ප්‍රබල CH ක්‍රීඩකයෝ යුද සෙබළුන් හමුවේ දනින් වැටේ

272

2019 ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ CH&FC හා යුද හමුදා කණ්ඩායම අතර අද (16) පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට යුද හමුදාව සමත් විය. කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගයේ ජයග්‍රාහී ලකුණු තත්වය සටහන් වූයේ 22-32ක් ලෙසයි.

පොලීසියේ කඳුළු ගෑස්වලින් CR මෙල්ල වෙයි

2019 ක්ලිර්ෆඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (15) පැවති..

තරගය ආරම්භ වී මිනිත්තු 3ක් ගතවීමටත් මත්තෙන් CH&FC ක්‍රීඩකයන් යුද හමුදා ආරක්ෂක බැමි බිඳගෙන ධවල රේඛාව වෙත ඇදෙන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස CH ක්‍රීඩක සත්‍ය රණතුංග පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. නමුත් සැමුවෙල් මධුවන්තට එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නොහැකි විය. (CH&FC 05-00 යුද)

නැවතත් ක්‍රියාත්මක වූ CH&FC ක්‍රීඩකයින් 9 වැනි මිනිත්තුව ගතවෙද්දී තවත් උත්සාහක දිනුමක් ලබා ගත්තේ ආරම්භයේ දී ම පිටිය පුරා තම ආධිපත්‍ය පතුරුවමිනි. ලබා ගත් උත්සාහක දිනුම ඩිල්ශාන් චතුර විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට මදුවන්තට හැකි විය. (CH&FC 12-00 යුද)

18 වැනි මිනිත්තුවේ දී කරන ලද වැරදි ක්‍රියාවක් හේතුවෙන් CH&FC ක්‍රීඩක ප්‍රසද් මධුසංකට විනිසුරු ජේබකස් විසින් කහ කාඩ් පතක් ලබා දුන්නේය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කෙසේ නමුත් යුද හමුදා කණ්ඩායම තම තරග රටාව වෙනස් කරමින් උපක්‍රමශීලීව ක්‍රීඩා කිරීමට කටයුතු කළ අතර CH&FC ක්‍රීඩකයන්ගෙන් සිදු වූ අපරීක්ෂාකාරී පන්දු පිරිනැමීමක් හේතුවෙන් පන්දුව ගිලිහී ගොස් යුද හමුදා ක්‍රීඩක දනුෂ්ක තල්වත්තට ලැබුණු අතර ඔහු එය දක්ෂ ලෙස ධවල රේඛාවෙන් ඉවතට රැගෙන ගියේ මීටර 55ක පමණ දුරක් දිවයමිනි. උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ඉසුරු මැදගෙදර විසින් සාර්ථක කර ගත්තේය. (CH&FC 12-07 යුද හමුදා)

පළමු අර්ධය අවසාන වීමට ප්‍රථම උත්සාහක දිනුම බැගින් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම සමත් විය. එහි දී CH&FC වෙනුවෙන් අනුරාධ හේරත් හා යුද හමුදාව වෙනුවෙන් සමීර බුලත්සිංහල උත්සාහක දිනුම් වාර්තා කරන්න සමත් විය. දෙපිලම ලබා ගත් උත්සාහක දිනුම්වල ප්‍රවර්තන සාර්ථක කරගැනීමට දෙපිළටම නොහැකි විය.

පළමු අර්ධය: CH&FC කණ්ඩායම 17 – 12 යුද හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය සඳහා නව මුහුණුවරකින් පිවිසුණු යුද හමුදා ක්‍රීඩකයන් එතෙක් CH&FC කණ්ඩායම පතුරවා තිබූ ආධිපත්‍ය බිඳ හෙලමින් ඉදිරියට ඇදෙන්නට වූයේ CH&FC කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වෙමිනි.

අගනුවර සහ පිට පළාත් ගැටෙන සංග්‍රාමයේ සංචිතය මෙන්න

ශ්‍රී ලාංකීය රග්බි පිටියේ දැනට ක්‍රීඩා කරන සුපිරිතම ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට..

දෙවැනි අර්ධය ආරම්භ වූ විගසම යුද හමුදා ක්‍රීඩක අශාන් බණ්ඩාර උත්සාහක දිනුමක් ලබා ගන්නට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ඉසුරුට මගහැරී ගියේය. (CH&FC 17-17 යුද හමුදා)

CH&FC කණ්ඩායම තරගයේ 52 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගත් අතර ඉන් මිනිත්තු 5ක් යන්නටත් මත්තෙන් නැවතත් යුද හමුදා කණ්ඩායමත් උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි. එම උත්සාහක දිනුම් දෙකේම ප්‍රවර්තන සාර්ථක කරගැනීමට දෙපිළම අසමත් විය. CH වෙනුවෙන් සජිත් සාරංග ද, යුද හමුදාව වෙනුවෙන් මධුර බණ්ඩාර ද උත්සාහක දිනුම් වාර්තා කළේය. (CH&FC 22-22 යුද හමුදා)

තරගයේ 56 වැනි මිනිත්තුවෙන් පසුව තරගය සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. එහි දී 59 වැනි මිනිත්තුවේ දී අශාන් බණ්ඩාර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ගයාන් සාලින්ද විසින් සාර්ථක කරගන්නා ලදි. (CH&FC 22-29 යුද හමුදා)

ඉසිපතනය හමුවේ විද්‍යා ක්‍රීඩකයින් සිය නිවහනේ දී ම අසරණ වෙයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (16) ගල්කිස්ස විද්‍යා විදුහල් ..

දැඩි හිරු රශ්මියක් මධ්‍යයේ පැවැත්වුන මෙම තරගයේ 79 වැනි මිනිත්තුවේ දී යුද හමුදාවට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ගයාන් සාලින්ද සමත් වූ අතර එම ලකුණත් සමඟම 32-22ක් ලෙස තරගය ජය ගැනීමට යුධ හමුදා කණ්ඩායම සමත් විය. මෙම පරාජයත් සමඟම CH&FC  කණ්ඩායමේ ක්ලිෆර්ඩ් කුසලාන සිහිනය බොඳ වී ගියේය.

අවසන් ලකුණු තත්වය: CH&FC කණ්ඩායම 22 – 32 යුද හමුදා කණ්ඩායම

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • CH&FC: සත්‍ය රණතුංග (1T), සමුවෙල් මදුවන්ත (1C), ප්‍රසාද් මදුසංන (1T), අනුරාධ හේරත් (1T), සජිත් සාරංග (1T)
  • යුද හමුදාව: දනුශ්ක තල්වත්ත (1T), ඉසුරු මැදගෙදර (1C), අශාන් බණ්ඩාර (2T), මධුර බණ්ඩාර (1T), ගයාන් සාලින්ද (1C,1P), සමීර බුලත්සිංහල(1T)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<