හැව්ලොක් ප්‍රහාරය හමුවේ ගුවන් ක්‍රීඩකයෝ දණ නමයි

709

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තියුණු හා උණුසුම් තරගයක් අද (10) හැව්ලොක් ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ හැව්ලොක් පිටියේ දී අවසන් වූයේ, ලකුණු 46–23ක් ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජයට ජය හිමි කර දෙමිනි.

පොලිස් පිල පරදවමින් හැව්ලොක් කණ්ඩායමට විශිෂ්ට ජයක්

2017/18 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේ දෙවැනි තරගය…

තරගාවලියේ පළමු සතියේ පැවැත්වූ තරගවල දී හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 36-00ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කළ අතර, CR & FC කණ්ඩායම හමුවේ ලකුණු 21-09ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජය විය. ඒ අනුව හැව්ලොක් කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව මෙම තරගයට අවතීර්ණ වන අතර, ගුවන් හමුදා ක්‍රීඩකයින් කෙසේ හෝ ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිව සවස 6.30ට පමණ ක්‍රීඩා පිටියට අවතීර්ණ විය.

මෙම තරගාවලියේ 6 වන තරගය වූ මෙය විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විය. මෙම තරගයට ආරම්භය ලබා ගත්තේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඉෂාර මදුශාන් විසිනි.

තරගය ආරම්භ වූ විගසම ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් ලැබුණ ද එය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. තරගයේ 6 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ශෙහාන් ඩයස් දක්ෂ ලෙස පන්දු රැගෙන දිවගොස් උත්සාහක දිනුම් රේඛාව පසු කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (හැව්ලොක් 5-0 ගුවන් හමුදාව)

අනතුරුව දෙපිලම කරට කර සටනක හොඳින් නිරත වූ අතර, හැව්ලොක් ක්‍රීඩකයින්ගෙන් සිදු වූ අතපසු වීමක් නිසා ගුවන් හමුදාවට දඬුවම් පහරක් හිමි විය. චරිත් සෙනෙවිරත්න 12 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදාවට ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත්තේ ඔවුන් ලකුණු පුවරුව සඳහා අවශ්‍ය ආරම්භක වෙඩිල්ල තබමිනි. (හැව්ලොක් 5-3 ගුවන් හමුදාව)

තරගයේ 15 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ලැබුණු දෙවන දඬුවම් පහර ද කිසිදු අතපසුවීමකින් තොරව සාර්ථක කර ගැනීමට චරිත් සේනානායක සමත් විය. (හැව්ලොක් 5-6 ගුවන් හමුදාව)

CR & FC කණ්ඩායම පළමු ජයග්‍රහණය වාර්තා කරයි

ඊයේ (04) ආරම්භ වූ 2017/18 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ CR & FC කණ්ඩායම…

හැව්ලොක් ක්‍රීඩා සමාජය අභිබවා ගුවන් හමුදා ලකුණු පුවරුව ඉහළට එසවූ මොහොතේ ගුවන් හමුදා ප්‍රේක්ෂකාගාරය ඉතාමත් ජවසම්පන්න ලෙසින් ඔල්වරසන් දුන්න ද, එයින් ප්‍රබෝධමත් වූයේ හැව්ලොක් ක්‍රීඩා සමාජය බව පෙන්නුම් කරමින් ක්‍රියාත්මක වූ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ හුකර් ක්‍රීඩක ප්‍රසාද් මදුසංක තරගයේ 19 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර, ඒත් සමඟින් නැවතත් ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකි විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයෝ අසමත් වූහ. (හැව්ලොක් 10-6 ගුවන් හමුදාව)

තම සඟයන් අතර හුවමාරු වූ පන්දුව පිටියේ මැද දී ලබාගත් නිශොන් පෙරේරා පිටියේ මැද සිටම දිවගොස් තරගයේ 27 වැනි මිනිත්තුව ඔහුගේ උත්සාහක දිනුමට වෙන්කරවා ගත්තේය. ඒ අනුව හැව්ලොක් ලකුණු පුවරුව තවදුරටත් ඉහළට එසවිණි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් අසමත් විය. (හැව්ලොක් 15-6 ගුවන් හමුදාව)

ක්‍රීඩක විනය සම්බන්ධයෙන් රග්බි බලධාරීන් තදින්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පසුගිය සති අන්තයේ තරගවල දී වාර්තා වූ…

තරගයේ 31 වන මිනිත්තුවේ දී යළිත් වතාවක් චරිත් සෙනෙවිරත්න ප්‍රමුඛ ගුවන් හමුදාවට දඬුවම් පහරක් ලැබුණි. එය කිසිදු පැකිළීමකින් තොරව සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි විය. (හැව්ලොක් 15-9 ගුවන් හමුදාව)

හැව්ලොක් පිලේ හිරන්ත පෙරේරා තරගයේ 33 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ උත්සාහක දිනුම් ගොන්නට තවත් එක් උත්සාහක දිනුමක් එකතු කළේය. Full Back ක්‍රීඩක රීසා මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (හැව්ලොක් 22-9 ගුවන් හමුදාව)

පළමු අර්ධය අවසානයේ – හැව්ලොක් ක්‍රීඩා සමාජය 22 (4T 1C) – 09 (3P) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භ කරමින් හැව්ලොක් ක්‍රීඩක රීසා මුබාරක් ක්‍රියාත්මක විය.

