නිත්තවෙලට ගිය CR ක්‍රීඩකයන් හිස් අතින් ගෙදර යයි

91
Dialog Rugby

අපරාජිත මහනුවර කණ්ඩායම 12 වන සති අන්තයත් ජයග්‍රහණයකින් අවසන් කරමින් ලකුණු 39 – 15ක් ලෙස CR&FC ක්‍රීඩා සමාජය පරාජය කරන්නට සමත් වුනා. තරගය පැවැත්වුනේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දීය. 

CH අමතර ප්‍රසාද ලකුණක් සමඟින් ගුවන් හමුදාව පරාජය කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH&FC කණ්ඩායම සහ ගුවන් හමුදා

තරගයට සුපිරි ආරම්භයක් ලබා දෙමින් 03 වන මිනිත්තුවේ දී මහනුවර Wing ක්‍රීඩක බුද්ධිම පියරත්න ධවල රේඛාව ඉක්මවා ගියේ නයිජල් රත්වත්ත ගේ අලංකාර පන්දු හුවමාරු කිරීමකට පසුවයි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට තරින්ද රත්වත්ත හට හැකියාවක් ලැබුනේ නැහැ. (මහනුවර 05 – 00 CR&FC) 

එතැන් පටන් කණ්ඩයම් දෙකම අතපසුවීම් රාශියක් සිදුකළ අතර තරගය වරින් වර නවත්වන්නට ද විනිසුරුට සිදුවුනා. CR&FC කණ්ඩායම ඔවුන්ගේ උත්සාහක දිනුම් සීමාව ආසන්නයේ දීම ලැබුනු දඬුවම් පහර තුනක් උත්සාහක දිනුම් බවට පරිවර්තනය කරන්නට උත්සාහ කළ නමුත් මහනුවර ආරක්ෂක වළල්ල ඔවුන්ට සාර්ථක වෙන්නට ඉඩක් ඉතිරි කළේ නැහැ. කෙසේ වෙතත් මුර්ශිඩ් සුබයිර් තරගයේ 27 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් ගෝල කණු අතරින් පා කර යැව්වේ CR ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්. (මහනුවර 05 – 03 CR&FC) 

පළමු අර්ධය නිමා වීමට මොහොතකට පෙර නැවත වතාවක් ක්‍රියාත්මක වෙමින් මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු රැස්කළේ බුවනෙක උඩන්ගමුව ගේ සුරතින්. උඩන්ගමුව හා CR නායක ඔමල්ක ගුණරත්න අතර පැවති අලංකාර ද්වන්දව සටනකට පසුව බුවනෙක පිටියේ දකුණු පස කෙළවරින් ලකුණු රැස් කරන්නට සමත් වුනා. (මහනුවර 10 – 03 CR&FC) 

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 10 – 03 CR&FC ක්‍රීඩා සමාජය 

නාවිකයන්ගේ තියුණු ජයග්‍රහණයට නැවතත් වාසනාව හරස් වෙයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 12 වැනි සතියේ තරග අද (21) ආරම්භ විය.

තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ පළමු අර්ධයේ වැරදි හදා ගනිමින් මහනුවර ක්‍රීඩා සමාජය සුපුරුදු ක්‍රීඩා විලාසයට අවතීර්ණ වුනේ උත්සාහක දිනුම් වර්ෂාවක් සමඟින්. මහනුවර ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ දැඩි ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසයේ සහයෙන් දමිත් දිසානායක 45 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියා. අද දිනය පුරා පන්දුවට පා පහර දීමේ දී එතරම් දස්කම් නොපෙන්වූවත් තරින්ද රත්වත්ත එහි ප්‍රවර්තනය නම් සාර්ථක කර ගත්තා. (මහනුවර 17 – 03 CR&FC) 

