CR & FC කණ්ඩායම පළමු ජයග්‍රහණය වාර්තා කරයි

464

ඊයේ (04) ආරම්භ වූ 2017/18 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ CR & FC කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර අද (05) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 21-09ක ජයග්‍රහණයක්  වාර්තා කර ගන්නට CR & FC කණ්ඩායම සමත් විය.

යුධ හමුදාව ප්‍රමාද වෙද්දී නාවිකයන් පෙරමුණ ගනියි

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ පළමු සතිය අවසන් කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයත් නාවික හමුදා ක්‍රීඩා සමාජයත් වැලිසර දී තරග වැදුණු අතර එහි දී ලකුණු 20-14ක් වශයෙන් තරගය ජය ගැනීමට…

තරගය ආරම්භ වන්නට පෙර සිටම වැසි සහිත කාලගුණයක් පැවති අතර ඒ අනුව තරගය පැවැත්වීමට සිදුවූයේ තෙත බරිත පිටියක් තුළය. ගුවන් හමුදා කණ්ඩායම විසින් තරගය ආරම්භ කළ අතර තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ දී ප්‍රතිවාදී CR & FC කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට ඔවුන් සමත් විය. ඒ අනුව තරගයේ 5 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් හිමිකර ගන්නට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුවත් එම අවස්ථාව සාර්ථක කර ගන්නට චරිත සෙනෙවිරත්න අපොහොසත් විය.

කෙසේ නමුත් ඉන් මිනිත්තු 5කට පසුව ගුවන් හමුදා කණ්ඩායමට තවත් දඬුවම් පහරක් පිරිනැමුණු අතර මෙවර එය සාර්ථක කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට චරිත සෙනෙවිරත්න සමත් විය. (AF 03 – 00 CR)

පසුව CR & FC ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වූ අතර තරගයේ 15 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ආසන්නයට ඔවුන් පැමිණියත් එය ව්‍යර්ථ කර දමන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය. ඉන් අනතුරුව CR & FC ක්‍රීඩකයින්, ගුවන් හමුදා කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 17 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් දිනාගන්නට ඔවුන් සමත් විය. තරින්ද රත්වත්තේ විසින් පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළින් යොමු කරමින් එම අවස්ථාව සාර්ථක කරගන්නා ලදි. (AF 03 – 03 CR)

පොලිස් පිල පරදවමින් හැව්ලොක් කණ්ඩායමට විශිෂ්ට ජයක්

2017/18 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේ දෙවැනි තරගය, හැව්ලොක් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර…

අනතුරුව කණ්ඩායම් දෙකම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ඉතා ආසන්නයට පැමිණියත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. කාලයත් සමඟ තරගයේ උණුසුම ඉහළ යන්නට වූ අතර CR & FC කණ්ඩායමේ කවිඳු පෙරේරා හට 20 වන මිනිත්තුවේ දී ද, කුෂාන් ඉඳුනිල් හට 34 වන මිනිත්තුවේ දී ද කහ කාඩ්පත් අවවාද නිකුත් විය.

තරගයේ 34 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා කණ්ඩායමට හිමි වූ දඬුවම් පහර අවස්ථාව සාර්ථක කර ගන්නට සෙනෙවිරත්න අපොහොසත් වූ නමුත් ඉන් මිනිත්තු 3කට පසුව ඔවුන්ට නැවතත් හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගන්නට ඔහු සමත් විය. (AF 06 – 03 CR)

ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට තරගයේ ඉදිරියෙන් රැඳෙන්නට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය: ගුවන් හමුදා කණ්ඩායම 06 – 03 CR & FC කණ්ඩායම

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට CR & FC ක්‍රීඩකයින් කටයුතු කළේය. දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 2ක් පමණක් ගතවෙද්දී දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට ඔවුන් සමත් වූ නමුත් එය සාර්ථක කර ගන්නට රත්වත්තේ අසමත් විය.

ගුවන් හමුදා කණ්ඩායමේ අන්තය තුළ පන්දුව හසුරුවමින් සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දිගටම දියත් කරන්නට CR & FC ක්‍රීඩකයින් කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ පළමු උත්සාහක දිනුම 50 වන මිනිත්තුවේ දී වාර්තා කර ගන්නට CR & FC කණ්ඩායම සමත් විය. එය වාර්තා කර ගනු ලැබුවේ පණ්ඩුල අංගම්මන විසිනි. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට රත්වත්තේ සමත් වූයේ නැත. (AF 06 – 08 CR)

අනතුරුව ගුවන් හමුදා කණ්ඩායම ද ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයකට අවතීර්ණ වූ අතර ඒ අනුව ඔවුන් 60 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් හිමිකර ගන්නට සමත් විය. එය සාර්ථක කර ගත් සෙනෙවිරත්න ගුවන් හමුදා කණ්ඩායම නැවතත් තරගයේ ඉදිරියට රැගෙන එන්නට සමත් විය. (AF 09 – 08 CR)

කෙසේ නමුත් 63 වන මිනිත්තුවේ දී මිනිත්තුවේ දී CR & FC කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර රත්වත්තේ විසින් එය සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායම තරගයේ ඉදිරියට රැගෙන එන්නට සමත් විය. (AF 09 – 11 CR)

කන්ද උඩරටින් අගනුවරට ආක්‍රමණයක්

2017/18 ඩයලොග් රග්බි ලීග් තරගමාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ගියවර ශූරතාවය දිනා ගත් මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් ගියවර ප්‍රසාද ලකුණු සටහනේ අවසන්…

CR & FC කණ්ඩායම උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ අතර තරගයේ 73 වන මිනිත්තුවේ දී ඔවුන් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට යාමේ දී ප්‍රතිවාදී ගුවන් හමුදා ක්‍රීඩකයින් සිදු කළ වරදක් හේතුවෙන් විනිසුරුවරයා විසින් CR & FC කණ්ඩායමට ‘penalty try’ අවස්ථාවක් පිරිනමන ලදි. ඒ අනුව ලකුණු පරතරය තවත් ලකුණු 7කින් ඉහළ නංවාගන්නට ඔවුන් සමත් විය. (AF 09 – 18 CR)

අනතුරුව CR & FC කණ්ඩායමට 79 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය සාර්ථක කර ගැනීමට රත්වත්තේ සමත් විය. (AF 09 – 21 CR)

ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව දෙවන අර්ධයේ ඉතා ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ CR & FC කණ්ඩායම 2017 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත් විය.

සම්පූර්ණ කාලය: ගුවන් හමුදා කණ්ඩායම 09 – 21 (CR & FC කණ්ඩායම

ලකුණු ලබාගැනීම

  • ගුවන් හමුදා කණ්ඩායම – චරිත් සෙනෙවිරත්න 3P
  • CR & FC කණ්ඩායම – පණ්ඩුල අංගම්මන 1T, තරින්ද රත්වත්තේ 3P

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට