රතු කමිස කාරයෝ කබලෙන් ලිපට ද?

773

2018-19 අන්තර් සමාජ ලීග් තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් අතර සිටින CR&FC කණ්ඩායම මේ දිනවල බහුලවම කතාබහට ලක්වනු පෙනෙන්නට තිබේ. ඒ අනපේක්ෂිත තරග පරාජයන් කිහිපයකටම ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවීම නිසාවෙනි.

සුබ ගමන් “මාර්කෝ” මිත්‍රයා

රග්බි පිටියටම පෙරදා නොවූ හිස්බවක් දැනෙන්නට පටන්ගෙන හමාරය. ලොන්ග්ඩන් පෙදෙසම …

ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩක “මාර්කෝ” ගේ කණගාටුදායක වියෝවෙන් පසු දෙවන වටයේ CR&FC සහභාගී වූ ප්‍රථම තරගයම පොලිස් ක්‍රීඩකයින් හමුවේ ඔවුහු පරාජය වූහ. ආරම්භයේ සිටම කුසලාන බලාපොරොත්තු අතැතිව පිටියට පිවිසි CR ක්‍රීඩකයින් මෙවර මහනුවරට ද අභියෝග කළ හැකි බව විචාරකයන් පවසද්දී, මෙවන් පරාජයන්ට තුඩුදීම සියල්ලන්ගේම දෝෂ දර්ශනයට හේතුවී තිබේ.

පළමු වටයේ දී ප්‍රබල මහනුවර තරගය හැරුණු විට CR ක්‍රීඩකයෝ හැව්ලොක් කණ්ඩායමට හා යුධ හමුදාවට එරෙහිව අසාර්ථක වූහ.  යුධ හමුදාවට එරෙහිව තරගය නම් ලකුණු සම කර ගනිමින් යන්තමින් ජාමේ බේරා ගත්ත ද හැව්ලොක්ට එදිරිව නම් පරාජය වන්නට සිදු වූයේ අදහාගත නොහැකි ලෙසය. ඒ මෙවර කාගේත් යොවුන් රුධිරය ලෙසට නම් දැරූ හැව්ලොක් ක්‍රීඩකයින් CR පුරුදු කාරයින්ට හොඳහැටි බැටදුන් නිසාවෙනි.

කෝකිල “මාර්කෝ” අනුස්මරණය කරමින්

තරගාවලිය පුරාම CR කණ්ඩායමේ ඉදිරිපෙළ දක්ෂතාවලින් පරිපූර්ණ බවක් පෙනුණ ද ජයග්‍රහණය අත්‍යවශ්‍යම තරගවල දී ඔවුහු තරමක් දුර්වල ස්වභාවයක් පෙන්නුම් කළහ. හැව්ලොක් කණ්ඩායමට එරෙහි තරගයේ දී එය බහුලවම දක්නට ලැබුණි.

කෙසේ වෙතත් CR කණ්ඩායම ඉතා ප්‍රබල ඉදිරිපෙළකින් සමන්විත බව අප සියල්ලන්ම දන්නා කරුණකි. “මාර්කෝ” කණගාටුදායක ලෙස කණ්ඩායම හැරදා ගිය ද දුලංජන් විජේසිංහ, උදාර ගයාන්, චරණ සෙන්දනායක, හිරන්ත මනමේන්ද්‍ර, ෂෙහාන් ඩයස්, ජොයෙල් පෙරේරා වැනි ක්‍රීඩකයින් ද ඔමල්ක ගුණරත්න හා ගයාන් ඩිල්ෂාන් වැනි ප්‍රබලයන් ද CR සතුව ඇති ජවසම්පන්න ක්‍රීඩකයින් වේ.

ඔමල්ක ගුණරත්න පොලිස් තරගය අතරතුරදී

CR පසුපෙළ සම්බන්ධයෙන් නම් විවාදයක් නොවේ. ඒ ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ප්‍රබලයන් රැසක්ම තම කාර්යභාරය CR වෙත ඉටු කරන නිසාවෙනි. නායක කවිඳු පෙරේරා අනපේක්ෂිත ආබාධයකට ලක්වීම නිසා පසුපෙළ යම්කිසි පසු බෑමකට ලක්වූවා යැයි කිවහොත් නිවැරදිය.

ප්‍රිමේෂ් ධනුෂ්ක අවසන් මිනිත්තුවේ දී CR ආරක්ෂක වළලු සුනුවිසුනු කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ තවත් තරගයක් …

ඒ නව වසරේ ඇරඹුණු දෙවන වටයේ පළමු තරගයම පොලිස් කණ්ඩායම හමුවේ පරාජය වීමයි. ප්‍රසාද ලකුණු සටහනේ සත්වැනි ස්ථානයේ සිට සුපිරි හතරේ CR කණ්ඩායමට දුන් දැවැන්ත ප්‍රහාරය ගෙවුණු සතිය පුරාම කතාබහට ලක්විය. මහනුවරට අභියෝග කරන්නට සිටින්නාවුන් මෙවැනි පරාජයන්ට ද තුඩු දීම අදහාගත නොහැකි බව ප්‍රේක්ෂකයන් විටෙක පැවසුවද CR කණ්ඩායම වෙත තවමත් අවස්ථාව තිබේ.

කන්ද උඩරට රග්බි බලකොටුව කලකට පසු බිඳ වැටෙයි ද?

ලෝක රග්බි පිටිය ගැන අයෙක් ඇසූ සැණින් ක්ෂණයෙන් සිහියට නැගෙන්නේ නවසීලන්තයයි…

කෙවින් ඩික්සන්ලා, රෙහාන් සිල්වා ලා සමඟින් රීසා රෆයිඩීන් ලාත්, සුමුදු රන්කොත්ගේ ලා, චමොද් ප්‍රනාන්දුලා සමඟින් ජනිදු ඩිල්ෂාන්ලාත් නිසැකවම CR පසුපෙළ ආරක්ෂක බැමි ඉදිරියේ දී තවතවත් තර කරනු ඇත. ශ්‍රී ලංකාවේ පාසල් පිටියේ අති දක්ෂයන් එලෙස මුර බඳිද්දී මෙවර ලීගයේ වැඩිම ලකුණු ලාභියා වන තරින්ද රත්වත්තේ ෆ්ලයි-හාෆ් ක්රීඩකයාගේ වගකීම් ඉටු කරන්නේ තරගාවලිය පුරාවට සාර්ථක ප්‍රවර්තන 13ක් සහ දඬුවම් පහර 20ක් සාර්ථක කර ගනිමිනි.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා තරින්ද රත්වත්තේ

ඒ සමඟින්ම චානක චන්දිමාල්, හරිත් බණ්ඩාර සහ ප්‍රබල ස්ක්රම්- හාෆ් ක්‍රීඩක රාහුල් ද සිල්වා ද අමතක නොකළ යුතුමය.

කෙසේ වෙතත් CR කණ්ඩායම තම අනෙක් තරග සියල්ලම පාහේ ජයග්‍රහණය කළ යුතුමය. මෙවර තරගාවලිය තුල සටහනේ මුල් ස්ථාන හතර වෙනුවෙන්ම අවස්ථාව පවතින නිසාම තවමත් ලොන්ග්ඩන් පෙදෙස වෙත ශූරතාවය රැගෙන යන්නට අවස්ථාව තිබේ. “මාර්කෝ” හා කවිඳු නොමැතිව වුවත් CR යනු සුළුපටු සංචිතයක් නොවේ.

අඩුපාඩු මගහරවා ගනිමින් සුපුරුදු රිද්මයට නැවතත් ඔවුන් පැමිණෙන්නේ කුමන මොහොතේ ද, ඉන්පසු ගෙවෙන මිනිත්තුවේ සිටම ඔවුන් තම ගමන හමාර කරන්නේ නිසැකවම ශූරතාවය කන්ද උඩරටින් සොරා ගනිමිනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<