නව පණක් ලැබූ නාවිකයෝ පොලිසිය හඬවයි

70
Police SC v Navy SC

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අද (2) පැවති තරගයකින් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 44-24ක් ලෙස පරාජය කරන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් වුනා. තරගය පැවැත්වුණේ කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දීයි.

හැව්ලොක් අසාර්ථක කරමින් CR ජයකෙහෙලි නංවයි

පෙර තරගවල දී මදක් පසුබෑමට ලක්ව සිටි නාවික හමුදා ක්‍රීඩා සමාජය මේ තරගයට සුපිරි ආරම්භයක් ලබා ගන්නට සමත් වුනේ චතුර සෙනෙවිරත්නගේ උත්සාහයෙන්. 

ඔහු තරගය ආරම්භයත් සමඟ 5 වැනි මිනිත්තුවේ දී පිටියේ දකුණු කෙළවරින් ධවල රේඛාව ඉක්මවා ගියා. ඉසුරු කෝන්ගහවත්ත හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට හැකියාවක් නොලැබුනත්, 8 වැනි මිනිත්තුවේ ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට කෝන්ගහවත්ත සමත් වුනා. (නාවික 08-00 පොලිස්)

එක් මිනිත්තුවකට එක් ලකුණු බැගින් හඹා යන්නට ප්‍රබල  ආක්‍රමණයක් දියත් කළ නාවිකයෝ 14 වැනි මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ සමිත් ධනංජයගේ උත්සාහයෙන්. අදීශ වීරතුංගගේ පන්දු යොමු කිරීමකින් එම උත්සාහක දිනුම වාර්තා වෙද්දී, කෝන්ගහවත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (නාවික 15-00 පොලිස්)   

පොලිස් ක්‍රීඩක සචිත් සිල්වා ආබාධයකට ලක්වූ අතර එය ඔවුන්ට තරගය පුරාවට මහත් අවාසියක් වුනා. දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු නාවික ඉදිරිපෙළ 24 වැනි මිනිත්තුවේ දී නැවත වරක් ධවල රේඛාව ඉක්මවා ගියේ සුපුන් දිල්ශාන්ගේ නමට උත්සාහක දිනුමක් සටහන් කරමින්. පොලිස් ක්‍රීඩකයෝ කබලෙන් ලිපට ඇද දමමින් ඉසුරු එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගත්තා. (නාවික 22-00 පොලිස්)

මෙතෙක් වෙලා නිද්‍රාවේ සිටි පොලිස් ක්‍රීඩකයින් එම උත්සාහක දිනුමට ක්ෂණික ප්‍රතිචාරයක් දැක්වූ අතර Rolling maul අවස්ථාවක සිට පන්දුව රැගෙන යමින් වගීෂ වීරසිංහ පළමු පොලිස් උත්සාහක දිනුම වාර්තා කරගන්නට සමත් වුනා. නලින් කුමාර පන්දුව ගෝල කණු අතරින් ගුවන්ගත කළා. (නාවික 22-07 පොලිස්)

යුධ පෙළහර හමුවේ ගුවන් හමුදාව අසරණ වෙයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ පළමු තරගයෙන් ලකුණු

නැවත තරගය ආරම්භ වීමෙන් අනතුරුව පොලිස් ක්‍රීඩකයින් අන්දමන්ද කරමින් මුෂීන් ෆලීල් ක්‍රියාත්මක වුනා. පොලිස් ක්‍රීඩකයින් හතර දෙනෙකු නොමඟ යවමින් විශිෂ්ට ධාවනයක යෙදුණු ඔහු අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළා. ඉසුරු, ෆලීල්ගේ මහන්සියට උපරිම සාධාරණය ඉටු කළේ අලංකාර පා පහරකින්. (නාවික 29-07 පොලිස්)

නැවත වරක් තරගය ආරම්භ කිරීමෙන් පසුව පොලිස් ක්‍රීඩකයින් දැවැන්ත අතපසුවීමක් සිදු කළ අතර පන්දුව පොලිස් ක්‍රීඩකයින්ගෙන් සියතට ගත් චතුර සෙනෙවිරත්න මීටර 50ක සුපිරි ධාවනයක් යෙදෙමින් සිය දෙවන උත්සාහක දිනුම සම්පූර්ණ කර ගත්තා. 

පළමු අර්ධය ලකුණු සමඟින් අවසන් කරන්නට පොලිස් ක්‍රීඩකයින් දැඩි වෙහෙසක් දැරූ අතර ශාන් අකිල එම බලාපොරොත්තුව ඉටු කළේ පිටියේ වම් කොණෙන් ධවල රේඛාව ඉක්මවා යමින්. 

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 34 – 12 පොලිස් ක්‍රීඩා සමාජය

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ උත්සාහක දිනුම් වැස්සට සාර්ථක පිළිතුරක් දෙමින් පොලිස් ක්‍රීඩා සමාජය දෙවන අර්ධය ලකුණු සමඟින් ආරම්භ කළා. ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ දැඩි මහන්සියට උපරිම සාධාරණය ඉටු කරමින් රසිත් සිල්වා 47 වැනි මිනිත්තුවේ දී එම උත්සාහක දිනුම වාර්තා කළ අතර නලින් කුමාර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (නාවික 34-19 පොලිස්)

55 වැනි මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වුණු මුෂීන් ෆලීල් ස්ක්‍රම් අවස්ථාවකින් ලැබුණු පන්දුව රැගෙන සුපිරි ධාවනයක යෙදී සිය දෙවන උත්සාහක දිනුම සම්පූර්ණ කර ගත්තා. කෝන්ගහවත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (නාවික 41 – 19 පොලිස්)

යෝශිත රාජපක්ෂ නැවතත් රාජකාරියට වාර්තා කරයි

නැවත තරගයට පිවිසීමට උත්සාහ කළ පොලිස් කණ්ඩායම වෙනුවෙන් මුඅම්මර් ඩීන් උත්සාහක දිනුමක් වාර්තා කළත්, නාවික හමුදා දැවැන්ත ලකුණු පුවරුව ඉදිරියේ එම උත්සාහක දිනුම ප්‍රමාණවත් වුනේ නැහැ.

63 වැනි මිනිත්තුවේ දී ඉසුරු කෝන්ගහවත්ත තවත් දඬුවම් පහරකින් ලකුණු තුනක් නාවික හමුදා ක්‍රීඩා සමාජයට එකතු කරද්දී, නාවිකයෝ කලකට පසුව දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 44 (6T, 2P, 4C ) – 24 (4T, 2C) පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා – මුෂින් ෆලීල් (නාවික හමුදා)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • නාවික හමුදා – චතුර සෙනෙවිරත්න (2T), මුෂීන් ෆලිල් (2T), සමිත් ධනංජය (1T),  සුපුන් දිල්ශාන් (1T), ඉසුරු කෝන්ගහගේ (2P, 4C)
  • පොලිස් – වගීෂ වීරසිංහ (1T), ශාන් අකිල (1T), රසිත් සිල්වා (1T), මුඅම්මර් ඩින් (1T), නලින් කුමාර (2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<