හැව්ලොක් ප්‍රහාරයෙන් යුධ හමුදාවට අසාධ්‍යයි

70

සිය අපරාජිත වාර්තාව දිගින් දිගටම පවත්වා ගනිමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය අද (4) ලකුණු 25-17ක් ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරන්නට සමත් වුනා. තරගය පැවැත්වුණේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දීයි.

ලොංග්ඩන් ගිනියම් කරමින් මහනුවරට ජය

2019/20 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ පස්වැනි සතියේ තරග පසුගිය දා ආරම්භ විය….

ගයාන් සාලින්ද හා ධනුෂ්ක තල්වත්ත මේ තරගයේ දී නැවතත් යුධ හමුදා ක්‍රීඩා සමාජය සමඟ එක්වුණු අතර සුදාරක දික්කුඹුර ද කණ්ඩායම හා එක්ව සිටීම විශේෂත්වයක් වුනා.

සංචාරක හැව්ලොක් කණ්ඩායමට වෙනුවෙන් ගණිඳු ලක්ෂාන් හා ශෝකට් ලාහිර් ආබාධයක් නිසා අද තරගයට සහභාගී වුනේ නැහැ.

25 වැනි මිනිත්තුවේ දී සෑහෙන උත්සාහයකින් පසුව තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට හැව්ලොක් ක්‍රීඩකයෝ සමත් වුනා. සන්දේශ් ජයවික්‍රම පන්දුවට පා පහර දී පන්දුව ඉදිරියට යොමු කළ අතර අසිත ගයාශාන් පන්දුව රැකගෙන නැවත වරක් ඉදිරියට පා පහර දී පන්දුව කරගෙන තරගයේ පළමු උත්සාහක දිනුම රැස් කළා. ප්‍රින්ස් චාමර තරගයේ අමතර ලකුණු ද එකතු කළා. (යුධ 00-07 හැව්ලොක්)

හැව්ලොක් කණ්ඩායම හට හිමි වුනු දඬුවම් පහරක් ඔවුන් සාර්ථක කර ගත් අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව සචින් ගමගේ යුධ හමුදාව වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළා. ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ ලකුණු පරතරය අඩු කරමින්. (යුධ 07-10 හැව්ලොක්)

නාවිකයෝ පළමු වතාවට ජය පැන් බොති

ක්‍රීඩකයින් 14 දෙනෙකුට සිමා වුණු ගුවන් හමුදා කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමින් වැලිසර දී ගුවන් හමුදාව ලකුණු…

යුධ හමුදාවට ප්‍රබල පීඩනයක් එල්ල කළ හැව්ලොක් ක්‍රීඩකයින් වෙනුවෙන් දිලංක පෙරේරා පළමු අර්ධය නිමා වීමට පෙර නැවත වතාවක් ධවල රේඛාව ඉක්මවා යන්නට සමත් වුනා. ප්‍රින්ස් චාමර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා.

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 07 (1T, 1C) – 17 (2T 2C 1P) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ප්‍රින්ස් චාමර දෙවන අර්ධය ආරම්භයෙන් පසුව සිය දෙවන දඬුවම් පහරත් සාර්ථක කර ගත්තේ ලකුණු පරතරය තවත් ඉහළ දමමින්. (යුධ 07-20 හැව්ලොක්)

අනතුරුව කණ්ඩායම් දෙකම උත්සාහක දිනුම් වාර්තා කළේ කෙටි කාල පරාසයක් ඇතුළතයි. ධනුෂ්ක තල්වත්ත යුධ හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යද්දී සයාන් සාබාර් හැව්ලොක් වෙනුවෙන් ධවල රේඛාව තරණය කළා. කණ්ඩායම් දෙකටම අමතර ලකුණු එකතු කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. (යුධ 12-25 හැව්ලොක්)

අසාර්ථක ප්‍රවර්තන මැදින් පොලිස් වැටලීම සාර්ථකයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ…

සෑහෙන වතාවක් උත්සහ කිරීමෙන් අනතුරුව යුධ හමුදා ක්‍රීඩක තුසිත සේනානායක උත්සාහක දිනුමක් වාර්තා කර ගත් නමුත් ඔහුට තරගයේ ප්‍රතිඵලය නම් වෙනස් කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 17 (3T, 1C) – 25 (3T 2C 2P) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ඩයලොග් Viu තරගයේ වීරයා – අසිත ගයාශාන් (හැව්ලොක්)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ

  • යුධ හමුදාව – සචින් ගමගේ (1T), ධනුෂ්ක තල්වත්ත (1T), තුසිත සේනානායක (1T), ගයාන් සාලින්ද (1C)
  • හැව්ලොක් – අසිත ගයශාන් (1T), දිලංක පෙරේරා (1T), සයාන් සබාර් (1T), ප්‍රින්ස් චාමර (2C, 2P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<