පෙරළිකාර හැව්ලොක් හමුවේ යුද හමුදාව පසු බසී

281

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ යුද හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර අද (02) කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්, යුද හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 19-29ක ජයග්‍රහණයක් ප්‍රසාද ලකුණක් ද සමඟින් වාර්තා කර ගන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

CR දණ ගසද්දී මහනුවර ජය පැන් බොති

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පස්වන සතියේ දෙවන දිනයේ තරගයක් ලෙස CR & FC කණ්ඩායමත්, මහනුවර ක්‍රීඩා සමාජයත් අතර තරගය අද (02) CR & FC පිටියේ දී පැවැත්විය.

තරගය ආරම්භ වන විට වර්ෂාවෙන් ඊට බාධා එල්ල නොවුනත් පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තරගය නියමිත වේලාවට පෙර ආරම්භ කිරීමට තීරණය කෙරුණි. තරගයේ පළමු මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම පන්දුව ඉදිරියට රැගෙන යමින් වේගවත් ක්‍රීඩා විලාශයක් දියත් කළත් එහි දී යුද හමුදා ක්‍රීඩකයින් ප්‍රතිවාදී හැව්ලොක් ක්‍රීඩකයින්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට විය.

තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් විය. එහි දී හැව්ලොක් කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩකයින් පසුකරමින් පන්දුව රැගෙන ගිය යුද හමුදා කණ්ඩායමේ සුගත් නානායක්කාර අනතුරුව එය සංජය රත්නායක හට බාර කළ අතර ඔහු පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තනය සාලින්ද විසින් සාර්ථක කර ගන්නා ලදි (යුද හමුදාව 07 – 00 හැව්ලොක්).

ඉන් අනතුරුව ද යුද හමුදා ක්‍රීඩකයින් ප්‍රතිවාදී හැව්ලොක් කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් වූ නමුත් හැව්ලොක් ආරක්‍ෂක ක්‍රීඩකයින් ඔවුන්ට තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට අවස්ථාව නොදෙන්නට වගබලා ගත්තේය.

මිනිත්තු කිහිපයකට පසුව තරගයට අවතීර්ණ වූ හැව්ලොක් ක්‍රීඩකයින් ද ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එය වාර්තා කර ගනු ලැබුවේ හිරන්ත පෙරේරා විසිනි. රීසා මුබාරක් මෙම තරගය සඳහා සහභාගී නොවීම නිසා එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ලබා ගැනීමේ වගකීම දුලාජ් පෙරේරා හට පැවරුණු අතර ඔහු එය සාර්ථක කර ගැනීමට සමත් විය (යුද හමුදාව 07 – 07 හැව්ලොක්).

තවදුරටත් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වූ අතර එහි දී හැව්ලොක් ආරක්‍ෂක ක්‍රීඩකයින්ගේ දුර්වලතාවයකින් ප්‍රයෝජන ගත් සාලින්ද පන්දුව වේගයෙන් ඉදිරියට රැගෙන යමින් එය මොහොමඩ් රිස්වි හට බාර කළ අතර ඔහු පන්දුව උත්සාහක දිනුම් කලාපයට රැගෙන යමින් යුද හමුදා කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාලින්ද විසින් සාර්ථක කර ගන්නා ලදි (යුද හමුදාව 14 – 07 හැව්ලොක්).

අනතුරුව හැව්ලොක් නායකයා හට කහ කාඩ්පතක් නිකුත් වීම නිසා මිනිත්තු 10ක කාලයක් සඳහා ඔහුට තරගයෙන් ඉවත්ව සිටීමට සිදු විය. කෙසේ නමුත් එහි දී අඛණ්ඩව උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට හැව්ලොක් ක්‍රීඩකයින් සමත් විය. පිළිවෙළින් රුක්මාල් ප්‍රනාන්දු සහ නිෂෝන් පෙරේරා විසින් එම උත්සාහක දිනුම් දෙක වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථා දෙක ද දුලාජ් පෙරේරා විසින් සාර්ථක කර ගන්නා ලදි (යුද හමුදාව 14 – 21 හැව්ලොක්).  

