ගුවන් සිහින අවසන් මොහොතේ දී බිඳ දමමින් යුධ ක්‍රියාන්විතය ජය ගනී

313

ශ්‍රී ලාංකීක රග්බි ක්‍රීඩාලෝලීන් වෙත නවමු ආකාරයේ අත්දැකීමක පහස විඳ ගැනීමට අවකාශය සලසා දෙමින් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ ප්‍රථම තරග ද්විත්වය ඊයේ (17) ඉතා සාර්ථකව පැවැත්වූ අතර පලිහ ශූරතාවෙහි අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් සත්කාරක යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 29-25ක් ලෙස ඉතා තියුණු ජයක් වාර්තා කිරීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

හපුගොඩගේ ප්‍රහාරයෙන් සුපිරි වටයේ මංගල ජය හැව්ලොක්ට

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටය ආරම්භ කරමින් දෙවන වටය අවසානයේ පළමු ස්ථානය දිනා ගත්

ගුවන් හමුදාවේ නියමුවා ලෙස කටයුතු කරන ගයන්ත ඉද්දමල්ගොඩ පන්දුව ගුවනට මුසුකරමින් තරගයේ ආරම්භය සටහන් කළ අතර මුල් මිනිත්තු කිහිපය තුල දී ගුවන් හමුදාව විසින් දැඩි පීඩනයක් යුධ සෙබළුන් වෙත එල්ල කළ අතර එම නිසාවෙන්ම සිදු නොවිය යුතු ගණයේ අත්වැරදීම් රාශියක් යුධ හමුදා ක්‍රීඩකයින් අතින් සිදු වනු දක්නට ලැබුණි.

එවැනි අවස්ථාකින් උපරිම ඵල නොලාගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක චරිත් සෙනෙවිරත්න සමත් වූයේ ලැබුණු දඬුවම් ගෝල අවස්ථාව ඉතා පහසුවෙන් ගෝල කණු අතරින් ඉලක්කගත කිරීමට සමත් වූ නිසාවෙනි. (ගුවන් 03-00 යුධ)

ගුවන් භටයින් එසේ ලකුණු පුවරුවේ සිය අන්තය පණ ගන්වමින් ඉතා ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ නමුත් අසුරු සැණින් සිය ප්‍රතිප්‍රහාරය දියත් කිරීමට යුධ සෙබළුන් සමත් වූයේ තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමේ ගෞරවය තමන් සතුකර ගනිමිනි. මධුර බණ්ඩාරගේ අනර්ඝ ධාවනයත් සහ පන්දු පාලනයේ ඇවෑමෙන් එම ජයග්‍රාහී මොහොත උදා කරගැනීමට ඔවුන් සමත් වූ අතර ගයාන් සාලින්ද අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (ගුවන් 03 – යුධ 07)

කෙසේ නමුත් අධිෂ්ඨානශීලී ගුවන් ක්‍රීඩකයින් යළිත් වරක් ඉතාමත් උපක්‍රමශීලීව තරගයේ දිශානතිය තමන් දෙසට හරවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ අතර ඔවුන්ගේ වෑයම සාර්ථක කරමින් තුවාන් පාකීර් ධවල රේඛාව අභිබවා ගියේ ගුවන් හමුදා ආධාරකරුවන්ගේ නොමඳ දිරිමත් කිරීම් මධ්‍යයේයි. චරිත් සෙනෙවිරත්න විසින් එල්ල කළ පා පහර ගෝල කණු මඟ හරිමින් ඉවතට ඇඳී ගියේ ප්‍රවර්තනය අපතේ යවමිනි. (ගුවන් 08-යුධ 07)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන්පසු එළඹුණු කාල සමය තුල දී කණ්ඩායම් දෙකම පන්දුවේ පාලනය තමන් නතු කරගැනීම සඳහා විශාල වෑයමක් දැරූව ද බොහෝ අවස්ථාවල දී පන්දුවේ නිසියාකාරව පාලනය කරගනිමින් තම ග්‍රහණයේ රඳවා ගැනීමට අපොහොසත් වීම නිසාවෙන් තරගය තරමක මන්දගාමී ස්වභාවයක් ගත්තේය.

දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව නැවතත් ලකුණු පුවරුව සක්‍රිය කරගැනීමේ අපූර්ව අවස්ථාවක් උදා කරගැනීමට නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් චරිත් සෙනෙවිරත්න සමත් වූයේ මනරම් ඩ්රොප් ගෝලයකින් යුධ හමුදාවට හොඳ හැටි සංග්‍රහ කරමිනි. (ගුවන් 11-07 යුධ)

මෙවර තරගවාරයේ දෙවන ජයග්‍රහණය කෙසේ හෝ වාර්තා කර ගැනීමේ දැඩි අදිටනින් යුතුව ඉතා සටන්කාමි තරග රටාවක නියැළුණු ගුවන් භටයෝ පළමු අර්ධය නිමා වීමට විනාඩි දෙකකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී මනරම් උත්සාහක දිනුමකින් සිය කණ්ඩායමේ ලකුණු තත්වය තවදුරටත් පෝෂණය කිරීමට සමත් විය.

පලඟ ශූරතාවයට තරග කරන කණ්ඩායම්වල පැටිකිරිය

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හා දෙවන වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර මීළඟට සුපිරි වටයේ

මීටර් 5 සීමා රේඛාව අසලින් ලැබුණු lineout අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගත් නිරෝෂන් රාජනායක යුධ හමුදා පසුපෙළ දුර්වල ස්ථාන සොයා යමින් ක්ෂණිකව පහර එල්ල කිරීමට සමත් වූ අතර විවේක කාලය වෙත ගමන් කරන විට ගුවන් හමුදා පිල තරගයේ ඉතා ප්‍රබල ස්ථානයක පසු විය. (ගුවන් 18-07 යුධ)

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 07 (1T,1C)- 18 (2T,1C,1P,1D) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

පළමු අර්ධයේ දී සිදු කළ වැරදි සහ අඩුපාඩු පිළිබඳ මනා අවබෝධයකින් යුතුව දෙවන අර්ධයට පිවිසි යුධ සෙබළුන් ඉතා සූක්ෂ්ම, තියුණු තරග රටාවකට අවතීර්ණ වූයේ පැමිණ සිටි සියල්ලන්ම මවිත කරමිනි.

43 වැනි මිනිත්තුවේ දී යුධ හමුදාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ අශාන් බණ්ඩාර ගුවන් සෙබළුන් 4 දෙනෙකු සිය විශිෂ්ට ගණයේ පාද චලනයන්ගෙන් සහ වේගවත් ධාවනයෙන් ඉතා පහසුවෙන් මුලා කරමින් උත්සාහක දිනුම් රේඛාව වෙත ගමන් කළේ මෙවර තරගාවලිය තුල දී වාර්තා කළ දැකුම්කළුම උත්සාහක දිනුම් කිහිපය අතරට තම අග්‍රගණ්‍ය උත්සාහක දිනුම ද එක් කරමිනි. එහි අමතර ලකුණු එක්කිරීම සාර්ථකව සිදු කිරීමට ඉසුරු මධුවන්ත සමත් විය. (ගුවන් 18-14 යුධ)

දිගින් දිගටම පහර පිට පහර එල්ල කරමින් ගුවන් හමුදා කණ්ඩායම අසරණ කිරීමට යුධ සෙබළුන් සමත් වූ අතර සුධාරක දික්කුඹුරගේ නොමඳ සහය ඇතිව තිරූෂ අධිකාරම්ගේ සහ උත්සාහක දිනුම් රේඛාව ආසන්නයේ දී ලැබුණු lineout අවස්ථාවක් rauling maul අවස්ථාවක් බවට පරිවර්තනය කර ගනිමින් ධම්මික වෑවගේගේ සුරතින් උත්සාහක දිනුම් ද්විතවයක් අඛණ්ඩව වාර්තා වීමත් සමඟම යුධ හමුදාව තරගයේ සුක්කානම සියතට ගත්තේ ගුවන් හමුදාවේ තරගය පිළිබඳ තිබූ බලාපොරොත්තු ගොන්නට මරුපහරක් එල්ල කරමිනි. මෙහි දී ලැබුණු  ප්‍රවර්තන දෙකෙන් එක් අවස්ථාවක දී පමණක් පන්දුව ගෝල කණු අතරින් පා කර හැරීමට මැදගෙදර සමත් විය. (ගුවන් 18-26 යුධ)

තවමත් තමන් තරගය අතහැර නොමැති බවත්, අවසන් මොහොත වන තෙක් අවධානයෙන් සිටිය යුතු බවත් යුධ හමුදාවට මතක් කර දෙමින් නාවික හමුදාව උත්සාහක දිනුම සතුට සැමරුවේ රඳුවා කෞසෝ යුධ හමුදා මුරකාවල් බිඳ දමමින් ධවල රේඛාව පසුකරගෙන යාමත් සමඟිනි. එහි ප්‍රවර්තනය  සාර්ථකව ඉලක්කය වෙත යොමු කරමින් ලකුණු පරතරය එකක් දක්වා අඩුකරගැනීමට නුවන් පෙරේරා සමත් විය. (ගුවන් 25-26 යුධ)

වීරයන් මුණගැසෙන සුපිරි වටයේ ජය කාටද?

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හා දෙවන වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර මීළඟට සුපිරි වටයේ තරග

නමුත් තරගය නිමා වීමට ආසන්නයේ දී ගුවන් හමුදා ක්‍රීඩකයෙකු ruck අවස්ථාවේ දී නිසි පරිදි ප්‍රතිවාදී ක්‍රීඩකයින් හට බාධා නොවන පරිදි ඉවත්ව නොයෑමේ වරදට හසුවීමත් සමඟම දඬුවම් පහරක් උදාකර ගැනීමට යුධ හමුදාව සමත් වූ අතර එය සාර්ථක කරගනිමින් තරගයේ ජයග්‍රහණය තම නමින් ලියා ගැනීමට යුධ සෙබළුන් සමත් විය. (ගුවන් 25-29 යුධ)

පලිහ ශූරතාවෙහි අවසන් තරගය සඳහා යුධ හමුදාව ඒ අනුව සුදුසුකම් ලැබූ අතර ඔවුන් සමඟ සටනට සැරසෙන අනෙක් කණ්ඩායම කවුරුන් දැයි හෙට දිනයේ දී (24) පොලිස් කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් තීරණය වේ.

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 29 (4T,3C,1P) – 25(3T,2C,1P,1D) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – සුධාරක දික්කුඹුර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

යුධ හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – මධුර බණ්ඩාර 1, සුධාරක දික්කුඹුර, තිරූෂ අධිකාරම් 1, ධම්මික වෑවගේ 1
  • ප්‍රවර්තන – ගයාන් සාලින්ද 1, ඉසුරු මැදගෙදර 2
  • දඬුවම් පහර – ඉසුරු මැදගෙදර 1

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – තුවාන් පාකීර් 1, නිරෝෂන් රාජනායක 1, රඳුවා කෞසෝ 1
  • ප්‍රවර්තන – චරිත් සෙනෙවිරත්න 1,නුවන් පෙරේරා 1
  • දඬුවම් පහර – චරිත් සෙනෙවිරත්න 1‍
  • ඩ්‍රොප් ගෝල – චරිත් සෙනෙවිරත්න 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

Army SC vs Air Force SC – DRL 2018/19 #61

Action from the Army SC vs Air Force SC game of the Dialog Rugby League 2018/19