දෙවන අර්ධයේ සිය ආධිපත්‍යය තවදුරටත් විහිදුවාලූ හැව්ලොක් ක්‍රීඩා දුශ්මන්ත ප්‍රියදර්ශන ගුවන් හමුදාවෙන් එල්ල වූ බාධා නොසලකා හරිමින් තරගයේ 44 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් හැව්ලොක් ලකුණු පුවරුවට එකතු කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක වුවත් ඒ වන විට තරගයේ වැඩි වාසිය ඔවුන් සතුව තිබුණි. (හැව්ලොක් 27-9 ගුවන් හමුදාව)

මෙතෙක් වේලා දඬුවම් පහර මඟින් පමණක් ලකුණු රැස්කරගත්, ගුවන් හමුදාවට තරගයේ පළමු උත්සාහක දිනුම් අවස්ථාව ලබා දීමට රදීශ සෙනෙවිරත්නට හැකි විය. 51 වන මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුම චරිත් සෙනෙවිරත්න විසින් සර්ව සම්පූර්ණ කරමින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (හැව්ලොක් 27-16 ගුවන් හමුදාව)

පාසල් රග්බි ලීගය ලබන මාර්තුවේ; ආකෘතියේ වෙනසක් නැහැ

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් 2018 වර්ෂයටත් සංවිධානය කරනු ලබන පාසල් රග්බි…

52 වන මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කර ගත්ත ද, එය උත්සාහක දිනුමක් ලෙස විනිසුරුතුමා විසින් පෙන්නුම් නොකළේ එම ක්‍රීඩකයා එම උත්සාහක දිනුම උත්සාහක දිනුම් රේඛාව තුල නිසියාකාරව නොතැබූ නිසාවෙනි.

63 වන මිනිත්තුවේ දී කෙවින් ඩික්සන් හැව්ලොක් කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 32ක් දක්වා ඔසවා තැබීය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් අසමත් විය. (හැව්ලොක් 32- 16 ගුවන් හමුදාව)

තරගයේ 69 වන මිනිත්තුවේ දී පරාක්‍රම රත්නායක හැව්ලොක් බාධා තරණය කරමින් ගුවන් හමුදාවේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ, හැව්ලොක් පිලට කරට කර සටනක් ලබා දෙමිනි. චරිත් සෙනෙවිරත්න ප්‍රවර්තනය ලබා ගැනීමේ දී සාර්ථක විය. (හැව්ලොක් 32- 23 ගුවන් හමුදාව)

72 වන මිනිත්තුවේ දී කෙවින් ඩික්සන් අලංකාරවත් උත්සාහක දිනුමක් හැව්ලොක් පිල වෙනුවෙන් සාර්ථක කර ගත් අතර, ඒ සඳහා සිය කණ්ඩායම් සඟයින්ගෙන් අගනා සහයක් ලැබුණි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් මුබාරක් එම උත්සාහක දිනුමේ වාසිය සම්පූර්ණ කරන ලදි. (හැව්ලොක් 39- 23 ගුවන් හමුදාව)

Match Highlights – Havelock SC vs Police SC DRL 2017/18 #2

Match Highlights of the game between Havelock SC & Police SC played on 4th November

තරගයේ අවසන් මිනිත්තු කිහිපය ගෙවී ගියත් සිය තරගය අත්නොහළ හැව්ලොක් පිලට 80 වන මිනිත්තුවේ දී නිශෝන් පෙරේරා විසින් සිය දෙවන උත්සාහක දිනුම සාර්ථක කර දුන් අතර, එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. අවසානයේ තරගයේ ප්‍රධාන විනිසුරුතුමා විසින් තරගයේ අවසන් නලා නාදය  නිකුත් කළේ, හැව්ලොක් කණ්ඩායම මෙම තරගාවලියේ ලබාගත් දෙවන ජයග්‍රහණය ද සනිටුහන් කරමිනි. (හැව්ලොක් 46 – 23 ගුවන් හමුදාව)

සම්පූර්ණ කාලය අවසානයේ – හැව්ලොක් ක්‍රීඩා සමාජය 46 (8T 3C) – 23 (2T, 2C, 3P) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා –  ශෙහාන් ඩයස් (හැව්ලොක් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්,

හැව්ලොක් ක්‍රීඩා සමාජය (46) – ශෙහාන් ඩයස් 1T ,  ප්‍රසාද් මදුසංක 1T , නිශෝන් පෙරේරා 2T , හිරන්ත පෙරේරා 1T, රීසා මුබාරක් 3C, දුශ්මන්ත ප්‍රියදර්ශන 1T, කෙවින් ඩික්සන් 2T.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (23) – චරිත් සෙනෙවිරත්න 2C, 3P, රදීශ සෙනෙවිරත්න 1T, පරාක්‍රම රත්නායක 1T.

මෙම තරගාවලියේ හෙට (11) පැවැත්වෙන තරග,

  • සවස 00ට පොලිස් ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය පොලිස් පාර්ක් පිටිය
  • සවස 00ට CR & FC හා නාවික හමුදා ක්‍රීඩා සමාජය ලොන්ග්ඩන් පෙදෙස

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<