පළමු අර්ධය: යුද හමුදා ක්‍රීඩා සමාජය 00 – 07 හැව්ලොක් ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධයේ දී වර්ෂාව ඇද හැලෙන්නට වූ අතර එම නිසා බාධක සහිත තත්වයක් යටතේ තරගය පවත්වන්නට සිදු විය. මීට පෙර තරගයේ දී මෙවන් තත්වයක් යටතේ යුද හමුදා ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කරන්නට සමත් වුවත් මෙහි දී ඔවුන් තරගයට අවතීර්ණ වීමේ දී දැඩි අපහසුතාවයට ලක්විය.

නාවිකයෝ ගුවන් හමුදාව බිම හෙලති

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පස්වැනි සති අන්තය ආරම්භ කරමින් අද (01) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගය ලකුණු 10-00ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා…

එහි දී පන්දුව ප්‍රතිවාදී කලාපය වෙත රැගෙන යමින් ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කරන්නට හැව්ලොක් ක්‍රීඩකයින් සමත් විය. කෙසේ නමුත් මිනිත්තු කිහිපයකින් අනතුරුව ලකුණු පරතරය අවම කරගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් නැවතත් තරගයට අවතීර්ණ වන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් විය. සම්පත් කුමාර විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබීය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට සාලින්ද සමත් වූයේ නැත (යුද හමුදාව 19 – 21 හැව්ලොක්).

ඊට වහාම පිළිතුරු දැක්වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය දඬුවම් පහර අවස්ථාවක් හරහා නැවතත් ලකුණු පරතරය ඉහළ නංවා ගැනීමට සමත් විය. දුලාජ් පෙරේරා විසින් එම අවස්ථාව සාර්ථක කර ගන්නා ලදි (යුද හමුදාව 19 – 24 හැව්ලොක්).    

අනතුරුව සුගත් නානායක්කාර හට කහ කාඩ්පතක් නිකුත් වීම හේතුවෙන් යුද හමුදා ක්‍රීඩකයින් හට ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් පමණක් විනාඩි 10ක කාලයක් සඳහා ක්‍රීඩා කිරීමට සිදු වූ අතර ඉන් ප්‍රයෝජන ගත් හැව්ලොක් ක්‍රීඩකයින් තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ඔවුන්ගේ ආධිපත්‍ය රඳවා ගන්නට සමත් විය.

එහි දී චාමර දාබරේ විසින් අවසාන උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් හැව්ලොක් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තනය සාර්ථක කරගන්නට දුලාජ් අසමත් විය (යුද හමුදාව 19 – 29 හැව්ලොක්).

පොලිස් පිටිය උඩු යටිකුරු කළ CH-පොලිස් සටන

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පස්වැනි සතිය ආරම්භ කරමින් අද (01), CH & FC කණ්ඩායමත්, පොලිස් ක්‍රීඩා සමාජයත් කොළඹ පොලිස් පිටියේ දී තරග වැදුණු අතර එම තරගය…

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට යුද හමුදා ක්‍රීඩකයින් උත්සාහ දැරුවත් එය සාර්ථක කරගන්නට හැව්ලොක් ක්‍රීඩකයින් අවස්ථාව ලබා නොදුන් අතර ඒ අනුව හැව්ලොක් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණක් ද සමඟින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: යුද හමුදා ක්‍රීඩා සමාජය 19 (3T 2C) – 29 (4T 3C 1P) හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: රුක්මාල් ප්‍රනාන්දු (හැව්ලොක් ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම

  • යුද හමුදා ක්‍රීඩා සමාජය – සංජය රත්නායක 1T, මොහොමඩ් රිස්වි 1T, සම්පත් කුමාර 1T, ගයාන් සාලින්ද 2C
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – හිරන්ත පෙරේරා 1T, රුක්මාල් ප්‍රනාන්දු 1T, නිෂෝන් පෙරේරා 1T, චාමර දාබරේ 1T, දුලාජ් පෙරේරා 3C 1P

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට