යුධ හමුදාව ප්‍රමාද වෙද්දී නාවිකයන් පෙරමුණ ගනියි

695

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ පළමු සතිය අවසන් කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයත් නාවික හමුදා ක්‍රීඩා සමාජයත් වැලිසර දී තරග වැදුණු අතර එහි දී ලකුණු 20-14ක් වශයෙන් තරගය ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයන් සමත් විය.

පොලිස් පිල පරදවමින් හැව්ලොක් කණ්ඩායමට විශිෂ්ට ජයක්

2017/18 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේ දෙවැනි තරගය, හැව්ලොක් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය…

තරගය පැවැත්වුනේ වැලිසර අඳුරු කාලගුණ තත්වය යටතේයි. පළමු අර්ධය තුළ දී ලකුණු 15-07ක් වශයෙන් පෙරමුණ ගැනීමට නාවිකයන් සමත් වූ අතර යුධ හමුදා ක්‍රීඩකයන් තම දස්කම් අතරට විශ්වාසය කැඳවාගෙන එන විට කාලය ඔවුනට හරස් විය.

තරගයේ පළමු වරට ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ නාවික හමුදා කණ්ඩායමේ තිලිණ වීරසිංහ යි. ඒ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින්. (නාවික 03-00 යුධ)

පසුව අදීශ වීරතුංග විසින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ නාවික හමුදාව තවත් ඉදිරියට ගෙනයමින්. ඔහු විසින් ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගන්නට තිලිණ සමත් විය. (නාවික 10-00 යුධ)

නාවික හමුදා හුකර් ක්‍රීඩක දුලංජන විජේසිංහ නැවතත් ක්‍රියාත්මක වෙමින් උත්සාහක දිනුමක් වාර්තා කරන විට දිස්වූයේ නිල්ෆර් ඊබ්‍රාහිම්ගේ පුහුණුකාරීත්වයේ බලය හරිහැටි ලබන්නට යුධ සේනාව අසමත් වී ඇති සෙයකි. එහි ප්‍රවර්තනය තිලිණ අතින් අසාර්ථක වීම යුධ හමුදාවට සැනසුම් සුසුම් ගෙන ආවත් තම ක්‍රීඩාවේ මට්ටම ඉහළ නංවාගැනීම ඔවුනට අභියෝගයක්ව තිබුණේ නාවිකයන්ගේ ආරක්ෂණය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙනි. (නාවික 15-00 යුධ)

කන්ද උඩරටින් අගනුවරට ආක්‍රමණයක්

2017/18 ඩයලොග් රග්බි ලීග් තරගමාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ගියවර ශූරතාවය දිනා ගත් මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් ගියවර ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය…

පළමු අර්ධය පුරාම තමාගේ අත්ල මතටම පතිත වූ අවස්ථාවන් සාර්ථක කරගන්නට දැක්වූ නොහැකියාව නිසා යුධ හමුදා කණ්ඩායමට ලකුණු ලබා ගැනීම අපහසු විය. එහෙත් තම අත්දැකීම් සහ විශ්වාසය එකසේ යොදාගනිමින් අශෝක ජයලාල් යුධ හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ගයාන් සාලින්ද හට එතරම් අපහසු එකක් නොවිණි. (නාවික 15-07 යුධ)

පළමු අර්ධය අවසන් වූයේ යුධ හමුදා අන්තයට තම වගකීම් නැවතත් සිහිකර දෙමින්.

පළමු අර්ධය – නාවික හමුදා ක්‍රීඩා සමාජය 15 (2T 1C 1P) – 07 (1T 1C) යුධ හමුදා ක්‍රීඩා සමාජය

දඬුවම් අවස්ථාවන් සමඟින් ඉදිරියට යාමේ අවස්ථාව දෙවන අර්ධයේ දී ද යුධ හමුදා ක්‍රීඩකයන්ට ලැබුණත් ඒවා සාර්ථක නොවූයේ ඔවුන්ගේ කලබලකාරී ක්‍රීඩා විලාශය නිසයි. එවන් බරපතළ වැරදි 3ක් වෙනුවෙන් නාවික හමුදා ක්‍රීඩකයන් තිදෙනෙකු දෙවන අර්ධයේ දී කහ කාඩ්පත් යටතට පත්විය.

47 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුම් රේඛාව අසල දී ම වටිනා අවස්ථාවක් යුධ හමුදා ක්‍රීඩකයන්ට මඟහැරිණි. ඒ සියල්ල විඳදරාගනිමින් නාවික හමුදාවේ දුලංජන විජේසිංහ විශිෂ්ට ධාවනයක නිරතවෙමින් නාවිකයන්ට අවස්ථාවක් නිර්මාණය කළ අතර ජනිත් ලක්සර එය උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කළේය. තිලිණගේ ප්‍රවර්තනය නැවතත් අසාර්ථකයි. (නාවික 20-07)

ෆාසිල් මරීජාගෙන් ක්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳව හැඟීම්බර ප්‍රකාශයක්

‘Fly-half’ ස්ථානයේ ක්‍රීඩා කරන විශිෂ්ට ක්‍රීඩකයෙකු වන, මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද සුවිශාල මෙහෙවරක් ඉටු කළ 32 හැවිරිදි ෆාසිල් මරීජා, මෙම ‘Dialog’ ක්‍රීඩා සමාජ…

තරගයේ 69 වැනි මිනිත්තුවේ දී ද අනිවාර්ය උත්සාහක දිනුමක් වෙත දිවයමින් සිටි යුධ හමුදාවේ සෙන්ටර් ක්‍රීඩකයා නවතාලන්නට සමත් වූ නාවික හමුදාවේ රවීන් ද සිල්වා  තම කණ්ඩායමේ පරතරය රැකගත්තේය.

පසුව තම පුහුණුකරුගේ අවවාද අනුව යමින් උත්සාහක දිනුමක් රැස්කරන්නට යුධ හමුදා කණ්ඩායමට හැකි වූයේ සුගත් නානායක්කාරගේ දෑතිනි. එහි ප්‍රවර්තනයත් සාර්ථක කරගන්නට සාලින්ද සමත් විය. (නාවික 20-14 යුධ)

තරගය අවසන් වන්නට මිනිත්තු 10ක් පමණ තිබියදී ලකුණු 6ක පරතරයක් පමණක් අතැතිව නාවිකයන් ක්‍රීඩා කළ ආකාරයේ ගෞරවය පුහුණුකරු මෝතිලාල් ජයතිලකට ද ලැබිය යුතුය. යුධ හමුදා ක්‍රීඩකයන් කොතෙක් උත්සාහ කළද ලකුණු 6 පරතරය රැකගත් නාවිකයන් 2017 අන්තර් සමාජ ගමනේ තම පළමු ජයග්‍රහණය වාර්තා කළේය.

සම්පූර්ණ කාලය – නාවික හමුදා ක්‍රීඩා සමාජය 20 (3T 1C 1P) – 14 (2T 2C) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – දුලංජන විජේසිංහ (නාවික)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • නාවික හමුදාව – අදීශ වීරතුංග 1T, දුලංජන විජේසිංහ 1T, ජනිත් ලක්සර 1T, තිලිණ වීරසිංහ 1C 1P.
  • යුධ හමුදාව – අශෝක ජයලාල් 1T, සුගත් නානායක්කාර 1T, ගයාන් සාලින්ද 2C.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට