යුද හමුදා සිහින බොඳ කරමින් හැව්ලොක් ඉදිරියට

485

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ තෙවැනි අර්ධ අවසාන පූර්ව තරගය අද (17) කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය හා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ පොලිස් පාක් රග්බි ක්‍රීඩාංගණයේ දී පැවති අතර තියුණු තරගයකින් අනතුරුව ලකුණු 41-20ක් ලෙස තරගය ජය ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

CH පැරදූ CR ක්‍රීඩකයෝ ක්ලිෆර්ඩ් කුසලාන අවසන් පූර්ව වටයට

2018 ‘Dialog’ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ …

තරගයේ පළමු මිනිත්තුවේ සිටම සටනට අවතීර්ණ වූ යුද හමුදාව ප්‍රබල හැව්ලොක් කණ්ඩායමට තර්ජනයක් වෙමින් තරගයේ දසවැනි මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ජනිත් ලංකා එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (යුද 07-00 හැව්ලොක්)

යුධ ආක්‍රමණයට ප්‍රබල ප්‍රතිචාරයක් ලබා දුන් හැව්ලොක් කණ්ඩායම තරගය සියතට ගනිමින් විසිවැනි මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. දුෂ්මන්ත ප්‍රියදර්ශන එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර රීසා මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (යුද 07-07 හැව්ලොක්)

යුද හමුදා කණ්ඩායම සිය අන්තයේ සීමා කළ හැව්ලොක් කණ්ඩායම නැවතත් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් 26 වන මිනිත්තුවේ දී සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකට අනතුරුව රැන්ඩි සිල්වා උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර රීසා මුබාරක් එහි ප්‍රවර්තනය පහසුවෙන් සාර්ථක කර ගන්නා ලදි. (යුද 07-14 හැව්ලොක්)

දිගින් දිගටම යුද භටයෝ පසුපසට ඇද දැමූ හැව්ලොක් කණ්ඩායම 29 වන මිනිත්තුවේ දී නැවත වරක් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය ද “Forward Pass” අවස්ථාවක් හේතුවෙන්  එම උත්සාහක දිනුම නිශ්ප්‍රභ කිරීමට විනිසුරු තීරණය කරන ලදි.

නාවිකයෝ පොලීසිය හිස් අතින් ගෙදර යවති

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ප්‍රථම තරග වටය ආරම්භ…

දිගින් දිගටම යුද හමුදා කණ්ඩායම සිය අර්ධයට සීමා කළ හැව්ලොක් ක්‍රීඩකයින් 34 වන මිනිත්තුවේ දී නැවත වරක් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමින් ලකුණු පරතරය තවත් ඉහළ දැමූ අතර සුදම් සූරියආරච්චි එම උත්සාහක දිනුමට හිමිකම් කීය. රීසා මුබාරක් හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (යුද 07-19 හැව්ලොක්)

38 වන මිනිත්තුවේ දී යුධ හමුදා කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ගයාන් සාලින්ද සමත් වූ අතර පළමු අර්ධය අවසානයේ ලකුණු තත්වය 10-19ක් ලෙස හැව්ලොක් කණ්ඩායම තරගය සියතට රැගෙන තිබුණි. (යුද 10-19 හැව්ලොක්)

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 19 – 10 යුද හමුදා ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධය ආරම්භයේ ම යුද හමුදා කණ්ඩායම ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ නමුත් අවාසනාවන්ත ලෙස යුද හමුදාවේ සුගත් නානායක්කාර හට කහ කාඩ්පතක් හිමි වීම නිසා තරගයේ වාසිය නැවතත් තමන් දෙසට හරවා ගන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

ප්‍රබල ආක්‍රමණය දියත් කළ හැව්ලොක් කණ්ඩායම යුද හමුදා අර්ධය ආක්‍රමණය කරමින් නැවත වරක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට උත්සහ කළ ද, යුද හමුදා කණ්ඩායම සිදු කළ අනවශ්‍ය වැළැක්වීමක් නිසා හැව්ලොක් කණ්ඩායමට තරගයේ 54 වන මිනිත්තුවේ දී දඬුවම් උත්සාහක දිනුමක් පිරිනමන්නට විනිසුරු තීරණය කළේය. (යුද 10-26 හැව්ලොක්)

යුද හමුදාවට හිස එසවීමටවත් අවස්ථාවක් ලබා නොදුන් හැව්ලොක් කණ්ඩායම තරගයේ 59 වන මිනිත්තුවේ සිය පස්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ප්‍රසාද් මධුසංක එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර රීසා මුබාරක් හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (යුද 10-31 හැව්ලොක්)

62 වන මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමේ ෂාරෝ ප්‍රනාන්දු හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු ක්‍රියා කළේය. එහි වාසිය මැනවින් උකහා ගත් යුද හමුදා කණ්ඩායම තරගයේ 68 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මනෝජ් බණ්ඩාර එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය.(යුධ 15-31 හැව්ලොක්)

ලකුණු පරතරය තවදුරටත් ඉහළ දමමින් 71 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට හැව්ලොක් කණ්ඩායමේ රීසා මුබාරක් සමත් විය. (යුද 15-34 හැව්ලොක්)

යුද හමුදා බලාපොරොත්තු සුන් කරමින් දිනුක් අමරසිංහ හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් සයවැනි උත්සාහක දිනුම 78 වන මිනිත්තුවේ දී වාර්තා කළ අතර රජිත සන්සෝනි අලංකාර ලෙස එම උත්සාහක දිනුම ප්‍රවර්තනය කරන ලදි. (යුද 15-41 හැව්ලොක්)

තරගයේ 80 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ යුද හමුදා කණ්ඩායමේ සමීර බුලත්සිංහල යුධ හමුදාව වෙනුවෙන් තෙවන උත්සාහක දිනුම වාර්තා කළ නමුත් ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය. (යුද 20-41 හැව්ලොක්)

අවසාන ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 41 (5T,3C,1PT,1P) – 20 (3T, 1C, 1P) යුද හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය: සුදම් සූරියආරච්චි (1T), ප්‍රසාද් මධුසංක (1T), දුෂ්මන්ත ප්‍රියදර්ශන (1T), රැන්ඩි සිල්වා (1T), රජිත් සන්සෝනි (1C), දිනුක් අමරසිංහ (1T), රීසා මුබාරක් (2C,1P)
  • යුද හමුදා ක්‍රීඩා සමාජය: මනෝජ් බණ්ඩාර (1T), ජනිත් ලංකා (1T),  සමීර බුලත්සිංහල (1T), ගයාන් සාලින්ද (1P 1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<