මහනුවර ප්‍රහාරයෙන් පොලිසියට දැඩි අලාභ හානි

579

අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ අවසන් තරගය අද (30) මහනුවර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල දී පැවති අතර එහි දී ලකුණු 61-20ක් ලෙස පොලිසිය පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

නාවිකයන් CH පිටියේ ලකුණු පුවරුව වැලිසරට ඔසවා ගෙන එයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ තරගයක් ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමත්, CH & FC කණ්ඩායමත්…

ගයාන් වීරරත්න වෙනුවට රිචඩ් ධර්මපාල අද මහනුවර කණ්ඩායම මෙහෙයවූ අතර පොලිස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රසිත් සිල්වා හට හිමි වී තිබුණි.

දෙවැනි මිනිත්තුවේ ලද දඬුවම් පහරක් සාර්ථක කර ගත් සන්දේශ් ජයවික්‍රම පොලිසිය වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුවත්, පොලිස් කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් මුළු තරගයම සියතට ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජ සමත් විය (පොලිස් 03-00 මහනුවර).

සිය උත්සාහක දිනුම් වර්ෂාව ආරම්භ කළ මහනුවර ක්‍රීඩා සමාජය තරගයේ 5වැනි මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. නයිජල් රත්වත්ත එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර තිළිණ විජේසිංහ එම උත්සාහක දිනුම සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි (පොලිස් 03-07මහනුවර).

පොලිස් කණ්ඩායමට මහනුවර අර්ධය ආක්‍රමණය කිරීම කිසිදු ඉඩක් ලබා නොදුන් මහනුවර කණ්ඩායම පොලිස් අර්ධයේම ක්‍රීඩා කරමින් තරගයේ 20 වැනි මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. උචිත ජයසූරිය එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර තිළිණ විජේසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (පොලිස් 03-14  මහනුවර).

තරගය පුරා සුපිරි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අනුරුද්ධ විල්වර පොලිස් පසුපෙළ බිඳ දමමින් මහනුවර වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය තිළිණ විජේසිංහ විසින් සාර්ථක ගනු ලැබීය (පොලිස් 03-21මහනුවර).

පොලිස් කණ්ඩායම මහනුවර පසුපෙළ නැවත්වීමට කෙතරම් උත්සහ ගත්තත්, පොලිස් කණ්ඩායමේ ආරක්ෂක වළලු බිඳ දමමින් අනුරුද්ධ විල්වර සිය දෙවන උත්සාහක දිනුම 29 වන මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් විය. තරගය පුරා ඉතා හොඳින් පන්දුවට පාදයෙන් පහර දුන් තිළිණ විජේසිංහ එහි ප්‍රවර්තනය ද සාර්ථක කළේය (පොලිස් 03-28මහනුවර).

33 වන මිනිත්තුවේ දී තරගයේ පළමු වරට පොලිස් කණ්ඩායම මහනුවර කණ්ඩායමට අභියෝගයක් වෙමින් උත්සාහක දිනුමක් සඳහා උත්සාහක කළ අතර මහනුවර පිලේ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් විනිසුරු පොලිස් කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් ලබා දුන් අතර  එය සාර්ථක කර ගැනීමට සන්දේශ් ජයවික්‍රම සමත් විය (පොලිස් 06 -28  මහනුවර).

පළමු අර්ධය අවසානයේ මහනුවර කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළ ද පොලිස් කණ්ඩායමේ ප්‍රබල උත්සාහය හමුවේ එම අවස්ථාව ව්‍යර්ථ විය.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 06 – 28 මහනුවර ක්‍රීඩා සමාජය

උණුසුම් දෙවන අර්ධයට මඟ විවර කරමින් නයිජල් රත්වත්ත මහනුවර කණ්ඩායම වෙනුවෙන් පස්වැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගන්නා ලදි (පොලිස් 06 – 35මහනුවර).

හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ගුවන් හමුදාවට ප්‍රබල ආක්‍රමණයක්!/a>

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ ආරම්භක තරගය ලෙස රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී අද (29) පැවති තරගයෙන්, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය…

සිය උත්සාහය අත් නොහැරී පොලිස් කණ්ඩායම උත්සාහක දිනුමක් සඳහා උත්සහ කරද්දී මහනුවර ක්‍රීඩකයෝ විනය විරෝධීව එම උත්සාහය ව්‍යර්ථ කිරීම හේතුවෙන් 46 වන මිනිත්තුවේ දී පොලිසිය වෙනුවෙන් දඬුවම් උත්සාහක දිනුමක් ලබා දීමට විනිසුරු ක්‍රියා කළේය (පොලිස් 13 -35මහනුවර).

පොලිස් කණ්ඩායමට කිසිදු විවේකයක් නොදුන් මහනුවර කණ්ඩායමේ සයවැනි උත්සාහක දිනුම තරගයේ 57 වන මිනිත්තුවේ දී වාර්තා විය. ධනුෂ්ක රන්ජන් එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය (පොලිස් 13 – 40මහනුවර).

පොලිස්  ඉදිරිපෙළ මුවා කරමින් පොලිස් අර්ධය පහසුවෙන් තරණය කළ රිචඩ් ධර්මපාල පන්දුව ශ්‍රීනාත් සූරියබණ්ඩාර වෙත බාර දුන් පසුව ඔහු උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමත් සමඟ 65 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩා සමාජයේ සත්වැනි උත්සාහක දිනුම වාර්තා විය. පොලිස් කණ්ඩායම තවත් අසරණ කරමින් තිළිණ විජේසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (පොලිස් 13 – 40 මහනුවර).

පොලිස් කණ්ඩායමේ උත්සාහක දිනුම් නියඟය නිමා කරමින් උදාර සූරියප්පෙරුම 69 වන මිනිත්තුවේ දී පොලිසිය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. සන්දේශ් ජයවික්‍රම එහි ප්‍රවර්තන සාර්ථක කර ගන්නා ලදි (පොලිස් 20 – 47 මහනුවර).

පොලිසියට කිසිදු විවේකයක් ලබා නොදුන් මහනුවර නායක රිචඩ් ධර්මපාල මහනුවර වෙනුවෙන් අටවැනි උත්සාහක දිනුම 75 වන මිනිත්තුවේ දී වාර්තා කරන ලදි. දිනය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කළ තිළිණ විජේසිංහ එහි ප්‍රවර්තනය අලංකාර ලෙස සාර්ථක කර ගන්නා ලදි (පොලිස් 20 – 55 මහනුවර).

CR & FC ක්‍රීඩකයින් යුධ හමුදාවෙන් වාඩුව ගනී

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් අද (29) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී CR & FC කණ්ඩායම හා යුධ හමුදා ක්‍රීඩා සමාජය තරග…

උත්සාහක දිනුම් ලබා ගැනීමේ තරගයක යෙදුණු මහනුවර ක්‍රීඩකයෝ වෙනුවෙන් ධනුෂ් දයාන් 78 වන මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමේ නවවැනි උත්සාහක දිනුම වාර්තා කළේය. තිළිණ වීරසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිද්දී  විනිසුරුගේ නලාව නාද වීමත් සමඟ මහනුවර ක්‍රීඩා සමාජයට ජය හිමි කර දෙමින් තරගය නිමා විය (පොලිස් 20 -55 මහනුවර).

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 20 (2T ,2C ,2P ) – 61 (9T, 8C) මහනුවර ක්‍රීඩා සමාජය

ලකුණු ලබා ගැනීම

  • මහනුවර ක්‍රීඩා සමාජය: ධනුෂ් දයාන් (1T), උචිත ජයසූරිය (1T), නයිජල් රත්වත්ත (2T,1C), අනුරුද්ධ විල්වර (2T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), ධනුෂ්ක රන්ජන් (1T), රිචඩ් ධර්මපාල (1T),  තිළිණ විජේසිංහ (7C)
  • පොලිස් ක්‍රීඩා සමාජය: උදාර සූරියප්පෙරුම (1T), සන්දේශ් ජයවික්‍රම (2C ,2P)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට