මහනුවර බලය හමුවේ නාවිකයෝ ඇද වැටේ

505

අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ 12 වන සති අන්තය ආරම්භ කරමින් අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අද (27) වැලිසර දී තරග වැදුණු අතර, තියුණු තරගයකින් අනතුරුව ලකුණු 41-17ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

පොලිසියේ ජයග්‍රහණ පිපාසාව සංසිඳේ

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ පොලිස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර අද (27) කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්…

ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින, තරගාවලියේ මෙතෙක් අපරාජිත මහනුවර කණ්ඩායම ගයාන් වීරරත්න විසින් මෙහෙයවනු ලැබූ අතර ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටින සත්කාරක නාවික හමුදා කණ්ඩායම ධනුෂ්ක පෙරේරා විසින් මෙහෙයවනු ලැබිය.

පළමු තත්පරයේ සිටම සිය සුපුරුදු ආක්‍රමණශීලි ක්‍රීඩා විලාසයට අවතීර්ණ වූ නාවික හමුදා කණ්ඩායම මහනුවර අර්ධය ආක්‍රමණය කරමින් ලකුණු රැස් කිරීමට උත්සහ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 6 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් නාවික ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට තිළිණ වීරසිංහ සමත් විය. (නාවික 03 -00 මහනුවර)

නාවික ආක්‍රමණයට ක්ෂණිකව පිළිතුරු දුන් මහනුවර ක්‍රීඩකයෝ තරගයේ නවවැනි මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ජේසන් දිසානායක එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය. (නාවික 03-05 මහනුවර)

සිය ආක්‍රමණය ඇත නොහළ මහනුවර ක්‍රීඩකයෝ 16 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. නාවික ක්‍රීඩකයන් සිව් දෙනෙක් තනිවම මර්දනය කළ බුවනෙක උඩන්ගමුව අලංකාර උත්සාහක දිනුමකට හිමිකම් කියූ අතර නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (නාවික 03-12 මහනුවර)

නැවත වරක් ක්ෂණිකව ක්‍රියාත්මක වූ මහනුවර කණ්ඩායම නාවිකයන්ට නැවත සංවිධානය වීමටවත් ඉඩ නොතබා 19 වන මිනිත්තුවේ දී සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (නාවික 03-17 මහනුවර)

නාවික හමුදා කණ්ඩායම ගැටලු රාශියකට මැදි කරමින් 26 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමේ සිව්වැනි උත්සාහක දිනුමත් වාර්තා වූ අතර ‘Line-Out’ අවස්ථාවක් ‘Driving Maul’ ආකාරයට ඉදිරියට ගෙන යමින් දිමිත්‍රි විජේතුංග එම උත්සාහක දිනුමට හිමිකම් කීය. නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (නාවික 03-24 මහනුවර)

දිගින් දිගටම සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය පවත්වා ගත් මහනුවර කණ්ඩායම ‘Scrum’ අවස්ථාවක් සාර්ථක ලෙස ‘Driving Maul’ අවස්ථාවක් බවට පරිවර්තනය කර ගනිමින් සිය පස්වැනි උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. ඉදිරිපෙළ ක්‍රීඩකයින් හා එක්වී නාවික පසුපෙළ මැඩලමින් රිචඩ් ධර්මපාල එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නා ලදි. (නාවික 03-31 මහනුවර)

40 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගත් නයිජල් රත්වත්ත පළමු අර්ධය අවසානයේ මහනුවර කණ්ඩායම තවදුරටත් තරගයේ ඉහළින් තැබීමට සමත් විය. (නාවික 03-34 මහනුවර)

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 03-34 මහනුවර ක්‍රීඩා සමාජය

පළමු අර්ධයේ වාඩුව පිරිමසා ගැනීමට නාවිකයෝ ආක්‍රමණශීලීව තරගයට අවතීර්ණ වූ අතර ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් දුලංජන විජේසිංහ 51 වන මිනිත්තුවේ දී නාවික හමුදාවේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තිළිණ වීරසිංහ එම උත්සාහක දිනුම සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි. (නාවික 10-34 මහනුවර)

වසරේ රග්බි ක්‍රීඩකයා ඉසිපතනයේ චමෝද් ප්‍රනාන්දු

පාසල් රග්බි සම්මේලනයත්, අධ්‍යාපන අමාත්‍යංශයත්, සිංගර් ශ්‍රී ලංකා ආයතනයත් එක්ව සංවිධානය කරන සිංගර් පාසල් වර්ණ රාත්‍රිය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් බිෂොප් විද්‍යාලයීය…

55 වන මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර එහි වාසිය ලබාගත් නාවික හමුදා ක්‍රීඩකයෝ 57 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් නැවතත් තරගයට පිවිසීමට සමත් විය. මොහොමඩ් අබ්සාල් එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර තිළිණ වීරසිංහ එම උත්සාහක දිනුම සාර්ථක ලෙස ප්‍රවර්තනය කරන ලදි. (නාවික 17-34 මහනුවර)

63 වන මිනිත්තුවේ දී නාවික හමුදාවේ බුද්ධිම පියරත්න හට කහ කාඩ්පතක් ලබා දී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර එහි වාසිය උකහාගත් මහනුවර පිල කිහිප වතාවක්ම උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට උත්සහ කළ ද, එම සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට නාවික පසුපෙළ සමත් විය.

‘Center’ ස්ථානයෙන් ‘Number 8’ වලට මාරු වුන බුවනෙක උඩන්ගමුව

මධ්‍යම කඳුකරයේ අගනගරය වන මහනුවරින් රග්බි ක්‍රීඩාවට පිවිසෙන බුවනෙක ‘බුවා’ උඩන්ගමුව වේගයෙන් මෙන්ම ශක්තියෙන් ද පරිපූර්ණ ක්‍රීඩකයෙකි.

68 වන මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමේ රිචඩ් ධර්මපාල උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කිරීමේ දී අනවශ්‍ය ලෙස බාධා කිරීම නිසා නාවික හමුදාවේ සුපුන් දිල්ශාන් හට කහ කාඩ්පතක් ලබා දීමට ද, මහනුවර කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් ලබා දීමට ද විනිසුරු ක්‍රියා කරන ලදි. (නාවික 03-41 මහනුවර)

තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ දී නාවිකයෝ උත්සහ කළ ද මහනුවරින් එල්ල වූ පීඩනය හමුවේ ඔවුන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ අතර ලකුණු 41-17ක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය ජය තහවුරු කර ගන්නා ලදි.

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 17 (2T, 2C, 1P) – 41 (1PT, 5T, 1P, 3C) මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ෆාසිල් මරීජා (මහනුවර)

ලකුණු ලබා ගැනීම

  • මහනුවර ක්‍රීඩා සමාජය: බුවනෙක උඩන්ගමුව (1T), රිචඩ් ධර්මපාල (1T), නයිජල් රත්වත්ත (1P,3C), ජේසන් දිසානායක (1T), දිමිත්‍රි විජේතුංග (1T), ලවංග පෙරේරා (1T)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය: තිළිණ වීරසිංහ (2C,1P), මොහොමඩ් අබ්සාල් (1T), දුලංජන විජේසිංහ (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<