“අත්දැකීම් බහුල” CR “නවක” හැව්ලොක් ගෙන් බැටකයි!

74

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තවත් තරගයක් හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CR & FC අතර අද (11) දින හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහිදී ලකුණු 30 – 22 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ හැව්ලොක් ක්‍රීඩා සමාජය යි. 

2020 ආසියාවේ දී ශ්‍රී ලංකාවට අභියෝගයක්!

ශ්‍රී ලංකාවට 2019 වසර ආසියානු මට්ටමේ තරගාවලිවල දී එතරම් සුබදායී වසරක් නොවුනත් ප්‍රීතිමත් නව වසරකට මංපෙත්…….

තරගයේ 8 වැනි මිනිත්තුවේ දී CR ක්‍රීඩකයෙකුගේ අතින් සිදුවූ වැරදීමකට දඬුවමක් වශයෙන් විනිසුරුවරයා විසින් හැව්ලොක් ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කරගනිමින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සංදේශ් ජයවික්‍රම සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 03 – 00 CR & FC කණ්ඩායම) 

තම කණ්ඩායමෙන් සිදුවූ වැරැද්ද නිවැරදි කරගනිමින් තරගයේ 13 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ CR & FC කණ්ඩායමේ ජනිඳු දිල්ශාන් වේගවත් ධාවනයක නිරත වෙමින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථක යි. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 03 – 05 CR & FC කණ්ඩායම) 

තරගයේ 19 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට උමේෂ් මදුශාන් සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 10 – 05 CR & FC කණ්ඩායම) 

ක්‍රීඩකයෙකු අනාරක්ෂිතව මෙල්ල කිරීමේ වරදට විනිසුරුවරයා විසින් CR & FC කණ්ඩායමේ කෙවින් ඩික්සන් හට කහ කාඩ්පතක් නිකුත් කරමින් තරගයේ 22 වැනි මිනිත්තුවේ සිට ඔහුගේ වේලාවෙන් විනාඩි 10 ක් කණ්ඩායමෙන් අහිමි කළේය. 

නමුත් තරගයේ 32 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ CR & FC කණ්ඩායම, තමන්ගේ ඉදිරිපෙළ ශක්තිය විදහාපාමින් ඉදිරියට ඇදුන අතර එහිදී හැව්ලොක් ක්‍රීඩකයින් අතින් සිදුවූ අත්වැරදීමකට විනිසුරුවරයා විසින් CR & FC කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පූර්ණ උත්සාහක දිනුමක් ලබා දුන්නේය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 10 – 12 CR & FC කණ්ඩායම) 

තරගයේ 36 වැනි මිනිත්තුවේ දී විනිසුරු අණ නොතකා ක්‍රීඩා කිරීම හේතුවෙන් CR & FC කණ්ඩායමේ ෂාරෝ ප්‍රනාන්දු හට විනිසුරුවරයා විසින් කහ කාඩ්පතක් නිකුත් කළේ CR & FC කණ්ඩායමේ ක්‍රීඩකයින් ගණන 14 කට සීමා කරමිනි. 

එයට පිළිතුරු වශයෙන් තරගයේ 37 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ස්වෙන් මුලර් හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් “Line Out” අවස්ථාවකින් ප්‍රයෝජන ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 15 – 12 CR & FC කණ්ඩායම) 

ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 15 – 12 CR & FC කණ්ඩායම 

ඉසිපතන රග්බි නායකත්වය පළපුරුදු සුපුරුදු අතකට

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ඉසිපතන විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ‘Center’……

තරගයේ 45 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩකයෙකු අතින් සිදුවූ අත්වැරදීමකට විනිසුරුවරයා විසින් CR කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කරගනිමින් තරගයේ ලකුණු තත්වය සමකර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 15 – 15 CR & FC කණ්ඩායම) 

තරගයේ 49 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ හැව්ලොක් ක්‍රීඩක ශව්කට් ලාහිර් තම දේහයේ ශක්තිය විදහා පාමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 22 – 15 CR & FC කණ්ඩායම) 

තම නේවාසික ක්‍රීඩාංගණයේ දීම CR & FC කණ්ඩායම තව තවත් මට්ටු කරමින් තරගය ආක්‍රමණය කළ හැව්ලොක් ක්‍රීඩකයින් නැවතත් තම ඉදිරිපෙළ ශක්තිය විදහා පාමින් ශව්කට් ලාහිර් තරගයේ 55 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ ආගන්තුකයින් තවත් අසරණ කරමිනි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සංදේශ් ජයවික්‍රම අසමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 27 – 15 CR & FC කණ්ඩායම) 

නැවතත් තරගයේ පීඩනය CR & FC කණ්ඩායම වෙත දෝලනය කරමින් ක්‍රීඩා කළ හැව්ලොක් ක්‍රීඩා සමාජයට තරගයේ 69 වැනි මිනිත්තුවේ දී තවත් දඬුවම් පහරක් හිමි වුනේ CR & FC ක්‍රීඩකයෙකු අතින් සිදුවූ අත්වැරදීමකට යි. එය සාර්ථක කරගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 30 – 15 CR & FC කණ්ඩායම) 

නමුත් තරගයේ අවසන් මිනිත්තු 10 තුළදී ලකුණු 15 ක් පසුපසින් සිටි CR & FC කණ්ඩායම තරගය අත්නොහරින බවක් පෙන්වමින් තම ක්‍රීඩා විලාශය වෙනස් කරමින් ඉදිරියට ඇදුන අතර තරගයේ 77 වැනි මිනිත්තුවේ දී ගැමුණු චේතිය CR & FC කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට රීසා මුබාරක් සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 30 – 22 CR & FC කණ්ඩායම) 

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 30 – 22 CR & FC කණ්ඩායම 

මහනුවර අපරාජිතව ඉදිරියට

2019/20 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ සයවැනි සතියට අදාළ තරග ඊයේ (10) ආරම්භ විය.

  • ThePapare.com තරගයේ වීරයා – ශව්කට් ලාහිර් (හැව්ලොක් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින් 

හැව්ලොක් ක්‍රීඩා සමාජය උමේෂ් මදුශාන් 1T, ස්වෙන් මුලර් 1T, ශව්කත් ලාහිර් 2T, සංදේශ් ජයවික්‍රම 2C, 2P. 

CR&FC කණ්ඩායම – ජනිඳු දිල්ශාන් 1T, ගැමුණු චේතිය 1T, රීසා මුබාරක් 1C 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<