අවසන් මොහොතේ විසඳුණු අවසන් අසුන නාවිකයින්ට

630

2018 ‘Dialog’ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක් හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (21) පැවති අතර එයින් ලකුණු 28-26ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

නාවිකයෝ පොලීසිය හිස් අතින් ගෙදර යවති

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ප්‍රථම තරග වටය ආරම්භ …

පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට හැව්ලොක් ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගත්තේ ලකුණු 41-21ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් වන අතර නාවික හමුදා ක්‍රීඩා සමාජය මේ තරගයට පිවිසියේ ලකුණු 36-28ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

පිළිමළුන් පිටුදැකීමේ තරගයක් නිසාවෙන් කණ්ඩායම් දෙකටම ජයග්‍රහණය අනිවාර්ය සාධකයක් වූ අතර පැහැදිලි ආලෝක තත්වයක් යටතේ හැව්ලොක් පා පහරින් තරගය සවස 4.20ට ආරම්භ විය.

කණ්ඩායම් දෙකම කරට කර සටනකට අවතීර්ණ වූ අතර තරගයේ 6 වන මිනිත්තුවේ දී නාවික හමුදාවට පහසුවෙන්ම ලබා ගැනීමට තිබූ උත්සාහක දිනුමක් ලබා ගැනීමට නොහැකි විය.

මිනිත්තු 14ක් යනතුරුම කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් හිමි වූයේ නැත. දෙපසට දෝලනය වෙමින් තිබූ පන්දුව තමන් සතු කර ගත් හැව්ලොක් ක්‍රීඩක  අස්මීන් ෆාජුඩීන් උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. ඒ සමඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. (හැව්ලොක් 07-00 නාවික)

20 වන මිනිත්තුව තෙක් අවස්ථාවක් සොයමින් සිටි නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් චරිත් සිල්වා උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ සමත් විය. (හැව්ලොක් 07-07 නාවික)

තරගයේ 24 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ චතුර ගෝමස් නාවික හමුදා ලකුණු පුවරුව පෙරමුණට ගෙන එමින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගත්තේ හැව්ලොක් ආරක්ෂක පවුරු බිඳ දමමිනි. එ් සඳහා ලැබුණු දිගු දුර ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ අසමත් විය. (හැව්ලොක් 07-12 නාවික)

යුද හමුදා සිහින බොඳ කරමින් හැව්ලොක් ඉදිරියට

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ තෙවැනි අර්ධ අවසාන …

නාවික හමුදා ලකුණු පුවරුව තවදුරටත් පෙරමුණේ තබා ගැනීමට නාවික හමුදා කණ්ඩායමට දඬුවම් පහරක් ලැබුණු නමුත් එය සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ අසමත් විය.

40 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජය තරගාවලිය පුරා පෙන්නුම් කළ දුර්වලතාවය නැවතත් පෙන්නුම් කරමින් ක්‍රීඩා කළේය. එහි වාසිය මැනවින් උකහා ගත් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ අස්මීන් ෆාජුඩීන් හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් මෙම තරගය තුළ ලබාගත් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. රීසා මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය. ඒත් සමඟින් තරගයේ පළමු අර්ධය අවසන් වූයේ දෙපිලම සම මට්ටමක පසුවෙමිනි. (හැව්ලොක් 12-12 නාවික)

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 12 – 12 නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධය ආරම්භ කරමින් කණ්ඩායම් දෙකම කරට කර තරගයකට පිවිසුණු අතර හැව්ලොක් ග්‍රහණයෙන් මිදී 42 වන මිනිත්තුවේ දී දඬුවම් පහරකින් ලකුණු රැස් කිරීමට නාවික හමුදා ක්‍රීඩා සමාජයේ තිළිණ වීරසිංහ උත්සහ කළ අතර එ් උත්සාහය සාර්ථක විය. (හැව්ලොක් 12-15 නාවික)

