හැව්ලොක් අභියෝගයට මහනුවරින් ප්‍රබල පිළිතුරක්

918

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර අද (02) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 09-20ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය.

CR ප්‍රහාරයෙන් පොලිසියට අසාධ්‍යයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 26 වන තරගය අද (15) කොළඹ ලොන්ග්ඩන් පෙදෙසේ දී පැවති අතර, එම තරගයෙන් ලකුණු 53-13ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය…

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ, මෙතෙක් තරගාවලිය තුළ අපරාජිත ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය සහ එහි දෙවන ස්ථානයේ පසුවූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර පැවති මෙම තරගය කණ්ඩායම් දෙකම පළමු අදියර තුළ සහභාගී වූ අවසන් තරගය විය. ඒ අනුව පළමු අදියර අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තීරණාත්මක තරගය මෙය වූ අතර මෙහි ප්‍රතිඵලය තරගාවලියේ අවසන් ප්‍රතිඵලය කෙරෙහි ද ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකිවිය.

තරගය ආරම්භ වී මිනිත්තු 2ක් ගතවන විට මහනුවර ක්‍රීඩා සමාජයේ රිචඩ් ධර්මපාල හට කහ කාඩ්පතක් නිකුත් වූ අතර ඒ අනුව ඔහුව ‘sin bin’ කලාපය වෙත යොමු කෙරිණ.

එතැන් පටන් ප්‍රතිවාදී අන්තය තුළ පන්දුව රඳවා ගනිමින් මහනුවර ක්‍රීඩා සමාජයට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට හැව්ලොක්ස් ක්‍රීඩකයින් සමත් වුවත් මහනුවර ක්‍රීඩා සමාජයේ ආරක්‍ෂක ක්‍රීඩකයින්ගේ දැඩි ආරක්‍ෂිත ක්‍රීඩා කලාපය නිසා හැව්ලොක්ස් ක්‍රීඩකයින් හට උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට අවස්තාවක් ලැබුණේ නැත.

කෙසේ නමුත් තරගයේ 9 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් දිනාගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් වූ අතර එය සාර්ථකව ගෝල රාමුව තුළින් යොමුකරමින් තරගයේ ලකුණු ලබාගැනීම ආරම්භ කරන්නට රීසා මුබාරක් සමත් විය. ඉන් මිනිත්තු 2කට පසුව ඔවුන්ට ක්‍රීඩා පිටියේ මැද භාගයේ සිට තවත් දඬුවම් පහර අවස්ථාවක් හිමිවූ අතර එවර එය සාර්ථක කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගන්නට දුලාජ් පෙරේරා සමත් විය. (HSC 06 – 00 KSC)    

අනතුරුව හැව්ලොක්ස් අන්තය වෙත පන්දුව රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට මහනුවර ක්‍රීඩකයින් උත්සාහ දැරුවත් ඔවුන්ගේ දුර්වල පන්දු හුවමාරු කරගැනීම නිසා එම උත්සාහය පහසුවෙන් නවතා දමන්නට හැව්ලොක්ස් ක්‍රීඩකයින් සමත් විය.

පසුව හැව්ලොක්ස් ක්‍රීඩකයින් නැවතත් පන්දුව ඔවුන් සතුව රඳවා ගනිමින් ප්‍රතිවාදීන් හට පීඩනයක් එල්ල කරන්නට සමත් වූ අතර ඒ අනුව තරගයේ 21වන මිනිත්තුව තුළ ඔවුන් තවත් දඬුවම් පහර අවස්ථාවක් දිනාගැනීමට සමත් විය. කෙසේ නමුත් ගෝල රාමුවට මීටර 42ක දුරක සිට ලබාගත් එම අවස්ථාව සාර්ථක කරගන්නට රීසා මුබාරක් සමත් වූයේ නැත.

තරගයේ 28 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩා සමාජයේ ගනුක දිසානායක හට විනිසුරුවරයා විසින් කහ කාඩ්පතක් නිකුත් කළ අතර ඒ අනුව ඔහු ද මිනිත්තු 10ක කාලයක් සඳහා ‘sin bin’ කලාපය වෙත යොමුකෙරිණ.

අනතුරුව තරගයේ 35 වන මිනිත්තුවේ දී මීටර 51ක දුරක සිට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට දඬුවම් පහර අවස්ථාවක් හිමිවූ නමුත් එය ලබාගත් දුලාජ් පෙරේරා එම අවස්ථාව සාර්ථක කරගන්නට ඔහු සමත් වූයේ නැත.

