වසර 55ක ප්‍රෞඩ රග්බි ඉතිහාසයකට හිමිකම් කියන යුධ හමුදා ක්‍රීඩා සමාජය මෙවරත් ප්‍රධාන කණ්ඩායම් සියල්ලටම අභියෝගයක් වන්නට සූදානම්. පසුගිය වසර කිහිපයේ දී එතරම් සාර්ථක වන්නට නොහැකි වුනත් මෙවර නව ප්‍රවීණ පුහුණුකරුවෙකු හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් සමඟ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පෙරළියක් කරන්නට ඔවුන් මාන බලමින් සිටියි.

නව මුහුණුවරකින් සංග්‍රාමයට සැරසෙන CR&FC ක්‍රීඩා සමාජය

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ඉකුත් දා ආරම්භ විය. ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජයක් වන CR&FC ක්‍රීඩා සමාජය නවක මුහුණු කිහිපයක් හා නවක පුහුණුකරුවෙකු යටතේ …

  • අතීතයෙන් බිඳක්

1963 වසරේ දී ආරම්භ වූ යුධ හමුදා ක්‍රීඩා සමාජය වසර 55ක් පුරා ක්‍රීඩා සමාජය රග්බි පිටියේ පෙරළි කරන්නට සමත් වූ කණ්ඩායමකි. ලීග් රග්බි තරගාවලිය තවමත් ජයග්‍රහණය කර නොමැති වුනත් ක්ලිෆර්ඩ් කුසලානය නම් ඔවුන් දියගමට රැගෙන යන්නට සමත් විය.

අවසන් වරට ඔවුන් ප්‍රධාන තරගාවලියක් ජය ගත්තේ 1981 වසරේ දී වූ අතර ඒ ජෝන් සෙනෙවිරගේ නායකත්වයෙන් ක්ලිෆර්ඩ් කුසලානය හිමිකර ගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කපිල නොල්ටන් හා හේරත්ගේ කරුණාරත්න වැනි ප්‍රබල ක්‍රීඩකයින් යුධ හමුදාවේ පහස ලැබූවන් වූ අතර 2001 වසරේ දී ඔවුන් දෙදෙනාම ක්‍රීඩා කළ යුධ හමුදා කණ්ඩායම අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නට සමත් විය.

  • පසුගිය තරග වාරය

නිල්ෆර් ඊබ්‍රහිම් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ගියවර තරගාවලියට පිවිසුණු යුධ හමුදා ක්‍රීඩා සමාජය පළමු වටයේ දී සුපිරි දක්ෂතා දක්වන්නට සමත් වූයේ පළමු වටය අවසානයේ ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයට පත් වෙමිනි.

ඔවුන් පළමු වටයේ දී CH&FC හා CR&FC වැනි ප්‍රබල කණ්ඩායම් පරාජය කළ නමුත් දෙවන වටයේ තරග හතෙන් ඔවුන්ට ජය ගත හැකි වූයේ එක් තරගයක් පමණි.

සහභාගී වූ තරග 14න් ඔවුන් තරග පහක් ජය ගත් අතර තරග නවයක් පරාජය වීමට ඔවුන්ට සිදු විය.

මහනුවර ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් තරගාවලිය අරඹති

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ජයග්‍රහණයකින්ම ආරම්භ කිරීමට මහනුවර ක්‍රීඩකයන් අද (10) සමත් විය. ඒ රත්මලාන ක්‍රීඩාංගණයේ දී ගුවන්…

  • මෙවර තරග වාරය සඳහා සූදානම

ප්‍රවීණ පුහුණුකරුවෙකු වන නිහාල් ‘වයිපර්’ ගුණරත්න මහතා මෙවර යුධ හමුදා කණ්ඩායමේ වගකීම භාරගෙන තිබේ. ලෝක රග්බි ආයතනයේ තුන්වැනි මට්ටමේ පුහුණුකරුවෙකු වන ඒ මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ යුධ හමුදා ක්‍රීඩා සමාජය අවතක්සේරු කරන ඕනෑම කණ්ඩායමක් පුදුම කිරීමට තරම් මෙවර යුධ හමුදා කණ්ඩායමේ ඉදිරිපෙළ හා පසුපෙළ බලඇණි ප්‍රබල හා සමබර බවයි.

ඉදිරිපෙළ ක්‍රීඩක චන්දිම උපුල් අබේරත්න හට කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර දැවැන්ත හා අත්දැකීම් බහුල යුධ හමුදා ඉදිරිපෙළ ඔවුන්ගේ ප්‍රධානතම අවිය වනු ඇත.

Prop ක්‍රීඩක සුගත් නානායක්කාර හා ප්‍රවීණ ක්‍රීඩක අශෝක ජයලාල් මෙවරත් කණ්ඩායම සවිමත් කරන අතර ඔවුන්ගේ අත්දැකීම්වලින් හා ශක්තියෙන් කණ්ඩායම සවිමත් කරද්දී මොහොමඩ් රිස්වි, පසුගිය වසරේ යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ අශාන් බන්ඩාර හට සිය වේගයෙන් හා දක්ෂතාවලින් කණ්ඩායමේ පසුපෙළ සවිමත් කිරීමට සිදු වනු ඇත.

ගයාන් සාලින්ද ‘Full Back’ ස්ථානයේ ක්‍රීඩා කරනු ඇති අතර ඔහුගේ පන්දුවට පා පහර දීම් ද තරගාවලියේ පෙරමුණ ගැනීම සඳහා යුධ හමුදා ක්‍රීඩා සමාජයට ඉතා වැදගත් වනු ඇත.

නව පුහුණුකරුවෙක්, නව නායකයෙකු හා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් සමඟ තරගාවලියට එක්වන යුධ හමුදා ක්‍රීඩා සමාජයට මෙවර තරගාවලියේ පළමු ස්ථාන තුන අතරට පිවිසීමට හැකි වෙයි ද? තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

යුද හමුදා ක්‍රීඩා සමාජයේ සම්පූර්ණ සංචිතය සඳහා පිවිසෙන්න

Video – Army SC ready for League title glory – DRL 2018/19 Preview

After a disappointing finish to a merry campaign last year, Army Sports Club are back in the main game…