දෙවැනි අර්ධයේ දී යුද හමුදාව පොලිසිය ඉස්සර කරයි

409

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර අද (10) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් පොලිස් ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ලකුණු 32-18ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය.

දුලාජ්ගේ දඬුවම් පහරින් CR සිහින බිඳ වැටේ

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ සයවැනි සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් අද (09) පැවැත්විය. ඒ අතරින්…

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැඳී සිටි යුද හමුදා ක්‍රීඩා සමාජය සහ මෙතෙක් තරගාවලිය තුළ එක් තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වෙමින් ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වූ පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවති මෙම තරගයේ ප්‍රතිඵලය, තරගාවලියට අවතීර්ණ වීම සඳහා කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් යුද හමුදා ක්‍රීඩකයින් තරගය අරම්භ වී මිනිත්තු 6ක් ගතවද්දී තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එහි දී අෂාන් බණ්ඩාර විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගන්නා ලදි. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට එය ලබාගත් ගයාන් සාලින්ද සමත් වූයේ නැත (පොලිස් 00–05 යුද).

තවදුරටත් යුද හමුදා ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර ඒ අනුව දඬුවම් පහර අවස්ථාවන් තුනක් හිමි කර ගන්නට ඔවුන් සමත් විය. කෙසේ නමුත් එම අවස්ථාවන් ලබාගත් සාලින්ද ඉන් සාර්ථක කර ගැනීමට සමත් වූයේ එක් අවස්ථාවක් පමණි (පොලිස් 00–08 යුද).

පසුව පොලිස් ක්‍රීඩා සමාජ අන්තයේ පන්දුව රඳවා ගනිමින් යුද හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් ඔවුන් පන්දු හුවමාරු කර ගැනීමේ දී ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් එම උත්සාහය සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය.

තරගයේ මිනිත්තු 30ක පමණ කාලයක් ගත වන විට පොලිස් ක්‍රීඩකයින් සෙමෙන් තරගයට අවතීර්ණ වූ අතර තරගයේ 30 වන මිනිත්තුවේ දී ඔවුන් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. වජීඩ් ෆවුමි විසින් එම උත්සාහක වාර්තා කර ගන්නා ලදි. කෙසේ නමුත් එය ප්‍රවර්තනය කර ගැනීමට සංදේෂ් ජයවික්‍රම අසමත් විය (පොලිස් 05–08 යුද).

පොලිස් ක්‍රීඩකයින් තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ යුද හමුදා ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක කර ගැනීමට යුද හමුදා කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයින් අවස්ථාවක් ලබා දුන්නේ නැත. කෙසේ නමුත් එහි දී දඬුවම් පහර අවස්ථාවක් දිනා ගැනීමට ඔවුන් සමත් වූ අතර එය සාර්ථක කර ගැනීමට සංදේෂ් සමත් විය.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 08 – 08 යුද හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවද්දී දඬුවම් පහර අවස්ථාවක් දිනා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වූ අතර එය සාර්ථකව ගෝල රාමුව තුළින් යොමු කරන්නට සාලින්ද සමත් විය (පොලිස් 08–11 යුද).

ඉන් අනතුරුව පොලිස් ක්‍රීඩකයින් නැවතත් තරගයට අවතීර්ණ වෙමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. සුජාන් කොඩිතුවක්කු විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගන්නා ලදි. කෙසේ නමුත් එය ප්‍රවර්තනය කර ගැනීමට සංදේෂ් සමත් වූයේ නැත (පොලිස් 13–11 යුද).

නාවික උත්සාහය වතුරේ යයි

Dialog අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සයවැනි සති අන්තය ආරම්භ කරමින් අද (9) නාවික හමුදා ක්‍රීඩා සමාජය හා මහනුවර…

පොලිස් ක්‍රීඩකයින් ප්‍රතිවාදී කලාපය වෙත පන්දුව රැගෙන යමින් ප්‍රතිවාදීන්ට තවදුරටත් තර්ජනයක් වන්නට සමත් වුවත් ඔවුන් පන්දුව හුවමාරු කර ගැනීමේ දී ඔවුන්ගෙන් පන්දුව ලබාගත් යුද හමුදා කණ්ඩායමේ සමීර බුලත්සිංහල එය පොලිස් ක්‍රීඩකයින් පසු කරමින් පහසුවෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. එහි දී ලැබුණු පහසු ප්‍රවර්තන අවස්ථාව සාලින්ද විසින් සාර්ථක ක රගනු ලැබීය (පොලිස් 13–18 යුද).

ඉන් අනතුරුව සිය සුපුරුදු ප්‍රබල ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ යුද හමුදා ක්‍රීඩකයින් තරගයේ 63 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගන්නට සමත් විය. සුගත් නානායක්කාර විසින් එය වාර්තා කර ගනු ලැබූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට සාලින්ද සමත් විය (පොලිස් 13–25 යුද).

අනතුරුව තරගයේ 72 වන මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩා සමාජය නැවතත් තරගයට රැගෙන එමින් වජීඩ් ෆවුමි විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් විය. නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට සයිඩ් සිංහවංස අපොහොසත් විය (පොලිස් 18–25 යුද).

හොංකොං අභියෝගයට යෞවනයින් සූදානම්

පසුගිය වසරේ අඳුරු මතක මකා දමමින්,ලෝක ශූරතා කුසලානයට වරම් ලැබීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා වයස අවුරුදු…

තරගය අවසන් වන්නට පෙර යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සම්පත් කුමාර උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර සාලින්ද විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නා ලදි.

ඒ අනුව උණුසුම් තරගයක් අවසානයේ ප්‍රසාද ලකුණක් ද සමඟින් තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නට යුද හමුදා කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ කාලය: පොලිස් ක්‍රීඩා සමාජ 18 (3T 1P) – 32 (4T 3C 2P)  යුද හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – අෂාන් බණ්ඩාර (යුද හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම –

පොලිස් ක්‍රීඩා සමාජය – වජීඩ් ෆවුමි 2T, සුජාන් කොඩිතුවක්කු 1T, සංදේෂ් ජයවික්‍රම 1P

යුද හමුදා ක්‍රීඩා සමාජය – අෂාන් බණ්ඩාර 1T, සමීර බුලත්සිංහල 1T, සුගත් නානායක්කාර 1T, සම්පත් කුමාර 1T, ගයාන් සාලින්ද 3C 2P

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට