නාවික උත්සාහය වතුරේ යයි

678

Dialog අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සයවැනි සති අන්තය ආරම්භ කරමින් අද (9) නාවික හමුදා ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය නිත්තවෙල දී තරග වැදුණු අතර එහි ලකුණු 33-19ක් ලෙස දැවැන්ත ජයක් හිමි කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

ධනුෂ්ක පෙරේරා නාවික හමුදා කණ්ඩායම මෙහෙයවූ අතර ගයාන් වීරරත්න මහනුවර කණ්ඩායම මෙහෙයවනු ලැබීය.

CH මෙහෙයුමෙන් ගුවන් හමුදාව පසුබසී.

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ CH &FC ක්‍රීඩා සමාජය අතර අද (09) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්…

පළමු මිනිත්තුවේ සිටම ඉතා උණුසුම් ස්වභාවයක් ගත් මේ තරගයට ඉතා ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වයක් ද ලැබීම විශේෂ කරුණක් විය.

තරගයේ පළමු මිනිත්තුවේම ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත් නාවික හමුදාවේ තිළිණ වීරසිංහ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය (නාවික 03-00 මහනුවර).

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් උරෙනුර ගැටෙමින් ප්‍රබල සටනක යෙදුණු අතර තරගයේ පස්වැනි මිනිත්තුවේ දී නාවික හමුදා කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ අසමත්වීමත් සමඟ පන්දුව සියතට ගත් මහනුවර ක්‍රීඩකයෝ නාවික අර්ධය ප්‍රබල ලෙස ආක්‍රමණය කරමින් සිය පළමු උත්සාහක දිනුම තරගයේ 7 වැනි මිනිත්තුවේ දී වාර්තා කළහ.

ගයාන් වීරරත්නගේ අලංකාර පන්දු යොමු කිරීමක් උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරමින් ෆාසිල් මරිජා එම උත්සාහක දිනුමට හිමිකම් කීය. නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි (නාවික 03-07 මහනුවර).

නැවතත් ක්‍රියාත්මක වූ මහනුවර පිල නාවික හමුදා පසුපෙළ බිඳ දමමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර අනුරුද්ධ විල්වර එම උත්සාහක දිනුමට හිමිකම් කීය. නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් විය (නාවික 03-14 මහනුවර).

අනතුරුව නාවික හමුදා කණ්ඩායම උත්සාහක දිනුමක් වාර්තා කිරීම සඳහා ප්‍රබල උත්සාහයක නිරත වුවත් තීරණාත්මක අවස්ථාවල දී පන්දුව Knock-On කිරීම නිසා ඔවුන්ට එම අවස්ථා සාර්ථක කර ගැනීමට නොහැකි විය.

27 වන මිනිත්තුවේ දී යළිත් ක්‍රියාත්මක වූ මහනුවර කණ්ඩායම Line-Out අවස්ථාවක් Driving Maul අවස්ථාවක් බවට පත් කර ගනිමින් නාවික හමුදා ඉදිරිපෙළ බිඳ දමමින් සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අලී මොහොමඩ් එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර එහි ප්‍රවර්තනය නයිජල් රත්වත්ත විසින් සාර්ථක කර ගන්නා ලදි (නාවික 03-21 මහනුවර).

මහනුවර ආධිපත්‍යට එරෙහිව ප්‍රබල උත්සාහයක නිරත වූ නාවික හමුදා කණ්ඩායමේ අබ්සාල් මොහොමඩ් මහනුවර පසුපෙළ අතරින් රිංගා යමින් නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තිළිණ වීරසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (නාවික 10-21 මහනුවර).

පළමු අර්ධයේ අවසානය සනිටුහන් කරමින් නාවික හමුදාවේ තිළිණ වීරසිංහ දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර නාවික හමුදා ලකුණු මට්ටම ලකුණු 13ක් දක්වා ඉහළ ගියේය

ප්‍රථම අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 13 -21 මහනුවර ක්‍රීඩා සමාජය

පෙර තරගවල නොදුටු ප්‍රබල ක්‍රීඩාශිලිත්වයක් පෙන්නුම් කරමින් නාවික හමුදා කණ්ඩායම දෙවන අර්ධය ආරම්භ කළ අතර තරගයේ උණුසුම ඉහළ යත්ම ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වීමත්, කහකාඩ් පත් අවවාද ලැබීමත් සුලභව දක්නට ලැබුණි.

42 වන මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමේ තරිඳු චතුරංග හට කහ කාඩ්පතක් ලබා දී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත් තිළිණ වීරසිංහ නාවික හමුදා ලකුණු මට්ටම 16 දක්වා ඉහළ දැමීමට සමත් විය (නාවික 16 -21 මහනුවර).

හොංකොං අභියෝගයට යෞවනයින් සූදානම්

පසුගිය වසරේ අඳුරු මතක මකා දමමින්,ලෝක ශූරතා කුසලානයට වරම් ලැබීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි සංචිතය, ආසියානු ශූරතා…

මහනුවර කණ්ඩායමට දෙවන කහ කාඩ්පත ද ලබා දෙමින් බුවනෙක උඩන්ගමුව පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර ලකුණු පරතරය තවත් අඩු කරමින් නාවික හමුදා පිලේ තිළිණ වීරසිංහ ලද දඬුවම් පහර ද සාර්ථක කර ගන්නා ලදි (නාවික 19 -21 මහනුවර).

තරගයේ 58 වන මිනිත්තුවේ දී මහනුවර පිලේ නයිජල් රත්වත්ත උත්සාහක දිනුමක් වාර්තා කළ අතර රූපවාහිනී තෙවැනි විනිසුරු (TMO) විසින් එය නිෂ්ප්‍රභා කරන ලදි. තරගය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කළ ගයාන් වීරරත්න සිදු කළ පන්දු යොමු කිරීමක් විශිෂ්ට ලෙස ග්‍රහණය කර ගත් රිචඩ් ධර්මපාල උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමින්  මහනුවර පිල වෙනුවෙන් සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තිළිණ විජේසිංහ එහි ප්‍රවර්තනයට සාර්ථක කර ගැනීමට අසමත් විය (නාවික 16 -26 මහනුවර).

අනතුරුව කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර 66 වන මිනිත්තුවේ දී නාවික හමුදාවට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ අසමත් විය.

තරගයේ 58 වන මිනිත්තුවේ කලහකාරී හැසිරීම නිසා මහනුවර පිලේ ජේසන් දිසානායක කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළේය. ප්‍රේක්ෂකයින් ද ක්‍රීඩකයින් ද ඉතා සක්‍රිය ලෙස තරගයට දායකත්වය දැක්වූ අතර ප්‍රබල උත්සාහයක නිරත වූ නාවික හමුදා පිල උත්සාහක සීමාව ඉක්මවා උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත්වුවත් පන්දුව Held-Up අවස්ථාවකට ලක්වීම නිසා රූපවාහිනී තෙවැනි විනිසුරු එම අවස්ථාව  නිෂ්ප්‍රභා කරන ලදි.

පෙරළිකාර හැව්ලොක් හමුවේ යුද හමුදාව පසු බසී

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ යුද හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර අද (02) කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්…

දෙවන අර්ධය පුරා ප්‍රබල ලෙස සටන් කළ නාවික හමුදා පිලේ බලාපොරොත්තු සුන්  කරමින් අලංකාර ධාවනයක නිරත වූ මහනුවර පිලේ තිළිණ විජේසිංහ මහනුවර වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිද්දී  ලකුණු 33-19ක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය තරගයේ ජය හිමි කර ගන්නා ලදි.

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 19 (1T, 1C, 4P ) – 33 (5T, 4C) මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ගයාන් වීරරත්න (මහනුවර)

ලකුණු ලබා ගැනීම

  • නාවික හමුදාව: තිළිණ වීරසිංහ (4T,1C), අබ්සාල් මොහොමඩ් (1T)
  • මහනුවර: නයිජල් රත්වත්ත (4C), තිළිණ විජේසිංහ (1T), අනුරුද්ධ විල්වර (1T), රිචඩ් ධර්මපාල (1T), ෆාසිල් මරීජා (1T), අලී මොහොමඩ් (1T)   

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<