දරුණු ලෙස අසාර්ථක වූ තරග වාර දෙකකට පසු කරළියේ පෙරළියක් කරමින් CH&FC රග්බි කණ්ඩායම 2017/18 තරග වාරයේ දී අන්තර් සමාජ රග්බි පිටිය කලඹන්නට සමත් විය. ප්‍රබල කණ්ඩායම් කිහිපයකටම පරාජය අත්කර දෙමින් ඔවුන් පසුගිය තරග වාරයේ දී ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

දෙවන ස්ථානයෙන් ඉහළට යන්නට නාවිකයින්ට හැකි වෙයි ද?

2018-19 ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ආරම්භයට ඇත්තේ තවත් දින කිහිපයක් ….

අතීතයෙන් බිඳක්

කොළඹ තුරඟ තරග පිටිය මූලික කර ගනිමින් ආරම්භ වූ CH&FC හෙවත් කොළඹ හොකී හා පාපන්දු ක්‍රීඩා සමාජය ආරම්භයේ සිටම ශ්‍රී ලාංකීය අන්තර් සමාජ රග්බි පිටියේ ප්‍රධානතම කණ්ඩායමක් විය. 1957 දී ඔවුන් පළමු වරට ක්ලිෆර්ඩ් කුසලානයක් දිනා ගත් අතර එතැන් සිට සත් වතාවක් ක්ලිෆර්ඩ් කුසලානයත්, 1957, 1960, 1962, 1982, 1983, 1990 හා 1994 වසරවල දී ලීග් තරගාවලියත් ජයග්‍රහණය කරන්නට ඔවුහු සමත් වූහ. කෙසේ වෙතත් 1995 වසරෙන් පසු සැලකිය යුතු දස්කම් අතරට පිවිසෙන්නට ඔවුන්ට නොහැකි විය.   

පසුගිය තරග වාරය

පසුගිය තරග වාරය CH&FC කණ්ඩායමට ඉතා හොඳ තරග වාරයක් වූ අතර 2016/17 තරග වාරයේ ලකුණු පුවරුවේ අවසන් ස්ථානයට පත් වූ ඔවුන් 2017/18 තරග වාරය අවසන් කළේ ලකුණු පුවරුවේ පළමු ස්ථාන හතර අතරට පැමිණෙමිනි. ඔවුන්ට පරාජය කිරීමට නොහැකි වූ එකම කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජය වූ අතර ඔවුන්ට එම ජයත් මගහැරී ගියේ එක් උත්සාහක දිනුමකිනි.

නාවික හමුදා ක්‍රීඩා සමාජය වැලිසර දී ම පරාජය කර දමන්නට ඔවුන් සමත් වූ අතර ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වූ CR&FC කණ්ඩායම ලීග් තරගාවලිය තුළ දෙවරක්ම පරාජය කරන්නට ඔවුන්ට හැකි විය.

කෙසේ වෙතත් තරුණ ජවයෙන් බල ගැන්වුණු CH&FC  කණ්ඩායම ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය හා බස්නාහිර පළාත් රග්බි සංගමයේ සත් සාමාජික රග්බි තරගාවලිය යන ප්‍රධාන සත් සාමාජික රග්බි තරගාවලි දෙකම ජය ගත්තේ පසුගිය තරග වාරයට සාර්ථක අවසානයක් ලබා දෙමිනි.

මෙවර සූදානම

මෙවර තරග වාරයේ CH&FC කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස දිනේෂ් කුමාර් මහතා හා රොනී ඊබ්‍රහිම් මහතා කටයුතු කිරීමට නියමිතයි.

පසුගිය වසරේ දී රෝහිත රාජපක්ෂගේ නායකත්වය හමුවේ සුපිරි දස්කම් දක්වන්නට CH&FC කණ්ඩායම සමත් වූ අතර මේ වසරේදීත් එම රිද්මයම පවත්වා ගනිමින් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔහුගේ සොයුරු යෝෂිත රාජපක්ෂ හට භාර වී තිබේ.

