නාවික සිහින බොඳ කරමින් හැව්ලොක් ජයග්‍රාහකයින් අතරට

359

අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දහතුන් වන සතිඅන්තය හමාර කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී අද (3) තරග වැදුණු අතර උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 16-11ක් ලෙස තරගය ජය ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

CR & FC ක්‍රීඩකයින් හමුවේ ගුවන් මෙහෙයුම අසාර්ථකයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් දෙසතිය ආරම්භ කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත්, CR & FC ක්‍රීඩා සමාජයත් CR පිටියේ දී අද (03) තරග වැදුණු අතර එහි දී ලකුණු 27-17ක් වශයෙන් තරගය ජය ගැනීමට CR & FC ක්‍රීඩකයින් සමත් විය. පැහැදිලි ආලෝක තත්වයක් යටතේ CR පා පහරින් තරගය ආරම්භ විය.

ඩයලොග් ලීග් තරගාවලියේ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමේ අටියෙන් කණ්ඩායම් දෙකම පිටියට පිවිසුණු අතර ධනුෂ්ක පෙරේරා හා ජේසන් මෙල්ඩර් පිළිවෙළින් නාවික හමුදා හා හැව්ලොක් කණ්ඩායම් මෙහෙයවනු ලැබීය.

දෙවැනි ස්ථානය ලබා ගැනීමේ අරමුණින් කණ්ඩායම් දෙකම කරට කර සටනකට අවතීර්ණ වූ අතර මිනිත්තු නවයක් යනතුරුම කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් හිමි වූයේ නැත. දෙපසට දෝලනය වෙමින් පන්දුව තමන් සතුකරගත් රීසා මුබාරක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් හැව්ලොක් වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය. (හැව්ලොක් 03-00 නාවික)

20 වන මිනිත්තුව තෙක් අවස්ථාවක් සොයමින් සිටි හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් නිශාන් පෙරේරා උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත්වුව ද, රූපවාහිනී විනිසුරු (TMO) වෙත යොමු කිරීමෙන් අනතුරුව, පන්දුව පිරිනැමීමේ දී දෝෂයක් සිදු වූ නිසා (Forward Pass) උත්සාහක දිනුම ලබා නොදීමට විනිසුරුවරුන් ක්‍රියා කරන ලදි.

පළමු භාගය පුරා නිහඬව සිටි තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන නාවික හමුදා ක්‍රීඩා සමාජයේ තිළිණ වීරසිංහ 27 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වෙමින් නාවික හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි විය. (හැව්ලොක් 03-05 නාවික)

අවසානයට පෙර මහනුවර ශූරතාවය තහවුරු කරගනියි

ඩයලොග් රග්බි ලීගය අවසන් වීමට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදීම මහනුවර ක්රීඩා සමාජය එහි ශූරතාවය තහවුරු කරගත්තා. අනෙකුත් කණ්ඩායම් වලට සිදුවන්නේ කුමක්ද? “රග්බි පිටිය”

29 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජයේ බුද්ධිම පියරත්න තරගාවලිය පුරා පෙන්නුම් කළ දුර්වලතාවය නැවතත් පෙන්නුම් කරමින් කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්වූ අතර, එහි වාසිය මැනවින් උකහාගත් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නිශාන් පෙරේරා හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. රීසා මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය. (හැව්ලොක් 08-05 නාවික)

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 08 – 05 නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධය ආරම්භ කරමින් කණ්ඩායම් දෙකම කරට කර තරගයකට පිවිසුණු අතර හැව්ලොක් ග්‍රහණයෙන් මිදී 42 වන මිනිත්තුවේ දී දඬුවම් පහරකින් ලකුණු රැස් කිරීමට නාවික හමුදා ක්‍රීඩා සමාජයේ තිළිණ වීරසිංහ උත්සහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක විය.

49 වන මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමේ රීසා මුබාරක් දඬුවම් පහරක් සඳහා උත්සහ කළ අතර අලංකාර ලෙස එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ඔහු සමත් විය. (හැව්ලොක් 11-05 නාවික)

ගෝල කණු ඉදිරියේම හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගත් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ තිළිණ වීරසිංහ තරගයේ උණුසුම තවත් වැඩි කරමින් ලකුණු පරතරය තවදුරටත් අඩු කිරීමට සමත් විය. (හැව්ලොක් 11-08 නාවික)

ප්‍රබල මහනුවරට යුද හමුදාවෙන් ප්‍රබල අභියෝගයක්

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර අද (03) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 29-20ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

59 වන මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමට කහ කාඩ්පත් දෙකක් හිමි වූ අතර ක්‍රීඩකයින් අඩු වීමේ අවාසිය කරපින්නාගත් නමුත් හැව්ලොක් කණ්ඩායම නාවික හමුදාවට ලකුණු රැස් කිරීමට හිමි වූ අවස්ථා කිහිපයක්ම දක්ෂ ලෙස ව්‍යර්ථ කිරීමට සමත් විය.

උද්වේගකර අවසන් මිනිත්තු දහයට කණ්ඩායම් දෙකම අවතීර්ණ වූ අතර තරගයේ උණුසුම තවත් ඉහළ දමමින් 71 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කරගෙන ලකුණු මට්ටම් සම කිරීමට නාවික හමුදාවේ තිළිණ වීරසිංහ සමත් විය. (හැව්ලොක් 11-11 නාවික)

74 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජයේ චරිත් සිල්වා හට කහ කාඩ්පතක් හිමි වූ අතර එහි වාසිය හිමි කර ගත් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ප්‍රසාද් මදුසංක හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් වූයේ නැත. (හැව්ලොක් 16-11 නාවික)

80 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා ඉදිරිපෙළ උත්සාහක දිනුම් සීමාව ඉක්මවීමට සමත්වුවත් අවාසනාවන්ත ලෙස පන්දුව Knock On අවස්ථාවකට පත්වු බව විනිසුරු තීරණය වූ නිසා තරගයේ ජය හැව්ලොක් කණ්ඩායමට හිමි විය.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 16 (2T,2P)- 11 (1T,2P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ලසිඳු ඉශාන්

ලකුණු ලබා ගැනීම:

  • නාවික හමුදාව: තිළිණ වීරසිංහ (1T,2P)
  • හැව්ලොක්: නිශාන් පෙරේරා (1T), රීසා මුබාරක් (2P), ප්‍රසාද් මදුසංක (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<