ගුවන් හමුදාවට පෙරළිකාර ජයක්

512

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී අද (20) පැවති තරගයෙන් ලකුණු 33-10ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

“ගමට රග්බි” වැඩසටහනේ තවත් එක් පියවරක් සාර්ථකව අවසන්

“ගමට රග්බි” වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පසුගිය දා (15) කුලියාපිටිය සාරානාත් විද්‍යාල පිටියේ දී සාර්ථකව පැවැත්විය….

තරගය අරම්භ වී මිනිත්තු 10ක කාලයක් ගතවන්නටත් පෙර උත්සාහක දිනුම් 2ක් වාර්තා කර ගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් තරගයට ඉතා ප්‍රබල ආරම්භයක් ලබා ගන්නට සමත් විය. එහි පළමු අවස්ථාවේ දී ඔවුන් පන්දුව ඉතාමත් හොඳින් හුවමාරු කරගනිමින් අවසානයේ එය ලහිරු උදයංගකුමාර වෙත බාර කළ අතර ඔහු පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත ගෙන යන ලදි. අනතුරුව යුද හමුදා ක්‍රීඩකයින් අතින් සිය අන්තයේ දී ගිලිහුණු පන්දුව ලබාගත් පබසර හේවගේ පහසුවෙන් එය උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් ඔවුන්ගේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබීය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් ද්විත්වය ද සාර්ථක කර ගන්නට ඒවා ලබාගත් චරිත් සෙනෙවිරත්න සමත් විය. (ASC 00 – 14 AFSC)

ඉන් අනතුරුව ද ගුවන් හමුදා ක්‍රීඩකයින් ප්‍රතිවාදී අන්තය වෙත පන්දුව රැගෙන යමින් යුද හමුදා ක්‍රීඩකයින් හට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට වූ අතර කෙසේ නමුත් යුද හමුදා ක්‍රීඩකයින් ඔවුන්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට අවස්ථාවක් ලබා දුන්නේ නැත. අනෙක් පසින් යුද හමුදා ක්‍රීඩකයින් පන්දුව ඉදිරියට රැගෙන ආ සෑම අවස්ථාවක දී ම ඔවුන්ගේ උත්සාහය අසාර්ථක කරන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.

කෙසේ නමුත් තරගයේ 28 වන මිනිත්තුවේ දී යුද හමුදා ක්‍රීඩකයින් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් තරගයට අවතීර්ණ වීමට සමත් විය. එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ සුදාරක දික්කුඹුර විසිනි. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ගයාන් සාලින්ද සමත් වූයේ නැත. (ASC 05 – 14 AFSC)

ඊට වහාම පිළිතුරු දැක්වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් නැවතත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවා ගන්නට සමත් විය. එවර ද ඔවුන් ඉතාමත් හොඳින් පන්දුව හුවමාරු කර ගනිමින් එය ඉදිරියට රැගෙන ගිය අතර අවසානයේ එය ලබාගත් ඉෂාර මදුෂාන් විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගන්නා ලදි. කෙසේ නමුත් මෙවර එය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නට චරිත් සමත් වූයේ නැත. (ASC 05 – 19 AFSC)

පළමු අර්ධය: යුද හමුදා ක්‍රීඩා සමාජය 05 – 19 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සුපුන් මදුෂංක විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබීය. එහි දී ඔහු ප්‍රතිවාදී කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයින් ඉතාමත් උපක්‍රමශීලීව පසුකරමින් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන ලදි. චරිත් විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගැනීමට ද සමත් විය. (ASC 05 – 26 AFSC)

අනතුරුව ඊට වහාම පිළිතුරු දැක්වූ යුද හමුදා ක්‍රීඩක රොෂාන් සම්පත්, ප්‍රතිවාදී අන්තයේ දී ගුවන් හමුදා ක්‍රීඩකයින් අතින් ගිලිහුණු පන්දුව ලබා ගනිමින් එය පහසුවෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. කෙසේ නමුත් මෙවර ද ගයාන් ලබාගත් ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (ASC 10 – 26 AFSC)

කන්නංගරයට සවියක් වූ ඔබට ස්තුති!

බේස්ලයින් පාරේ පිහිටි විද්‍යාලයක කුඩා රැස්වීමක් තිබුණි. එහි දී යම් මහත්වරුන් කිහිප දෙනකු සමඟ පාසල් ළමුන් කිහිප……

අනතුරුව ගුවන් හමුදා ක්‍රීඩකයින් නැවතත් තරගයට අවතීර්ණ වෙමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ අතර තරගයේ 67 වන මිනිත්තුවේ දී එම උත්සාහය සාර්ථක වූයේ ගයන්ත ඉද්දමල්ගොඩ විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමත් සමඟයි. එවර ද ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට චරිත් සමත් විය. (ASC 10 – 33 AFSC)

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ද ගුවන් හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුවත්, එම උත්සාහය සාර්ථක වූයේ නැත. ඒ අනුව තරගය පුරාවට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කළ ගුවන් හමුදා කණ්ඩායම, ප්‍රබල යුද හමුදා ක්‍රීඩා සමාජය පහසුවෙන් පරාජයට පත්කරමින්, ප්‍රසාද ලකුණක් ද සමඟින් තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: යුද හමුදා ක්‍රීඩා සමාජය 10 (2T) – 33 (5T 4C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා – ඉෂාර මදුෂාන් (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම –

  • යුද හමුදා  ක්‍රීඩා සමාජය – සුදාරක දික්කුඹුර 1T, රොෂාන් සම්පත් 1T
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – ලහිරු උදයංගකුමාර 1T, පබසර හේවගේ 1T, ඉෂාර මදුෂාන් 1T, සුපුන් මදුෂංක 1T,
  • ගයන්ත ඉද්දමල්ගොඩ 1T, චරිත් සෙනෙවිරත්න 4C

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට