අසාර්ථක ප්‍රවර්තන මැදින් පොලිස් වැටලීම සාර්ථකයි!

62

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තවත් තරගයක් පොලිස් ක්‍රීඩා සමාජය සහ CH&FC අතර අද (03) පොලිස් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි දී ලකුණු 36-22ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ පොලිස් ක්‍රීඩා සමාජයයි.

මහනුවර – CR සටන! තරගාවලියේ පළමු පරාජය කාට ද?

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තරග එළඹෙන සිකුරාදා (03) සහ සෙනසුරාදා (04)…..

තරගයේ දෙවැනි විනාඩියේ දී පොලිස් ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකට CH&FCට දඬුවම් පහරක් හිමි වූ අතර හිරුෂ සම්පත්ට එය සාර්ථක කරගැනීමට නොහැකි විය.

තරගයේ 7 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ඉමොසි වුනිවොසා වේගවත් ධාවනයක නිරත වෙමින් පොලිස් ක්‍රීඩා සමාජයට වසරේ පළමු උත්සාහක දිනුම වාර්තා කර දෙන්නට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සචිත් සිල්වාට නොහැකි විය. (පොලිස් 05-00 CH&FC)

තරගයේ 20 වැනි විනාඩියේ දී CH&FC ක්‍රීඩක ප්‍රසාද් මදුසංක පන්දුව සජිත් සාරංග අතට පන්දුව පත් කළ අතර එයින් කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට ඔහු සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට හිරුෂ සම්පත් අසමත් විය. (පොලිස් 05-05 CH&FC)

තරගයේ 27 වැනි විනාඩියේ දී ක්‍රීඩකයෙකු අනාරක්ෂිතව මෙල්ල කිරීමේ වරදට විනිසුරු පොලිස් ක්‍රීඩා සමාජයේ ජනිත් චානකට කහ කාඩ්පතක් නිකුත් කළේය.

තරගයේ පළමු අර්ධයේ අවසන් විනාඩියේ දී ක්‍රියාත්මක වූ ප්‍රසාද් මදුසංක CH&FC කණ්ඩායමේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූ අතර මෙවර ද අතිරේක ලකුණු ඊට එකතු වූයේ නැත. (පොලිස් 05-10 CH&FC)

ප්‍රථම අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 05 – 10 CH&FC කණ්ඩායම

තරගයේ 43 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ජනිත් චන්දිමාල් දෙවැනි අර්ධයේ පළමු උත්සාහක දිනුම පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද ඔහුට සාර්ථක කරගැනීමට හැකි විය. (පොලිස් 12-10 CH&FC) 

නැවතත් තරගයේ 48 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩා සමාජයේ ඉමොසි වුනිවොසා තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. (පොලිස් 19-10 CH&FC) 

“Line Out” අවස්ථාවක දී අනාරක්ෂිතව ක්‍රීඩා කිරීමේ වරදට විනිසුරු CH&FC කණ්ඩායමේ මතීෂ සරත්චන්ද්‍රට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේය. 

තරගයේ 64 වැනි විනාඩියේ දී ඉරෝෂන් සිල්වා පොලිසිය වෙනුවෙන් තරගයේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (පොලිස් 24-10 CH&FC) 

සුපිරි ක්‍රිකට් තරු දෙකකට All Blacks වරම්

රග්බි පිටියේ දී පමණක් නොව ක්‍රිකට් තරග බිමේ දී ද තම හැකියා දක්ෂතාවන් එක හා සමානව ලෝකයා ඉදිරියේ විද්‍යාමාන…..

තරගයේ 68 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ CH&FC කණ්ඩායමේ සත්‍ය රණතුංග ඉදිරිපෙළ ශක්තිමත්භාවය විදහා පාමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සුදම් සූරියආරච්චි සමත් විය. (පොලිස් 24-17 CH&FC) 

තම වේගය මනා ලෙස පාලනය කරමින් වේගවත් ධාවනයක නිරත වූ ජනිත් චානක පොලිස් කණ්ඩායම වෙනුවෙන් තරගයේ 70 වැනි විනාඩියේ දී අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සචිත් සිල්වා සමත් විය. (පොලිස් 31-17 CH&FC) 

තරගයේ 72 වැනි විනාඩියේ දී විනිසුරු තීරණ නොතකා ක්‍රීඩාවේ නිරත වීම හේතුවෙන් විනිසුරු පොලිස් ක්‍රීඩා සමාජයේ ඉමොසි වුනිවොසාට කහ කාඩ්පතක් නිකුත් කළේය.

තරගයේ 74 වැනි විනාඩියේ දී CH&FC ක්‍රීඩක දුෂ්මන්ත ප්‍රියදර්ශන පොලිස් ක්‍රීඩකයින් අතරින් ධාවනයක යෙදෙමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (පොලිස් 31-22 CH&FC) 

නැවතත් තරගයේ 76 වැනි විනාඩියේ දී පහසුවෙන් CH ධවල රේඛාව පසුකර යාමට පොලිස් නායක ඉරෝෂන් සිල්වා සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක වූ නමුත් පොලිස් ක්‍රීඩා සමාජය තරගය ජයග්‍රාහීව නිමා කරන්නට සමත් විය. (පොලිස් 36-22 CH&FC) 

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 36 – 22 CH&FC කණ්ඩායම

  • ThePapare.com තරගයේ වීරයා – ඉරෝෂන් සිල්වා (පොලිස් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • පොලිස් – ඉමොසි වුනිවොසා 2T, ජනිත් චානක 1T, ඉරෝෂන් සිල්වා 2T 1C, ජනිත් චන්දිමාල් 1T 2C.   
  • CH&FC – සජිත් සාරංග 1T, ප්‍රසාද් මදුසංක 1T, සත්‍ය රණතුංග 1T, දුෂ්මන්ත ප්‍රියදර්ශන 1T, සුදම් සූරියආරච්චි 1C.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<