පොලිස් පිල පරදවමින් හැව්ලොක් කණ්ඩායමට විශිෂ්ට ජයක්

521

2017/18 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේ දෙවැනි තරගය, හැව්ලොක් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර අද (4)  පැවති අතර එහි දී 36-00 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට හැව්ලොක් ක්‍රීඩකයින්ට හැකි විය.

කන්ද උඩරටින් අගනුවරට ආක්‍රමණයක්

2017/18 ඩයලොග් රග්බි ලීග් තරගමාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ගියවර ශූරතාවය දිනා ගත් මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් ගියවර ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය…

ජේසන් මෙල්ඩර්ගේ නායකත්වයෙන් හැව්ලොක් කණ්ඩායම පිටියට පිවිසි අතර පොලිස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රසිත් ජයංග හට භාර වී තිබුණි.

මෙවර තරගාවලිය සඳහා පොලිස් කණ්ඩායම කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයින්ගෙන් තොරව තරග කිරීම විශේෂ කරුණක් විය.

දිවා රාත්‍රි තරගයක් ලෙස හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ තෙවන මිනිත්තුවේ ම සිය පළමු  උත්සාහක දිනුම් වාර්තා කර ගනිමින් හැව්ලොක් කණ්ඩායම තරගයේ පෙරමුණ ගත් අතර, ප්‍රසාද් මදුසංක වාර්තා කළ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය රීසා මුබාරක් සාර්ථකව ප්‍රවර්තනය කළේය (07-00).

හැව්ලොක් කණ්ඩායම නැවතත් ක්‍රියාත්මක වෙමින් තරගයේ අට වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. දුෂ්මන්ත ප්‍රියදර්ශන මෙම උත්සාහක දිනුම වාර්තා කළ අතර රීසා මුබාරක් නැවතත් එහි  ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය (14-00).

පොලිස් පිල ද ක්‍රමයෙන් තරගයට පිවිසුණු අතර විසි දෙවැනි මිනිත්තුවේ දී පොලිස් පිලට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ඔවුන් අසමත් විය. නැවතත් පෙර ලෙසම  තරගයේ විසිහය වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහර ද සාර්ථක කර ගැනීමට සන්දේශ් ජයවික්‍රම අසමත් විය.

ෆාසිල් මරීජාගෙන් ක්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳව හැඟීම්බර ප්‍රකාශයක්

‘Fly-half’ ස්ථානයේ ක්‍රීඩා කරන විශිෂ්ට ක්‍රීඩකයෙකු වන, මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද සුවිශාල මෙහෙවරක් ඉටු කළ 32 හැවිරිදි ෆාසිල් මරීජා, මෙම…

අනතුරුව හැව්ලොක් කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගත් රීසා මුබාරක් හැව්ලොක් ලකුණු තත්වය ලකුණු 17ක් දක්වා ඉහළ දැමීමට සමත් විය (17-00).

පළමු අර්ධය අවසානයේ පිටියේ උණුසුම් තත්වයක් ඇති වූ අතර අනතුරුදායක ක්‍රීඩා විලාසය නිසා විනිසුරු දෙපිලේම නායකයින්ට අවවාද කිරීම විශේෂ කරුණක් විය. පොලිස් කණ්ඩායම වරින් වර හැව්ලොක් ග්‍රහණයෙන් මිදීමට උත්සහ කළ ද ප්‍රථම අර්ධය පුරා හැව්ලොක් පිල පොලිස් අර්ධයේ සිය අණසක පැතිර වීමට සමත් විය.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 17 – 00 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ ම පොලිස් ක්‍රීඩා සමාජය ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ අතර අපරික්ෂාකාරී ක්‍රීඩා විලාසය නිසා උත්සාහක දිනුමක් ලෙස පරිවර්තනය කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම තරගය පුරා ගිලිහි යාම කැපී පෙනුනි.

අනතුරුව නැවතත් සිය සුපුරුදු ක්‍රීඩා විලාසයට අවතීර්ණ වූ හැව්ලොක් පිල පොලිස් අර්ධය ආක්‍රමණය කරමින් සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කළ අතර නායක ජේසන් මෙල්ඩර් එම උත්සාහක දිනුමට හිමිකම් කීය. තරගය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළ හැව්ලොක් පිලේ රීසා මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කිරීමට සමත් විය (24-00).

ඩයලොග් ලීග් කිරුළ සඳහා තරග වදින්නට CR & FC පිළ සූදානමින්

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් වන කවිඳු පෙරේරාගේ නායකත්වය යටතේ CR & FC කණ්ඩායම මේ වන විට…

පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රවර්තන හා පා පහර දීමේ සිදු වූ අතපසුවීම්  තරගය පුරා කැපී පෙනුණු අතර එම නිසා ඔවුන්ට ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ද  මඟ හැරුණි.

දිගින් දිගටම හැව්ලොක් පිල පොලිස් අන්තය ආක්‍රමණය කළ අතර පොලිස් පිලට ඔවුන්ගේ අන්තය ආරක්ෂා කරනු විනා උත්සාහක දිනුමක් සඳහා උත්සහ කිරීමට අවස්ථාවක් නොලැබීම දක්නට ලැබුණි.

නැවතත් ක්‍රියාත්මක වූ රීසා මුබාරක් අලංකාර ධාවනයක යෙදෙමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගන්නා ලදි (31-00).

තරගයේ හැත්තෑ එක් වන මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩක ෂාරෝ ප්‍රනාන්දු කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළේය. සිය ගෞරවය රැක ගැනීමට අවස්ථා කිහිපයක් හිමි වුවද ඒවා සාර්ථක කර ගැනීමට පොලිස් පිල අසමත් විය.

නැවතත් ක්‍රියාත්මක වූ හැව්ලොක් පිලේ කෙවින් ඩික්සන් තරගයේ අවසාන මිනිත්තුවේ දී අලංකාර ධාවනයක යෙදෙමින් හැව්ලොක් පිලේ පස්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. රීසා මුබාරක් හට එම ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකියාවක් නොලැබුණු අතර තරගයේ අවසානය සනිටුහන් කරමින් තරගයේ ජය ලකුණු 36-00ක් ලෙස  හැව්ලොක් පිලට හිමි විය.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 36 – 00 පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ප්‍රසාද් මදුසංක

හැව්ලොක් කණ්ඩායම: උත්සාහක දිනුම් (5) ප්‍රවර්තන  (4) දඬුවම් පහර (1)  

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට