නාවිකයෝ පළමු වතාවට ජය පැන් බොති

63

ක්‍රීඩකයින් 14 දෙනෙකුට සිමා වුණු ගුවන් හමුදා කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමින් වැලිසර දී ගුවන් හමුදාව ලකුණු 24-1 ක් ලෙස පරාජය කරන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය අද (3) සමත් වුනා. ඒ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තරගයක දීයි.

අසාර්ථක ප්‍රවර්තන මැදින් පොලිස් වැටලීම සාර්ථකයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තවත් තරගයක් …

මෙම තරගයේ දී නාවික හමුදාව විසින් වැදගත් වෙනස්කම් කිහිපයක්ම සිදු කර තිබුණු අතර අමිත් ගුණසිංහ, සුපුන් පිරීස් හා චමිත් මදුශංක අද තරග කිරීම විශේෂත්වයක්. කණ්ඩායම් දෙකම මේ තරගය වන තුරුම මෙවර තරගාවලියේ එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කරගෙන තිබුණේ නැහැ.

14 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු නාවිකයින් වෙනුවෙන් මුෂින් ෆලීල් සුපිරි ධාවනයක නිරත වුණු අතර චරිත් සිල්වා ධවල රේඛාව ඉක්මවා ගියේ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්. චතුර සෙනෙවිරත්න හට ගෝල කනු අසල සිටම ප්‍රවර්තනය මඟහැරීම අවාසනාවක් වුනා. (නාවික 05-00 ගුවන්)

නාවිකයින් දිගින් දිගටම ගුවන් සෙබළුන්ට ප්‍රහාර එල්ල කළ අතර නොම්මර අට ක්‍රීඩක රදීෂ සෙනෙවිරත්න ප්‍රතිවාදීන් මැඩලමින් නාවික හමුදාව වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කළා. ඉසුරු කෝන්ගහවත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (නාවික 12-05 ගුවන්)

කෙසේ වෙතත් නැවත තරගයට අවතීර්ණ වුණු ගුවන් හමුදා ක්‍රීඩකයෝ වරක් නොව දෙවක්ම පරාක්‍රම රත්නායකගේ සුරතින් ලකුණු රැස් කළේ තරගයේ පෙරමුණ තමන්ට ලියා ගනිමින්. ගයන්ත ඉද්දමල්ගොඩ මීටර 15 සීමාවේ සිට ප්‍රවර්තන දෙකම සාර්ථක කර ගත්තා.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 12 (2T, 1C) – 14 (2T, 2C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

නාවික හමුදාව දෙවන අර්ධය ආරම්භයත් සමඟම ක්‍රියාත්මක වුනේ කිසිවෙකුත් නොසිතූ ලෙසයි. නායක රිචි ධර්මපාල ඉක්මන් දඬුවම් පහරකින් ලබා ගත් පන්දුව චරිත් සිල්වා වෙත ලබා දුන් අතර ඔහු ක්ෂණිකව උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යන්නට සමත් වුනා. කෝන්ගහවත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (නාවික 19-14 ගුවන්)

මහනුවර – CR සටන! තරගාවලියේ පළමු පරාජය කාට ද?

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තරග එළඹෙන…

තරගයේ අවසන් භාගයේ නාවික හමුදා ක්‍රීඩක නිරෝෂ් පෙරේරා සිව්වැනි නාවික හමුදා උත්සාහක දිනුම වාර්තා කළ අතර ඒ සමඟම නාවික හමුදා ක්‍රීඩා සමාජය සිය පළමු ජය වාර්තා කළා. මුෂින් ෆලීල් හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. 

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 24 (4T 2C) – 14 (2T 2C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය  

ඩයලොග් Viu තරගයේ වීරයා – චරිත් සිල්වා (නාවික)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ

  • නාවික හමුදා – චරිත් සිල්වා (2T), රදීෂ සෙනෙවිරත්න (1T), නිරෝෂ් පෙරේරා (1T), ඉසුරු කෝන්ගහවත්ත (2C)
  • ගුවන් හමුදා – පරාක්‍රම රත්නායක (2T), ගයන්ත ඉද්දමල්ගොඩ (2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<