දැවැන්ත ජයක් සමඟින් හැව්ලොක් ක්‍රීඩා සමාජය අවසන් තරගයට

369

මෙම වසරේ (2019) ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය කොළඹ තුරඟ තරග පිටියේ දී තරග වැදිණි. එහි දී ලකුණු 29-60ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

ගුවන් හමුදාවට ඓතිහාසික තරග ජයක්

2019 ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පැවති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 32-23ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය…

තරගයේ 05 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ලසිඳු ඉෂාන් විසින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (යුධ 00-07හැව්ලොක්)

තරගයේ 13 වැනි මිනිත්තුවේ දී තරග විනිසුරුවරයා විසින් යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙත දඬුවම් පහරක් පිරිනැමූ අතර එය සාර්ථක කර ගැනීමට ඉසුරු මැදගෙදර සමත් විය. (යුධ 03-07 හැව්ලොක්)

නැවතත් තරගයට අවතීර්ණ වෙමින් 18 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජයට හැකි විය. චාමර දාබරේ විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (යුධ 03-14  හැව්ලොක්)

නැවත තම කණ්ඩායමේ ලකුණු තත්වය ඉහළ දැමීමට හැව්ලොක් ක්‍රීඩා සමාජයට හැකි වූයේ තරගයේ 28 වැනි මිනිත්තුවේ දී රීසා මුබාරක් විසින් වාර්තා කරන ලද උත්සාහක දිනුම සමඟිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (යුධ 03-21 හැව්ලොක්)

හැව්ලොක් දඩබිමේ නිහඬ දඩයක්කරු – රීසා මුබාරක්

තරගය අවසානයට ඇත්තේ තවත් තත්පර කිහිපයක් පමණයි. හැව්ලොක් කණ්ඩායම හා ජයග්‍රහණය අතර ඇත්තේ කෙස් ගහක පරතරයක්. ප්‍රවර්තනයක් එසේ නොවේ නම් දඬුවම් පහරක්…

හැව්ලොක් ක්‍රීඩා සමාජය විසින් යුධ හමුදා ක්‍රීඩකයින් වෙත නැවත විශාල පීඩනයක් එල්ල කිරීමට සමත් වූයේ 34 වැනි මිනිත්තුවේ දී චාමර දාබරේ විසින් ඔහුගේ දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමත් සමඟිනි. එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (යුධ 03- 28 හැව්ලොක්)

තරගයේ ප්‍රථම අර්ධය නිමා වීමට පෙර 38 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (යුධ 03-31 හැව්ලොක්)

ප්‍රථම අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 03 – 31 හැව්ලොක් ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 05ක් ගත වූ පසු යුධ හමුදා කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට අශාන් බණ්ඩාර සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඉසුරු මැදගෙදර අපොහොසත් විය. (යුධ 08-31 හැව්ලොක්)

යුධ හමුදා ක්‍රීඩා සමාජය නැවත තරගයට අවතීර්ණ වෙමින් තරගයේ 47 වැනි මිනිත්තුවේ දී නැවත උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. කසුන් මදුරංග විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඉසුරු මැදගෙදර සමත් විය. (යුධ 15-31හැව්ලොක්)

හැව්ලොක් හමුවේ නාවික සිහින දියබත් වේ

2019 ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය අද (17) කොළඹ තුරඟ තරග…

තරගයේ 53 වැනි මිනිත්තුවේ දී තරග විනිසුරුවරයා විසින් හැව්ලොක් ක්‍රීඩා සමාජය දඬුවම් පහරක් පිරිනැමූ අතර එය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (යුධ 15-34 හැව්ලොක්)

යුධ හමුදා ක්‍රීඩා සමාජයට විශාල පීඩනයක් එල්ල කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ 5 වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට දිනුක් අමරසිංහ සමත් විය. තරගයේ 57 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (යුධ 15-41 හැව්ලොක්)

එම උත්සාහක දිනුම වාර්තා කර මිනිත්තු දෙකක් ගත වීමටත් ප්‍රථම හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා විය. සංදේශ් ජයවික්‍රම විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය රීසා මුබාරක් විසින් සාර්ථක කර ගන්නා ලදි. (යුධ 15-48 හැව්ලොක්)

තරගයේ 63 වැනි මිනිත්තුවේ දී තම කණ්ඩායමේ තෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් නැවත තරගයට අවතීර්ණ වීමට යුධ හමුදා ක්‍රීඩකයින්ට හැකියාවක් ලැබුණේ සුදාරක දික්කුඹුර විසින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ගයාන් සාලින්ද සමත් විය. (යුධ 22-48 හැව්ලොක්)

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ කාවින්ද කේෂාන් විසින් ඔහුගේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූයේ තරගයේ 72 වැනි මිනිත්තුවේ දී ය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සංදේශ් ජයවික්‍රම අපොහොසත් විය. (යුධ 22-53 හැව්ලොක්)

ප්‍රබල CH ක්‍රීඩකයෝ යුද සෙබළුන් හමුවේ දනින් වැටේ

2019 ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ CH&FC හා යුද හමුදා කණ්ඩායම අතර අද (16) පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට…

යුධ හමුදා ක්‍රීඩකයින් වෙත යම් උත්තේජනයක් ලබා දීමට අශාන් බණ්ඩාර සමත් වූයේ තරගයේ 77 වැනි මිනිත්තුවේ දී තම දෙවන උත්සාහක දිනුම වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ගයාන් සාලින්ද සමත් විය. (යුධ 29-53 හැව්ලොක්)

තරගයේ 80 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ තීක්ෂණ දසනායක තරගයේ අවසන් උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (යුධ 29-60 හැව්ලොක්)

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 29 – 60 හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – රීසා මුබාරක් (හැව්ලොක්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

යුධ හමුදා ක්‍රීඩා සමාජය – ඉසුරු මැදගෙදර (1P, 1C), අශාන් බණ්ඩාර (2T), කසුන් මදුරංග (1T), සුදාරක දික්කුඹුර (1T), ගයාන් සාලින්ද (2C)

හැව්ලොක් ක්‍රීඩා සමාජය – ලසිඳු ඉෂාන් (1T), රීසා මුබාරක් (1T, 6C, 2P), චාමර දාබරේ (2T), දිනුක් අමරසිංහ (1T), සංදේශ් ජයවික්රම (1T, 1C), කාවින්ද කේෂාන් (1T), තීක්ෂණ දසනායක (1T)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<