පසුගිය තරග වාරයේ දී CH&FC කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට යෝෂිත රාජපක්ෂ, සාන්ත අන්තෝනි විද්‍යාලයේ සිට කණ්ඩායමට එක්වුණු සැමුවෙල් මධුවන්ත, ලී කීගල් වැනි ක්‍රීඩකයින් සමත් වූ අතර මෙවරත් ඔවුන්ගේ සේවය කණ්ඩායමට අත්‍යවශ්‍ය වනු ඇත.

තරුණ ජවය සමඟින් පොලිස් ක්‍රීඩා සමාජය අඳුරු මතක මකා දමන්නට සූදානම්

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ දින දහයකටත් …

තවද හැව්ලොක් කණ්ඩායමේ සිට තවත් ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙක් මෙවර කණ්ඩායමට ඇතුලත්ව ඇති අතර ප්‍රවීණ ක්‍රීඩක ප්‍රසාද් මදුසංක මෙවර තරග වාරයේ දී මේට්ලන්ඩ් චන්ද්‍රවංකයේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනු ඇත. ඔහුට ප්‍රථමයෙන් සුදම් සූරියආරච්චි, නිශෝන් පෙරේරා, හිරන්ත පෙරේරා, ජේසන් මෙල්ඩර් හා පසුගිය වසරේ ශ්‍රී ලංකා සත් සාමාජික නායකත්වය ගෙන කටයුතු කළ සුදර්ශන මුතුතන්ත්‍රී ද හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සිට CH&FC ක්‍රීඩා සමාජයට සංක්‍රමණය විය.

නව ක්‍රීඩකයින්ගේ ආගමනය පැහැදිලි ලෙසම කණ්ඩායමේ ක්‍රීඩා රටාවේ හා සංයුතියේ වෙනසක් කරනු ඇත. විශේෂයෙන්ම සමුවෙල් මධුවන්ත පසුගිය වසරේ දී සිය පාදයෙන් තරග සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වූ අතර මෙවර තරග වාරයට පෙර පුහුණුවක් ලෙස CH කණ්ඩායම දෝහා හිදී දෝහා RFC කණ්ඩායම සමඟින් සහභාගී වූ පුහුණු තරගයේ අවසාන මොහොතේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගත් සැමුවෙල් තරගයේ ජය CH කණ්ඩායමට ගෙන දීමට සමත් විය.

මුතුතන්ත්‍රි, සජිත් සාරංග, රවීන් යාපා, ජේසන් මෙල්ඩර්, නායක යෝෂිත රාජපක්ෂ සමඟින් එක්වන ප්‍රසාද් මදුසංක කණ්ඩායමේ ඉදිරිපෙළ කැපී පෙනෙන ලෙස සවිමත් කරනු ඇත. අවිශ්ක ලී, අවන්ත ලී සහෝදරයින්ගේ සේවය ද, ලී කීගල් හා අනුරාධ හේරත්ගේ සේවය ද මෙවර ජයග්‍රහණයේ ලා CH කණ්ඩායමට අත්‍යාවශ්‍ය සේවා වනු ඇත.

ගුවන් හමුදාව නව බලාපොරොත්තු සමඟින් ඉගිළෙන්නට සැරසේ

ඩයලෝග් අන්තර් සමාජ රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම් රැසක් භීතියට පත් කරන්නට ගුවන් හමුදාව …

මෙවර තරගාවලියේ සිය පළමු තරගය සඳහා ඔවුන් පසුගිය නොවැම්බර් 10 දා ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදීන් වන CR & FC ක්‍රීඩා සමාජය සමගින් තරග කළ අතර ලකුණු 23-24 ක් ලෙස නොසිතූ ලෙස සිය පළමු තරගය පරාජය වන්නට ඔවුන්ට සිදුවිය.

එම තරගයේ සජීව විකාශය ද ඇතුළුව තරගාවලියේ සියලුම තොරතුරු හා ඡායාරූප ThePapare.com ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<