CR දණ ගසද්දී මහනුවර ජය පැන් බොති

881

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පස්වන සතියේ දෙවන දිනයේ තරගයක් ලෙස CR & FC කණ්ඩායමත්, මහනුවර  ක්‍රීඩා සමාජයත් අතර තරගය අද (02) CR & FC පිටියේ දී පැවැත්විය. මෙහි දී CR & FC කණ්ඩායම ලකුණු 24-12ක් ලෙස පරාජයට පත් කරමින් තරගාවලියේ තම අපරාජිත වාර්තාව රැක ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

නාවිකයෝ ගුවන් හමුදාව බිම හෙලති

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පස්වැනි සති අන්තය ආරම්භ කරමින් අද (01) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගය ලකුණු 10-00ක් ලෙස ජය ගැනීමට…

ලොන්ඩන් පෙදෙස බලකොටුව තුළ පිට පිටම තරග දෙකක් පරාජයට පත් වී රග්බි පිටිය තුළ ගිලිහෙමින් පවතින සිය ආත්ම ගුරුත්වය රැක ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් තරගයට පිවිසි CR & FC කණ්ඩායම තරගයේ ආරම්භයේ දී මහනුවර කණ්ඩායම වෙත ආක්‍රමණ කිහිපයක් එල්ල කළ ද ඒවා සාර්ථකව මැඩ පැවැත්වීමට මහනුවර ක්‍රීඩකයන් සමත් විය.

අනතුරුව තම පසුපස ක්‍රීඩකයන් හරහා තරගයේ වේගය පාලනය කරමින් CR & FC  අන්තය වෙත ඇතුල් වූ මහනුවර ක්‍රීඩකයන් තරගයේ 12 වන මිනිත්තුවේ දී CR අන්තයේ පිටියේ වම් කෙළවර මීටර් 10 සීමාවෙන් ආරම්භ කළ ආක්‍රමණය උත්සාහක දිනුමක් බවට පත් කරන්නට අනුරුද්ධ විල්වර සමත් විය. එහි ප්‍රවර්තනය නයිජල් රත්වත්ත විසින් සාර්ථකව නිමා කළේ මහනුවර කණ්ඩායම තරගයේ ඉදිරියට ගෙන යමිනි. (CR & FC 00-07 මහනුවර)

අනතුරුව තරගය මහනුවර අන්තය වෙත රැගෙන ගිය CR & FC ක්‍රීඩකයෝ  29 වන මිනිත්තුවේ දී තම පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූහ. මීටර් 10 සීමාව ආසන්නයේ CR & FC කණ්ඩායමට පිරිනැමුණු දඬුවම් පහරක් තම පාදයෙන් ස්පර්ශ කර ඉක්මන් දිවීමක් ලබාගත් කවිඳු ද කොස්තා මහනුවර ආරක්ෂක වළල්ල පසුකර ගොස් උත්සාහක දිනුම සටහන් කළේ තම කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කරවමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්ත සමත් වූයේ නැත. (CR & FC 05-07 මහනුවර)

එම උත්සාහක දිනුමෙන් පසු තරගය දෙපසට දෝලනය වෙමින් පවතින අතරේ 37 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ජේසන් දිසානායක විසින් ධනුෂ්ක රන්ජන් ලබා දුන් පන්දුව රැගෙන CR ආරක්ෂකයින් දෙදෙනෙකු තම එක් අතකින් පසෙකට තල්ලු කර හරිමින් මීටර් 40කට ආසන්න දුරක් දිවගොස් වාර්තා කළ මනරම් උත්සාහක දිනුමත් සමඟින් තරගයේ වැඩි වාසිය නැවත මහනුවර කණ්ඩායම දෙසට නැඹුරු විය. එනමුත් නයිජල් රත්වත්ත හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. (CR & FC 05-12 මහනුවර)

පළමු අර්ධය: CR & FC 25 (3T 2C 2P) – 30 (5T 1C 1P) මහනුවර ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ නමුත් දී පළමු අර්ධයෙන් ලබාගත් ආත්ම විශ්වාසය එලෙසින්ම රඳවාගත් මහනුවර ක්‍රීඩකයෝ 42වන මිනිත්තුවේ දී Line Out පන්දුවක් තුළින් Rolling Maul එකක් හරහා තම තුන්වන උත්සාහක දිනුමත් වාර්තා කළේ CR කණ්ඩායම තව දුරටත් පසුපසට ඇද දමමිනි. මහනුවර ක්‍රීඩක බුවනෙක උඩන්ගමුව ඉදිරියේ සටහන් වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය නයිජල් රත්වත්තේ විසින් ඉතා අපහසු කාලගුණ තත්ත්වයක් යටතේ වුවද සාර්ථකව නිමා කළේය. (CR & FC 05-19 මහනුවර)

අනතුරුව කණ්ඩායම් දෙක තුළින්ම හොඳ ආරක්ෂක ක්‍රීඩා රටාවක් දක්නට ලැබුණ ද 60 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩකයකු ධවල රේඛාව දෙසට පාදයෙන් යොමු කළ පන්දුවක් හඹා ගිය ධනුෂ්ක රන්ජන් පන්දුවත් සමඟ පිටිය දිගේ ලිස්සා යමින් වාර්තා කළ අගනා උත්සාහක දිනුම CR & FC කණ්ඩායමේ ජයග්‍රහණය කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු සුණුවිසුණු කර දැමීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නයිජල් රත්වත්ත අසමත් වුවද ඉන් එතරම් බලපෑමක් නොවුනේ ඒ වන විට ප්‍රබල මහනුවර කණ්ඩායම තරගයේ ආධිපත්‍යය තමා වෙත නතු කරගෙන හමාර වූ බැවිනි. (CR & FC 05-24 මහනුවර)

පොලිස් පිටිය උඩු යටිකුරු කළ CH-පොලිස් සටන

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පස්වැනි සතිය ආරම්භ කරමින් අද (01), CH & FC කණ්ඩායමත්, පොලිස් ක්‍රීඩා සමාජයත් කොළඹ පොලිස් පිටියේ දී තරග…

තරගයේ 61 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩක අශාන් ඩා(ර්)ලින් විසින් සිදුකරන ලද අනිසි බලපෑමක් මත විනිසුරු ඩින්කා පීරිස් විසින් ඔහුට කහ කාඩ්පත පෙන්වීමත් සමඟින් මහනුවර කණ්ඩායමේ ක්‍රීඩකයන් සංඛ්‍යාව 14ක් දක්වා අඩු විය. ඉන් උපරිම ඵල නෙලාගත් CR & FC ක්‍රීඩකයින් ආක්‍රමණ රැල්ලක් එල්ල කරමින් පීඩනය මහනුවර කණ්ඩායම දෙසට හැරවූ අතර එක මහනුවර ආරක්ෂකයින් නොනවත්වා සිදු කළ වැරදි හේතුවෙන් විනිසුරු විසින් CR & FC පිල වෙත දඬුවම් උත්සාහක දිනුමක් පිරිනමන ලදි. (CR & FC 12-24 මහනුවර)

තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී දැඩි වර්ෂාව මධ්‍යයේ වුවත් දෙපිලේම ක්‍රීඩකයන් කරට කර තරග වැදුණ අතර විශේෂයෙන්ම  CR & FC කණ්ඩායම  පසුගිය සතියට වඩා හොඳ තරග රටාවක නියැලෙනු දක්නට ලැබුණි. නමුත් ඔවුන්ගේ එම ජවය, අත්දැකීම් සපිරි ප්‍රබල මහනුවර කණ්ඩායම පරාජය කරන්නට ප්‍රමාණවත් වූයේ නැත. අවසානයේ ලකුණු 24-12ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ  ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගන්නට සමත් වූයේ මහනුවර කණ්ඩායමයි.

සම්පූර්ණ කාලය: CR & FC 12 (1PT 1T 1C) – 24 (4T 2C) මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: බුවනෙක උඩන්ගමුව (මහනුවර ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • CR & FC – කවිඳු ද කොස්තා 1T.
  • මහනුවර ක්‍රීඩා සමාජය   – අනුරුද්ධ විල්වර 1T, ජේසන් දිසානායක 1T, බුවනෙක උඩන්ගමුව 1T, ධනුෂ්ක රන්ජන් 1T, නයිජල් රත්වත්ත 2C

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<