පසුව තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ දුෂ්මන්ත ප්‍රියදර්ශන හට කහ කාඩ්පතක් නිකුත් වීම නිසා ඔහුව ‘sin bin’ කලාපය වෙත යොමුකෙරුණු අතර එහිදී ලැබුණු දඬුවම් පහර අවස්ථාව සාර්ථක කරගත් මහනුවර ක්‍රීඩා සමාජයේ නයිජල් රත්වත්තේ තරගයේ සිය කණ්ඩායමේ ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමට සමත් විය.

පළමු අර්ධය : හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය 06 – 03 මහනුවර ක්‍රීඩා සමාජය

දෙවන දෙවන අර්ධය ආරම්භයේ දී සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩකයින් ඉක්මන් උත්සාහක දිනුම් 2ක් වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. ……………. විසින් එහිදී පළමු උත්සාහක දිනුම වාර්තා කරගත් අතර එහි දෙවන උත්සාහක දිනුම වාර්තා කරගනු ලැබුවේ නයිජල් රත්වත්තේ විසිනි. කෙසේ නමුත් එම අවස්ථාවන් දෙකේ දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් වලින් රත්වත්තේ සාර්ථක කරගැනීමට සමත් වූයේ පළමු අවස්ථාව පමණි.(HSC 06 – 15 KSC)

අනතුරුව හැව්ලොක්ස් ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට ඉතා ආසන්නයට පැමිණියත් එය සාර්ථක කරගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයේ ආරක්‍ෂක ක්‍රීඩකයින් අවස්ථාවක් ලබාදුන්නේ නැත.

කෙසේ නමුත් තරගයේ 62 වන මිනිත්තුවේ දී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට දඬුවම් පහර අවස්ථාවක් හිමිවූ අතර එය සාර්ථක කරගැනීමට රීසා මුබාරක් සමත් විය. (HSC 09 – 15 KSC)    

අනතුරුව හැව්ලොක්ස් ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට දැඩි උත්සාහයක් දැරූ අතර අවස්ථා කිහිපයක දීම ඔවුන් උත්සාහක දිනුම් කලාපය ඉතා ආසන්නයට පන්දුව රැගෙන යන්නට සමත් විය. කෙසේ නමුත් මහනුවර ක්‍රීඩා සමාජයේ ආරක්‍ෂක ක්‍රීඩකයින් දියත් කළ ප්‍රබල ආරක්‍ෂක ක්‍රීඩා විලාශය තුළින් එම උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ කර දමන්නට ඔවුන් සමත් විය.

අනතුරුව තරගය අවසන් වන්නට ආසන්නයේ දී ‘line-out’ අවස්ථාවක් ඉක්මණින් ලබාගත් මහනුවර ක්‍රීඩකයින් ඒ හරහා පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කරගනු ලැබීය. කෙසේ නමුත් එම අවස්ථාව ලබාගත් ආකාරය පිළිබඳ තීරණය විනිසුරුවරයා විසින් තෙවන විනිසුරුවරයා ලෙස යොමුකළ අතර ඔහුගේ තීරණය වූයේ මහනුවර ක්‍රීඩා සමාජය එම ‘line-out’ අවස්ථාව නිවැරදිව ලබා නොගත් බවයි. ඒ අනුව එම උත්සාහක දිනුම ඔවුන්ට පිරිනැමුණේ නැත.

CH & FC ප්‍රහාරයෙන් නාවිකයෝ මුහුදුබත් වෙති7

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සත්වැනි සතිය ආරම්භ කරමින් අද (15) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති තරගයෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27-24ක් ලෙස තියුණු ජයක්…

අනතුරුව තරගය අවසන් වන්නට පෙර මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් අවසන් උත්සාහක දිනුම වාර්තා කරගන්නට රිචඩ් ධර්මපාල සමත් විය. කෙසේ නමුත් එහිදී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට නයිජල් රත්වත්තේ සමත් වූයේ නැත.

ඒ අනුව දෙවන අර්ධයේ දියත් කළ ප්‍රබල ක්‍රීඩා විලාශය හරහා තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වූ අතර ඒ සමඟ තරගාවලියේ පළමු අදියර අපරාජිතව පෙරමුණේ රැඳෙමින් අවසන් කරන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

සම්පූර්ණ කාලය : හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය 09 (3P) – 20 (3T 1C 1P) මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ෂෙහාන් පතිරණ (මහනුවර ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම

  • හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය – රීසා මුබාරක් 2P, දුලාජ් පෙරේරා 1P
  • මහනුවර ක්‍රීඩා සමාජය – නයිජල් රත්වත්තේ 1T 1C 1P, ……………. 1T, රිචඩ් ධර්මපාල 1T

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට