මහනුවර ප්‍රහාරයෙන් යුද හමුදාවට අසාධ්‍යයි

951

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සතිය අවසන් කරමින් අද (19) මහනුවර ක්‍රීඩා සමාජයත් හා යුද හමුදා ක්‍රීඩා සමාජයත් මහනුවර නිත්තවෙල දී එකිනෙකා මුණ ගැසුණු අතර, එම තරගයෙන් උත්සාහක දිනුම් 9ක් ලබා ගත් මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 58-13ක් ලෙස යුද හමුදාව පරාජය කිරීමට සමත් විය.

ගුවන් ප්‍රහාරයෙන් පොලිස් මෙහෙයුම අසාර්ථක වේ

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර අද (19) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති…

තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් යන විට තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් මහනුවර ක්‍රීඩා සමාජයේ අනුරුද්ධ විල්වර උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නා ලදි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි (05-00).

ප්‍රතිවාදී කණ්ඩායමේ ගයාන් සාලින්ද යුද හමුදාවේ ලකුණු පුවරුව සක්‍රිය කළේ දඬුවම් පහරක් මගිනි (05-03).

යුද හමුදා ක්‍රීඩකයන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් තරගයේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට මහනුවර ක්‍රීඩකයන් සමත් විය. ඉතා විශිෂ්ට ආකාරයෙන් ලබාගත් උත්සාහක දිනුමේ හිමිකාරයා වූයේ ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකයා වූ ශ්‍රීනාත් සූරියබණ්ඩාර යි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිලිණ විජේසිංහට හැකි විය (12-03).

කෙසේ නමුත් තරගය අතරතුර දී කණ්ඩායම් දෙකටම දඬුවම් පහර අවස්ථා දෙකක් හිමි වූ අතර එ්වා සාර්ථක කර ගන්නට කණ්ඩායම් ද්විත්වයටම හැකි විය.

CR & FC ආධිපත්‍ය, CH & FC හමුවේ බිඳ වැටේ

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින් අද (17) CR & FC ක්‍රීඩා සමාජයත්, CH & FC ක්‍රීඩා සමාජයත් තුරඟ තරග පිටියට…

ඉන්පසුව තරගයේ යුද හමුදා ක්‍රීඩකයන් අතින් ගිලිහි ගිය පන්දුවකින් උපරිම ප්‍රයෝජන ලබාගත් මහනුවර ක්‍රීඩකයන් එය උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කර ගන්නා ලදි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිලිණ විජේසිංහ සමත් වූයේ ලකුණු අතර පරතරය තවත් වැඩි කරමිනි (24-06).

කවදත් මහනුවර කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වන ක්‍රීඩකයින් වන රිචඩ් ධර්මපාල හා දනුෂ්ක රන්ජන් මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කර ගන්නා ලදි. එම උත්සාහක දිනුම් 2ත් සමඟ ලකුණු අතර පරතරය තවත් ඉහළ ගියේ යුද හමුදා සෙබළුන් තවත් අසරණ කරමිනි (34-06).

ඒ අනුව ප්‍රථම අර්ධය නිමා වූයේ මහනුවර ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජයට වඩා ලකුණු 26ක් ඉදිරියෙන් සිටිමින් ප්‍රථම අර්ධයේ වාසිය ලබා ගනිමිනි.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 34 (6T, 2C) – 06 (2P) යුධ හමුදා ක්‍රීඩා සමාජය

මහනුවර ක්‍රීඩකයින් දෙවන අර්ධය තුල දී ද පළමු අර්ධය තුල දැක්වූ ආක්‍රමණශීලී තරග රටාවේම නියැලෙමින් තවත් ඉදිරියට ඇදී ගියේ යුද හමුදාවට තරගයේ ජයග්‍රහණය සිහිනයක් පමණක් කරමිනි.

මහනුවර ක්‍රීඩක අනුරුද්ධ විල්වර විසින් දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම ලබා ගන්නා ලදි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූ තිලිණ විජේසිංහ මහනුවර ලකුණු පුවරුව තවත් ඉහළ නංවන ලදි (41-06).

කෙසේ නමුත් යුද හමුදා ක්‍රීඩකයින් දෙවන අර්ධය තුල ඉතා ආක්‍රමණශීලී තරග රටාවක නියැලුණු නමුත් ඔවුන් දමා තිබූ ප්‍රබල ආරක්ෂක පවුර බිඳ දමමින් මහනුවර ක්‍රීඩකයන් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් විය. එම උත්සාහක දිනුම ලබා ගත්තේ දනුෂ්ක රන්ජන් විසිනි. ඔහුගේ උත්සාහ දිනුමට උපරිම සාධාරණය ඉටු කරමින් තිලිණ විජේසිංහ එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් විය (48-06).

කෙසේ නමුත් තම ගෞරවය රැක ගැනීමේ සටනක නියැලුණු යුද හමුදා ක්‍රීඩකයන් සිය ප්‍රථම උත්සාහක දිනුම ලබා ගැනීමට සමත් වූයේ තරගයේ 66 වන මිනිත්තුවේ දී ය. තුසිත සේනානායක අතින් වාර්තා වූ එම උත්සාහක දිනුමට තවත් වටිනාකමක් එකතු කරමින් ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (48-13).

නාවිකයෝ හැව්ලොක් මෙල්ල කරති

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සති අන්තයේ, නාවික හමුදා ක්‍රීඩා සමාජය හා හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර අද (18) පැවති තරගයෙන් හැව්ලොක්…

තරගය අවසන් භාගයේ දී යුද හමුදා ක්‍රීඩකයන් දක්ෂ ලෙස තරගයට පිවිසුණු නමුත් යුද හමුදාවට වඩා උපක්‍රමශීලි තරග රටාවක නියැලුණු මහනුවර ක්‍රීඩකයන් තරගයේ 9 වන උත්සාහක දිනුම ලබා ගනිමින් තරගය නිමා කිරීමට සමත් විය. ජේසන් දිසානායක විසින් ලබාගත් එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නයිජල් රත්වත්තේ විසිනි (58-13).

ඒ අනුව ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ අපරාජිතව 3 වන ජයග්‍රහණයත් වාර්තා කළ මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණ ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 58 (9T, 5C, 1P) – 13 (1T, 1C, 2P) යුධ හමුදා ක්‍රීඩා සමාජය

  • ThePapare.com තරගයේ වීරයා: බුවනෙක උදන්ගමුව (මහනුවර)

ලකුණු ලබා ගැනීම

මහනුවර ක්‍රීඩා සමාජය: අනුරුද්ධ විල්වර (3T), දනුෂ්ක රංජන් (3T), රිචඩ් ධර්මපාල (1T), ජේසන් දිසානායක (1T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), තිලිණ විජේසිංහ (3C), නයිජල් රත්වත්තේ (1P, 2C)

යුද හමුදා ක්‍රීඩා සමාජය: තුසිත සේනානායක (1T), ගයාන් සාලින්ද (1C, 2P)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට