හැව්ලොක් පිටියට ආ ආගන්තුකයින් අසරණයි!

91

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ එකොළොස්වැනි සතියේ තවත් තරගයක් හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CH&FC කණ්ඩායම අතර ඊයේ (14) හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී නිමාවට පත්වූයේ ලකුණු 40–37ක් ලෙස සත්කාරකයින් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

සහෘදයින් ගැටෙන රග්බි සංග්‍රාමය!

ඉසිපතන – තර්ස්ටන් සහෘදයින්ගේ රග්බි සංග්‍රාමය වන අබ්දුල් ජබ්බාර් පලිහ වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික රග්බි……

විදුලි පහන් ආලෝකය මධ්‍යයේ පස්වරු 6.30ට ආරම්භ වූ තරගයේ සුක්කානම තිබුණේ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතය. තරගයේ දෙවැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ හැව්ලොක් නායක මිතුන් හපුගොඩ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (හැව්ලොක් 07 – 00 CH&FC)

නැවතත් තරගයේ 4 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ “Center” ක්‍රීඩක දිනුෂන් ආරියපාල තම කණ්ඩායමේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සංදේශ් සමත් විය. (හැව්ලොක් 14 – 00 CH&FC)

CH ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමට විනිසුරු හැව්ලොක් ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කරගැනීමට සන්තුෂ් අල්ගම සමත් විය. (හැව්ලොක් 17 – 00 CH&FC)

තරගයේ 21 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ CH Hooker ක්‍රීඩක ප්‍රසාද් චතුරංග පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (හැව්ලොක් 17 – 05 CH&FC)

නැවතත් තරගයේ 27 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ CH කණ්ඩායමේ මොහොමඩ් අබ්සාල් කණ්ඩායමේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. (හැව්ලොක් 17 – 10 CH&FC)

“ශූරයින්ගේ මාරයා” හසුරවන්නට නව මුහුණක්!

පසුගිය පාසල් රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම්වලට විශාල අභියෝගයක් වුණු ගල්කිස්ස විද්‍යා විදුහල් කණ්ඩායමට……

තරගයේ 36 වැනි විනාඩියේ දී නැවතත් තම කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ ප්‍රසාද් චතුරංග මුළු ලකුණු සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ දමා ගැනීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් ලකුණු පුවරුව සම කිරීමට හිරුෂ සම්පත්ට හැකි විය. (හැව්ලොක් 17 – 17 CH&FC)

38 වැනි විනාඩියේ දී නැවතත් CH ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකට විනිසුරු හැව්ලොක් සමාජයට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කරගැනීමට සන්තුෂ් සමත් විය. (හැව්ලොක් 20 – 17 CH&FC)

ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 20 – 17 CH&FC කණ්ඩායම

තරගයේ 43 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ශව්කත් ලාහිර් දෙවැනි අර්ධය ආරම්භ කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජයට උත්සාහක දිනුමක් දිනා දුන් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් සංදේශ් ලකුණු 27ක් දක්වා තරගයේ මුළු ලකුණු සංඛ්‍යාව ඉහල දමන්නට කටයුතු කළේය. (හැව්ලොක් 27 – 17 CH&FC)

නැවතත් තරගයේ 47 වැනි විනාඩියේ දී CH ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකට විනිසුරු හැව්ලොක් ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කරගැනීමට සන්තුෂ් සමත් විය. (හැව්ලොක් 30 – 17 CH&FC)

තරගයේ 52 වැනි විනාඩියේ දී හැව්ලොක් ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකට විනිසුරු CH කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කරගැනීමට හිරුෂට හැකි විය. (හැව්ලොක් 30 – 20 CH&FC)

තරගයේ 62 වැනි විනාඩියේ දී මිතුන් හපුගොඩ හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර සංදේශ් අතිරේක ලකුණු එකතු කළේ හැව්ලොක් තවත් ඉදිරියට රැගෙන යමින්. (හැව්ලොක් 37 – 20 CH&FC)

ඔග්බෙබෝ, වෙස්ලි සුක්කානම සියතට ගනී!

එළඹෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දී වෙස්ලි විදුහල මෙහෙයවීමේ භාරධූර කාර්ය No.8 ක්‍රීඩක සැමුවෙල්….

නැවතත් තරගයේ 65 වැනි විනාඩියේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් ලබා දුන් අතර එය ද සාර්ථකව ගුවන් ගත කරන්නට සංතුෂ් සමත් විය. (හැව්ලොක් 40 – 20 CH&FC)

තරගයේ 68 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ CH නායක රෝහිත රාජපක්ෂ උත්සාහක දිනුමක් රැස් කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (හැව්ලොක් 40 – 25 CH&FC)

නැවතත් තරගයට අවතීර්ණ වෙමින් CH කණ්ඩායමේ රමාෂ් ප්‍රනාන්දු තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (හැව්ලොක් 40 – 30 CH&FC)

තරගය අවසන් වීමට මොහොතකට පෙර ක්‍රියාත්මක වූ නිවංක ප්‍රසාද් CH කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට හිරුෂ සම්පත් සමත් වූ නමුත් තරගය ජයග්‍රහණ සඳහා එය ප්‍රමාණවත් නොවිණි. (හැව්ලොක් 40 – 37 CH&FC)

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය  40 – 37 CH&FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා – උමේෂ මදුශාන් (හැව්ලොක් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • හැව්ලොක් – මිතුන් හපුගොඩ 2T, දිනුෂන් ආරියපාල 1T, ශව්කත් ලාහිර් 1T, සන්තුෂ් අල්ගම 3P, සංදේශ ජයවික්‍රම 4C
  • CH&FC – ප්‍රසාද් චතුරංග 2T, මොහොමඩ් අබ්සල් 1T, රෝහිත රාජපක්ෂ 1T, රමාෂ් ප්‍රනාන්දු 1T, නිවංක ප්‍රසාද් 1T, හිරුෂ සම්පත් 2C 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<