මහනුවර ක්‍රීඩක සුහිරු ඇන්තනි හට කහ කාඩ්පතක් ලබා දෙන්නට විනිසුරු තීරණය කළ අතර එහි උපරිම වාසිය ලබා ගත් CR&FCඉදිරිපෙළ ක්‍රීඩක සුපුන් වර්ණකුලසූරියගේ සුරතින් වටිනා උත්සාහක දිනුමක් වාර්තා කළේ CR කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කරමින්. එහි ප්‍රවර්තනය නම් සාර්ථක වුනේ නැහැ. (මහනුවර 17 – 08 CR&FC) 

තරගයේ වැදගත් සංධිස්ථානයක් සටහන් කරමින් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට භයානක බාධා කිරීමක් සිදු කිරීම නිසා ඔමල්ක ගුණරත්න හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු තීරණය කළා. එහි උපරිම ප්‍රයෝජනය ගත් දමිත් දිසානායක සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් සමඟ උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමින් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළා. තරින්ද රත්වත්ත එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගත්තා. (මහනුවර 24 – 08 CR&FC) 

ඊට මිනිත්තු දෙකකට පසුව එනම් තරගයේ 69 වන මිනිත්තුවේ දී CR&FC ක්‍රීඩකයෙකුට රැක ගැනීමට නොහැකිව බිම වැටුනු පන්දුව රැකගත් ශ්‍රීනාත් සූරියබණ්ඩාර වේගවත් ධාවනයක යෙදී පහසුවෙන් උත්සාහක දිනුමක් තමන්ගේ නමට ලියා ගත්තා. එහි ප්‍රවර්තනය නම් සාර්ථක වුනේ නැහැ. (මහනුවර 29 – 08 CR&FC) 

තරගය CR කණ්ඩායමෙන් මදක් ඉවතට ඇදී ගොස් තිබුනත් මහනුවර ක්‍රීඩක මොහොමඩ් ශාබීර් ට ලැබුනු කහ කාඩ්පතකින් උපරිම වාසිය ගත් කෙවින් ඩික්සන් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළා. ඔහු සිය වේගයෙන් ප්‍රතිවාදීන් මර්ධනය කර ක්ෂණිකව ධවල රේඛාව ඉක්මවා යන විට රීසා රෆායිදින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (මහනුවර 29 – 15 CR&FC) 

තරගයේ වාසනාවන්තම උත්සාහක දිනුම හිමි වුනේ බුවනෙක උඩන්ගමුවගේ සොයුරු බවන්ත උඩන්ගමුව හටයි. සිය මංගල තරගයේ පිටියට පැමිණ සුළු මොහොතකින්ම ගෝල කණු ආසන්නයේ දීම ඔහුට පන්දුව ලැබුනු අතර ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් ඔහු ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙදෙනෙකු අතරින් රිංගා යමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළා. තරින්ද රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (මහනුවර 36 – 15 CR&FC) 

තරගය අවසන් වීමට පෙර මහනුවර කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර හොඳින් කාලය ප්‍රයෝජනයට ගනිමින් තරින්ද රත්වත්ත එම අවස්ථාව සාර්ථක කර ගත්තේ CR&FC කණ්ඩායමට වේදනාකාරී පරාජයක් අත්කර දෙමින්. (මහනුවර 39 – 15 CR&FC) 

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය (6T, 1P, 3C) 39 – 15 (2T, 1P, 1C) CR&FC ක්‍රීඩා සමාජය 

පොලිස් බලය හමුවේ යුධ සේනාංකය පසු බසියි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තීරණාත්මක තරගයක්

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ: 

මහනුවර ක්‍රීඩා සමාජය – දමිත් දිසානායක (2T), බුද්ධිම පියරත්න (1T), බවන්ත උඩන්ගමුව (1T), බුවනෙක උඩන්ගමුව (1T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), තරින්ද රත්වත්ත (1P, 3C) 

CR&FC ක්‍රීඩා සමාජය – සුපුන් වර්ණකුලසූරිය (1T), කෙවින් ඩික්සන් (1T), මුර්ශිඩ් සුබයිර් (1P), රීසා රෆායිදින් (1C) 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න රග්බි පිටුවට <<