නාවිකයෝ පොලීසිය හිස් අතින් ගෙදර යවති

525
Sri Lanka Club Rugby

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ප්‍රථම තරග වටය ආරම්භ කරමින් අද (16) නාවික හමුදා ක්‍රීඩා සමාජයත්, පොලිස් ක්‍රීඩා සමාජයත් තුරඟ තරග පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු  36-28ක් වශයෙන් තරගය ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයන් සමත් විය.

ෆාසිල් මරීජාගේ වීරකම් හමුවේ මහනුවර අපරාජිතව ශූරතාවයට

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර අද (11) මහනුවර නිත්තවෙල..

පිළිමළුන් පිටුදැකීමේ තරගයක් නිසාවෙන් කණ්ඩායම් දෙකටම ජයග්‍රහණය අනිවාර්ය සාධකයක් වූ අතර පැහැදිලි ආලෝක තත්වයක් යටතේ නාවිකයන්ගේ පා පහරින් තරගය ආරම්භ විය.

නාවික හමුදා නායක ධනුෂ්ක පෙරේරා මෙම තරගය සඳහා ක්‍රීඩා නොකිරීම තරගයේ මුල සිටම නාවිකයන්ට අවාසිදායක විය. තරගයේ මිනිත්තු කිහිපයක් ගත වූ තැන පොලිස් ක්‍රීඩක වජිඩ් ෆයුමි ප්‍රථම උත්සාහක දිනුම පොලිස් ලකුණු පුවරුවට එක් කළේය. එහි ප්‍රවර්තනය සන්දේශ් විසින් සාර්ථක කර ගත්තේය. (07-00)

නාවිකයන් සූක්ෂ්මව ධවල රේඛාව අසල දී ම ලබාගත් ඉක්මන් අවස්ථාවක් උත්සාහක දිනුමකට පරිවර්තනය කරන්නට සමත් වූයේ නාවික හමුදා ක්‍රීඩක දුලන්ජන් විජේසිංහ විසිනි. එහි ප්‍රවර්තනය තිලිණ විසින් සාර්ථක කර ගත්තේය. (07-07)

ඉන් මිනිත්තු කිහිපයකට පසු නාවික හමුදා ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක හර්ෂ මදුරංග නාවික හමුදාව වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම දිනා දුන්නේය. ඒ සෙසු නාවික ක්‍රීඩකයන් පෙරට වඩා උපක්‍රමශීලිව තම ක්‍රියාන්විතය දියත් කිරීම නිසාවෙනි. එහි ප්‍රවර්තනය ද තිලිණ විසින් සාර්ථක කර ගන්නා ලදි. (07-14)

කණ්ඩායම් දෙකම ලකුණු වෙනුවෙන් පොර බදින අතරතුර පොලිස් ලකුණු පුවරුවට තවත් උත්සාහක දිනුමක් දිනා දෙන්නට සුරංග කසුන් සමත් විය. ඒ පැති රේඛාව පිටින් ලද පන්දුව සාර්ථක පන්දු හුවමාරුවකින් පසු සුරංග අතට පත් කරමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (14-14)

තරගයේ පළමු භාගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් තිබිය දී දෙපිලේම තරගකාරීත්වය වැඩි වූයේ ප්‍රථම අර්ධයේ වාසිය තමන් වෙත නතු කර ගැනීමේ අභිප්‍රායෙනි. ඒ නිසාවෙන්ම පොලිස් ක්‍රීඩකයෙකු කළ අනිසි බලපෑමේ වාසිය නාවික හමුදාවට ලැබුණු අතර එහි උපරිම ඵල නෙලා ගනිමින් තිලිණ වීරසිංහ සාර්ථකව ලැබුණු දඬුවම් පහර ගෝල කණු අතරින් පියාසර කළේය. (14-17)

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 14 – 17 නාවික හමුදා  ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයෙන් දිගු නිහැඬියාවකට පසු පොලිස් ඉදිරිපෙළ ලබා ගත් පන්දුව අලංකාර පන්දු හුවමාරුවකින් නාවික කණ්ඩායමේ ආරක්ෂක වළල්ල අතරින් ධවල රේඛාව පසුකර රැගෙන යන්නට සුරංග කසුන් සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (21-17)

එයින් පසු නොබැසි නාවික පෙරමුණ තම ක්‍රීඩා පිළිවෙත තරමක් වෙනස් මගකට ගෙන යමින් පොලිස් ඉදිරිපෙළ ක්‍රීඩකයන්ට දිගින් දිගටම පීඩනය එල්ල කරන්නට විය. කෙසේ නමුත් සාර්ථක පන්දු හුවමාරුවකින් පසුව නාවික ක්‍රීඩක කසුන් ද සිල්වා අතට පත් කළ පන්දුව ඔහු සාර්ථකව ධවල රේඛාවෙන් එපිටට රැගෙන ගියේය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (21-24)

මහනුවර බැබළ වූ මරීජාට අමතක නොවන තෑග්ගක්

හිටපු ශ්‍රී ලංකා ජාතික රග්බි නායක සහ විශිෂ්ට ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාසිල් මරීජා පසුගිය දා මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තම අවසන් රග්බි තරගයට ක්‍රීඩා කළේ වසර 18ක් පුරා එම…

ඉන් සුළු මොහොතකට පසුව දීර්ඝ පන්දු හුවමාරුවක් තිලිණ වීරසිංහ විසින් අවසන් කළේ නාවිකයින්ට තවත් උත්සාහක දිනුමක් අත්කර දෙමිනි. කෙසේ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (21-29)

තරගයේ අවසන් මිනිත්තු කිහිපය වෙත තරගය ඇදී එද්දී දෙපිලටම තරගය විවෘත වන බවක් පෙනෙන්නට තිබුණු නමුත් පිටියේ වාසිය මනාව ග්‍රහණයට ගත් පොලිස් ක්‍රීඩකයන් සාර්ථක උත්සාහක දිනුමක් ලකුණු පුවරුවට එක් කළේය. කාවින්ද ජයසුන්දර එම උත්සාහක දිනුමට හිමිකම් කී අතර එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (28-29)

කෙසේ නමුත් තරගයේ තීරණාත්මක අවසන් ලකුණ, සාර්ථක ඉදිරි පෙළ ආක්‍රමණයකින් පොලිස් ආරක්ෂක ක්‍රීඩකයන් එක පෙළට බිද දැමූ දුලන්ජන් විජේසිංහ ලබා ගත් උත්සාහක දිනුමත් සමඟින් වාර්තා විය. එහි ප්‍රවර්තනය ද තිලිණ විසින් සාර්ථක කරගත්තේය. (28-36)

අවසන් ලකුණු තත්වය: පොලිස්  ක්‍රීඩා සමාජය 28 (4T 4C) – 36 (5T 4C 1P) නාවික හමුදා  ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: දුලන්ජන් විජේසිංහ (නාවික හමුදාව)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • පොලිස් ක්‍රීඩා සමාජය: වජිඩ් ෆයුමි 1T, සුරංග කසුන් 2T, කාවින්ද ජයසුන්දර 1T, සන්දේශ් ජයවික්‍රම 4C
  • නාවික හමුදා  ක්‍රීඩා සමාජය: හර්ෂ මධුරංග 1T, කසුන් ද සිල්වා 1T, දුලන්ජන් විජේසිංහ 2T, තිලිණ වීරසිංහ 1T, 3C, 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<