CHට එරෙහිව සෙබළුන්ගෙන් කැපී පෙනෙන දක්ෂතා

72

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සමාරම්භක තරගයක් සත්කාරක CH&FC සහ යුද හමුදා කණ්ඩායම් අතර තරගයක් ඊයේ (29) අධික වර්ෂාව යටතේ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. යුද හමුදා කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනෙන දක්ෂතා සමඟින් තරගය ලකුණු 08-08ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය. 

හැව්ලොක් ඉදිරිපෙළින් නාවිකයින්ට දැඩි හානි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් තරගාවලියේ……

යුද හමුදා ක්‍රීඩකයින් තරගයේ මුල් අවස්ථාව පටන්ම ඔවුන්ගේ රිද්මය ඉහළින්ම තබා ගනිමින් ක්‍රීඩා කළ අතර පන්දු හුවමාරුව සහ තරගයේ ආක්‍රමණය තමන් සතු කරගන්නට ඔවුන්ට හැකි විය.

සත්කාරකයන්ට පන්දුව සිය ග්‍රහණයේ තබා ගැනීමට ඉඩ ලබා නොදෙමින් ක්‍රීඩා කළ යුද හමුදා ක්‍රීඩකයින් CH&FC කණ්ඩායම වෙත වැඩි වැඩියෙන් පීඩනය එල්ල කරමින් තරගයේ පළමු උත්සාහක දිනුමට මාවත විවර කරගන්නට සමත් විය.

අවිශ්ක ලීගේ ලිහිල් පන්දු හුවමාරුව නෙත ගැටුණු අශාන් බණ්ඩාර ධවල රේඛාව පසු කළේ තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරමිනි. (යුද හමුදා ක්‍රීඩා සමාජය 5 – 0 CH&FC)

යුද හමුදා කණ්ඩායමේ නායක මනෝජ් බණ්ඩාර ඉතා හොඳින් කණ්ඩායම මෙහෙයවමින් ක්‍රීඩා කළ අතර CH ක්‍රීඩකයින් අතින් අතපසුවීමක් සිදු වන තුරු මාන බලමින් සිටි යුද හමුදා ක්‍රීඩකයින් තරගයේ 32 වැනි විනාඩියේ දී CH ක්‍රීඩක ෂෙහාන් ඩයස් අතින් සිදු වූ අත්වැරදීමකින් හිමි වූ දඬුවම් පහරේ ප්‍රයෝජනය උපරිමයෙන්ම ගැනීමට සමත් විය.

ගිලිහී ගිය රිද්මය සොයා යන්නට පොලිස් භටයින් සූදානම්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ දින දහයකටත් අඩු කාලයකි.

දඬුවම් පහර ගෝල කණු අතරින් යැවූ ඉසුරු මැදගෙදර තම කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 8ක් දක්වා ඉහළ දැමීමට සමත් විය.

ප්‍රථම අර්ධය: යුද හමුදා ක්‍රීඩා සමාජය 08 – 00 CH&FC

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව CH&FC කණ්ඩායම නව තරග රටාවකින් යුතුව ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි. නව ආදේශන ලෙස දෙවැනි අර්ධයේ දී පැමිණි සසංක ආරියරත්න සහ දිවේන්ද්‍ර රත්වත්තගේ නව ජීවයත් සමඟ ක්‍රියාත්මක වෙමින් තරගයේ 46 වැනි විනාඩියේ දී සත්‍ය රණතුංගට CH&FC කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට හැකි විය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (යුද හමුදා ක්‍රීඩා සමාජය 8 – 5 CH&FC)

මද වෙලාවක් ගත වන විට කණ්ඩායම් දෙකම විඩාවට පත් වූ බවක් පෙන්නුම් කරමින් ක්‍රීඩා කළේය. විශේෂයෙන් ප්‍රථම අර්ධයේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ සෙබළුන් දෙවැනි අර්ධයේ දී තමන්ගේ ධවල රේඛාව ආරක්ෂා කිරීමට විශාල වෙහෙසක් ගන්නා ආකාරයක් දක්නට ලැබුණි.

තරගයේ 62 වැනි විනාඩියේ දී යුද හමුදා ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකට විනිසුරු CH&FC වෙත දඬුවම් පහරක් ලබා දුන්නේය. එම අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට ගත් සැමුවෙල් මදුවන්ත දඬුවම් පහර සාර්ථක කරගනිමින් කණ්ඩායම් දෙකේම ලකුණු තත්වය සම මට්ටමට ගෙනාවේය. (යුද හමුදා ක්‍රීඩා සමාජය 8 – 8 CH&FC)

විජයග්‍රහණයකට සූදානම් වන යුද හමුදාව!

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට සහභාගී වන ඕනෑම කණ්ඩායමක් ඕනෑම තත්ත්වයක් යටතේ පරාජය…..

අවසාන මිනිත්තු 15 කණ්ඩායම් දෙක අතරම දෝලනය විය. යුද හමුදාවට දඬුවම් පහර දෙකක් හිමි වූ නමුත් ඉන් එකක් හෝ සාර්ථක කර ගැනීමට මැදගෙදරට නොහැකි විය. එසේම තරගයේ අවසන් මිනිත්තුවේ දී මදුවන්තට තම කණ්ඩායම වෙනුවෙන් තරගය ජය ගැනීමට අවස්ථාවක් ලෙස දඬුවම් පහරක් හිමි වූ අතර ඔහුට ද එය සාර්ථක කර ගැනීමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය: යුද හමුදා ක්‍රීඩා සමාජය 08 – 08 CH&FC

  • ThePapare.com තරගයේ වීරයා – අශාන් බණ්ඩාර (යුද හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • යුද හමුදා ක්‍රීඩා සමාජය – අශාන් බණ්ඩාර 1T, ඉසුරු මැදගෙදර 1P
  • CH&FC – සත්‍ය රණතුංග 1T, සැමුවෙල් මදුවන්ත 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<