කන්ද උඩරට කැරැල්ලෙන් ගුවන් හමුදාව අසරණ වේ

676

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය අද (17) මහනුවර ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ලකුණු 53-14ක් වශයෙන් තරගය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.  

යුද හමුදා සිහින බොඳ කරමින් හැව්ලොක් ඉදිරියට

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ තෙවැනි අර්ධ අවසාන පූර්ව තරගය අද (17) කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය හා යුධ හමුදා ක්‍රීඩා සමාජය…

තරගය ආරම්භ වී මිනිත්තු 2ක් යන විට මහනුවර වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට Flanker ක්‍රීඩක ෂෙහාන් පතිරණ සමත් විය. මහනුවර ක්‍රීඩකයන් මනාව හුවමාරු කළ පන්දුව ලබාගත් ෂෙහාන් විසින් ප්‍රතිවාදී ගුවන් ආරක්ෂක වළල්ල බිඳ දමා සිය ප්‍රථම උත්සාහක දිනුම ලබා ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිලිණ විජේසිංහ සමත් විය. (මහනුවර 07-00 ගුවන්)

ගුවන් හමුදා ක්‍රීඩකයන් හට කිසිලෙසකින්වත් සාර්ථක වීමට ඉඩ නොදුන් මහනුවර ක්‍රීඩකයන් තරගයේ 20 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් විය. එහි ගෞරවය center ක්‍රීඩක දනුෂ්ක රංජන්ට හිමි වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිලිණ විජේසිංහ සමත් විය. (මහනුවර 14-00 ගුවන්)

ගුවන් හමුදා ක්‍රීඩකයන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් තරගයේ 25 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ Flanker ක්‍රීඩක ෂෙහාන් පතිරණ ගුවන් ආරක්ෂක බැමි බිඳ දමා  මහනුවර වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට තිලිණ විජේසිංහ සමත් විය. (මහනුවර 21-00 ගුවන්)

මහනුවර ක්‍රීඩකයන්  අඛණ්ඩව සිය 4 වන උත්සාහක දිනුම ද ලබා ගැනීමට සමත් විය. කවදත් මහනුවර වෙනුවෙන් දස්කම් දක්වන Wing ක්‍රීඩක රිචඩ් ධර්මපාල අතින් වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථකයි විය. (මහනුවර 26-00 ගුවන්)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 26 (4T, 3C) – 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ගුවන් ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේ දී තවත් අසරණ කරමින් මහනුවර ක්‍රීඩකයෝ තරගයේ 45 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ පස්වැනි උත්සාහක දිනුමත් ලබා ගැනීමට සමත් විය. රිචඩ් ධර්මපාල අතින් වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 31-00 ගුවන්)

ගුවන් හමුදා ක්‍රීඩකයන් අතින් සිදුවූ අත්වැරැද්දක් හේතුවෙන් මහනුවර ක්‍රීඩකයන්ට දඬුවම් පහරක් හිමි වූ අතර එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට තිලිණ විජේසිංහ සමත් විය. (මහනුවර 34-00 ගුවන්)

නාවිකයෝ පොලීසිය හිස් අතින් ගෙදර යවති

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ප්‍රථම තරග වටය ආරම්භ කරමින් අද (16) නාවික හමුදා ක්‍රීඩා සමාජයත්, පොලිස් ක්‍රීඩා සමාජයත් තුරඟ තරග…

තරගයේ 63 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු ලබා ගැනීමට අරම්භ කරන්නේ Center ක්‍රීඩක සූර්ය ක්‍රිෂාන් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට චරිත් සෙනවිරත්න සමත් විය. (මහනුවර 34-07 ගුවන්)

කෙසේ නමුත් ගුවන් ක්‍රීඩකයින්ට වඩා දක්ෂ ලෙස පන්දු හුවමාරුවේ යෙදුණු මහනුවර ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් විය. එහි හිමිකාරිත්වය යාකුබ් අලි සතු වූ අතර ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 39-07 ගුවන්)

ගුවන් කණ්ඩායමේ ඇතැම් දුර්වලතා මනාව ප්‍රයෝජනයට ගත් මහනුවර ක්‍රීඩකයන් සිය 7 වන උත්සාහක දිනුම ද ලබා ගන්නා ලදි. රිචඩ් ධර්මපාලගෙන් පන්දුව ලබා ගත් ඔෂාන් පෙරේරා ප්‍රතිවාදී ආරක්ෂක වළල්ල බිඳ දමා ධවල රේඛාව පසු කර යෑමට සමත් විය. මේ අනුව ලකුණු අතර පරතරය තවත් ඉහළ නැගුණේ තරග ජයග්‍රහණය ගුවන් හමුදාවට සිහිනයක් කරමිනි. (මහනුවර 46-07 ගුවන්)

CH පැරදූ CR ක්‍රීඩකයෝ ක්ලිෆර්ඩ් කුසලාන අවසන් පූර්ව වටයට

2018 ‘Dialog’ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් ලෙස CR & FC කණ්ඩායම සහ CH & FC කණ්ඩායම අතර කොළඹ තුරඟ තරග…

තරගය අවසන් වීමට මිනිත්තු 10ක් පමණ ඉතිරිව තිබිය දී මහනුවර ක්‍රීඩකයන් ගුවන් හමුදාවට තවත් අභියෝග කරමින් 8 වන උත්සාහක දිනුම ද ලබා ගැනීමට සමත් විය. විශ්වමිත්‍ර ජයසිංහ ලබා ගත් එම උත්සාහක දිනුමත් සමඟින්  ලකුණු පරතරය තවත් ඉහළ නැංවිණි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට තිලිණ විජේසිංහ සමත් විය. (මහනුවර 53-07 ගුවන්)

කෙසේ වෙතත් නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වූ මහනුවර කණ්ඩායමේ දක්ෂතා විශිෂ්ට විය. තරගයේ අවසන් මොහොතේ සිය ගෞරවය බේරා ගැනීමේ සටනක නියැලුණු ගුවන් ක්‍රීඩකයන් සිය දෙවන උත්සාහක දිනුම ලබා ගැනීමට සමත් විය. Center ක්‍රීඩක ජෙහාන් සීලගම ලබා ගත් එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට චරිත් සෙනවිරත්න සමත් විය. නමුත් මෙය තරගයේ අවසන් ලකුණට බලපෑමක් නොවූ බැවින් තරගය නිමා වූයේ මහනුවර ක්‍රීඩකයන්ට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දෙමිනි. (මහනුවර 53-14 ගුවන්)

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 53 (8T, 5C) – 14 (2T, 2C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • මහනුවර ක්‍රීඩා සමාජය: ෂෙහාන් පතිරණ 2T, රිචඩ් ධර්මපාල 2T, යාකූබ් අලි 1T, විශ්වමිත්‍ර ජයසිංහ 1T, ඔෂාන් පෙරේරා 1T, දනුෂ්ක රංජන් 1T, තිලිණ විජේසිංහ 5C
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: සූර්ය ක්‍රිෂාන් 1T, ජෙහාන් සීලගම 1T, චරිත් සෙනවිරත්න 2C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<