට ජයක් අත්පත් කරගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය අද දිනයේ දී සමත් විය. ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ සත්කාරක ගුවන් හමුදා ක්‍රීඩා සමාජය යි. 

යෝශිත රාජපක්ෂ නැවතත් රාජකාරියට වාර්තා කරයි

ශ්‍රී ලංකා හිටපු රග්බි නායක හා නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් ඩයලොග් අන්තර් සමාජ ලීග් ශූරයෙකු වූ

පළමු වටයේ දී අපේක්ෂා කළ අන්දමේ සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම අපොහොසත් වූවත් දෙවන වටයේ දී සෙසු කණ්ඩායම් වලට අභියෝගයක් වෙමින් යම් පෙරළියක් සිදු කිරීමේ අටියෙන් සත්කාරකයින් තරගයට අවතීර්ණ විය. 

ඔවුන්ගේ එම අධිෂ්ඨානශීලී ආරම්භයට ප්‍රබල පිළිතුරක් ලබා දුන් යුධ හමුදා ක්‍රීඩක චමත් ප්‍රනාන්දු තමන්ට ලැබුනු පහසු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කළේය. (යුධ 03 – 00 ගුවන්) 

තරමක් පසුබැස සිට ගුවන් හමුදා බලඝණයට නව පණක් ලබා දුන් ගයන්ත ඉද්දමල්ගොඩ යුධ හමුදා ක්‍රීඩකයෙකුට එරෙහිව විනිසුරුතුමන් ලබා දුන් කහ කාඩ්පතේ වාසිය හිමිකර ගත්තේ දඬුවම් පහරේ ලකුණු ත්‍රිත්වය කණ්ඩායමේ ගිණුමට හර කරමිනි.  (යුධ 03 – 03 ගුවන්) 

පැවති කර්කශ කාළගුණික තත්වයන් යටතේ වුවද ක්‍රීඩකයින් කෙසේ හෝ තමන්ට හැකි උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට ඇප කැප වී සිටිනු දැකගැන්නට ලැබුනි. නමුත් ඇතැම් අවස්ථාවන්හි දී ක්‍රීඩකයින් ආබාධයන්ට ගොදුරු වීම සහ කෙටි විවේක කාලයන් කිහිපයක් සඳහා තරගය නතර කිරීම තරගයේ අඛණ්ඩතාවය රැක ගැනීමට බාධාවක් බවට පත්විය. 

පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් ධවල රේඛාව අභිබවා ගමන් කිරීමේ භාග්‍ය උදාකර ගැනීමට යුධ හමුදා කණ්ඩායම සමත්කම් දැක්වූ අතර ෆීජි ක්‍රීඩක ටොමාසිගේ වෑයම මල්ඵල ගන්වමින් එයට වටිනාකමක් එක්කළ මධුෂ්ක චන්ද්‍රසේකර එම උත්සාහක දිනුමේ හිමිකාරත්වය තම නම ඉදිරියේ සටහන් කරගත්තේය. (යුධ 08 – 03 ගුවන්) 

DRL නවවැනි සතිය – හිටපු මහනුවර නායකයා නුවර බලකොටුව බිඳ දමයි ද?

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නවවැනි සතියේ තරග හෙට (30) සිට ඉරිදා

සටන්කාමී තරග රටාවකට අවතීර්ණ වෙමින් පීඩනය නැවතත් යුධ හමුදා කණ්ඩායම දෙසට එල්ල කිරීමට ගුවන් භටයින් දැඩි ප්‍රයත්නයක නිරත වූ අතර ඒ ඇවෑමෙන් දඬුවම් පහරක් සාර්ථකව ගෝල කණු අතරින් යොමු කළ ගයන්ත ඉද්දමල්ගොඩ විවේක කාලයට මත්තෙන් ලකුණු පරතරය 2ක් දක්වා අඩු කිරීමට සමත් වූවේය.  (යුධ 08 – 06 ගුවන්) 

පළමු අර්ධය : ගුවන් හමුදාව 06 (2P) – 08 (1T,1P) යුධ හමුදාව 

දෙවන අර්ධයේ දී තම අණසක පතුරවමින් තරගයේ පාලනය තමන් සතුකර ගැනීමේ අරමුණින් ගුවන් ක්‍රීඩකයින් තරග බිමට පිවිසයත් ඔවුන්ගේ බලාපොරොත්තු සුංකර දැමීමට ෆිජී ක්‍රිඩක ටොමෝසි කකුසුවා සමත් වූයේ ධනුෂ්ක තලවත්තගේ අගනා ධාවනයට සාධාරණයක් ඉටු කරමින් වාර්තා කළ අලංකාර උත්සාහක දිනුමත් සමඟිනි. (යුධ 13 – 06 ගුවන්) 

ගුවන් හමුදාවේ පිරිස් බලය 14 දක්වා පහතට ඇඳ වැටුනු මොහොතක දී කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේ වගකීම තම උර මතට ගත් ෆිජී ක්‍රීඩක ජේම්ස්, දැකුම්කළු ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් යුධ හමුදාවට සංග්‍රහ කළේ කණ්ඩායම් දෙකේ ලකුණු පරතරය ශූන්‍ය කරමිනි. (යුධ 13 – 13ගුවන්) 

තරගයේ පළමු භාගයේ දී යුධ හමුදා කණ්ඩායම තමන්ට ලැබුනු Line-out අවස්ථාවන් කිහිපයක්ම නොසැලකිලිමත්කම නිසාවෙන් ගුවන් හමුදා ක්‍රීඩකයින් වෙත පූජා කළහ. එම අත්වැරදීම පිළිබඳව නිවැරදිව අවබෝධ කරගත් ඔවුන් එය ප්‍රබල අවියක් ලෙස යොදා ගනිමින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළේ ගුවන් හමුදා කණ්ඩායමේ ජයග්‍රාහී සිහින සියල්ලන්ම බොඳ කර හරිමිනි. 

උත්සාහක දිනුම් රේඛාව පසුකොට යමින් සාර්ථක අවසානයක් කරා යුධ හමුදා කණ්ඩායම රැගෙන යාමට අශාන් බණ්ඩාර, අරවින්ද කරුණාරත්න, සචින් ගමගේ තුන්කට්ටුව ඍජු දායකත්වයක් සැපයූ අතර තරගය පුරාවට යුධ හමුදා ක්‍රීඩකයින් හට උදා වූ එකඳු ප්‍රවර්තන අවස්ථාවක්වත් සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වීමද මෙහිදී කැපි පෙනුනි. 

අවසන් ලකුණු තත්වය : ගුවන් හමුදාව 13 (1T,1C,2P) – 28 (5T,1P) යුධ හමුදාව 

පොලිසියට තවත් ෆීජී සහයක්

ආබාධයකට ලක්ව සිටින ඉමොසි වුනිවෝසා වෙනුවට තවත් ෆීජී ක්‍රීඩකයෙකු වන

Thepapare.com තරගයේ වීරයා – ටොමාසි කකුසුවා (යුධ හමුදා ක්‍රීඩා සමාජය) 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ: 

ගුවන් හමුදාව – ජේම්ස් ටුටෙවූයා (1T), ගයන්ත ඉද්දමල්ගොඩ (2P,1C)

යුධ හමුදාව – මධුෂ්ක චන්ද්‍රසේකර (1T), ටොමාසි කකුසුවා (1T), අශාන් බණ්ඩාර (1T), අරවින්ද කරුණාරත්න (1T), සචින් ගමගේ (1T), චමත් ප්‍රනාන්දු (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<