පළමු භාගය පුරා යම් නිහැඬියාවක් පෙන්නුම් කළ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන නාවික හමුදා ක්‍රීඩා සමාජයේ තිළිණ වීරසිංහ තරගයේ 49 වන මිනිත්තුවේ දී නාවික හමුදාව වෙනුවෙන් තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය. (හැව්ලොක් 12-18 නාවික)

තරගයේ 58 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ චරිත් සිල්වා හැව්ලොක් කණ්ඩායම හා කරට කර සටන් වැද උත්සාහක දිනුමක් ලබා ගත්තේ නාවික හමුදා කණ්ඩායමට තවදුරටත් තරගයේ වාසිය හිමි කර දෙමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ සමත් විය. (හැව්ලොක් 12-25 නාවික)

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ රවීන් ද සිල්වා හට තරගයේ ප්‍රධාන විනිසුරුතුමා විසින් කහ කාඩ්පතක් ලබා දීමත් සමඟින් තරගයේ 70 වන මිනිත්තුවේ දී වාසිය සිය කණ්ඩායම දෙසට හරවා ගත් හැව්ලොක් කණ්ඩායමේ ලසිඳු ඉශාන් අගනා උත්සාහක දිනුමක් සාර්ථක කර ගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (හැව්ලොක් 19-25 නාවික)

තරගයේ 73 වන මිනිත්තුවේ දී නාවික හමුදා ප්‍රේක්ෂකාගරයේ ප්‍රේක්ෂකයින් මවිතයට පත්කරමින් දැකුම්කළු උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට ගිහාන් මදුසංක සමත් විය. එහි ප්‍රවර්තනය කිසිදු අතපසුවීමකින් තොරව සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් වීමත් සමඟ තරගයේ වැඩි පීඩනය නාවික හමුදාව දෙසට යළිත් පතිත විය. (හැව්ලොක් 26-25 නාවික)

උද්වේගකර අවසන් මිනිත්තු පහේ දී කණ්ඩායම් දෙකම දැඩි ජවයකින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර තරගයේ උණුසුම තවත් ඉහළ දමමින් 77 වන මිනිත්තුවේ දී නාවික හමුදාවට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට නාවික හමුදාවේ තිළිණ වීරසිංහ අසමත් වූයේ පන්දුව ගෝල කණුවේ වැදී නැවතත් පිටිය තුළට පතිත වීම  නිසාවෙනි. නමුත් නාවික හමුදා ඉදිරි පෙළ ක්‍රීඩකයින් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීම නිසා හැව්ලොක් කණ්ඩායමෙන් යම් පසුබෑමක් සිදු විය. ඒත් සමඟින් තරගයේ විනිසුරුතුමා විසින් නාවික හමුදා කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන් අතර තිළිණ වීරසිංහ එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ නාවික හමුදා ප්‍රේක්ෂකයින් අමන්දානන්ද කරමිනි. (හැව්ලොක් 26-28 නාවික)

‘Singer’ පාසල් රග්බි ලීගයේ තරග කාලසටහන නිකුත් වේ

2018 වසර සඳහා වන ‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලිය එළඹෙන මාර්තු මස 03 වන දින ආරම්භ…

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 26 (4T,3C) – 28 (3T,2C,3P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: නාවික හමුදා ක්‍රීඩා සමාජයේ චරිත් සිල්වා

ලකුණු ලබා ගැනීම:

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය (26): අස්මීන් ෆාජුඩීන් (2T), රීසා මුබාරක් (3C), ලසිඳු ඉශාන් (1T), ගිහාන් මදුසංක  (1T).
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය (28): තිළිණ වීරසිංහ (2C, 3P), චරිත් සිල්වා (2T), චතුර ගෝමස් (1T).

මෙම තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය නාවික හමුදා ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය අතර මේ ඉරිදා (25) CR & FC පිටියේ දී පැවැත්වෙනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<