CH මෙහෙයුමෙන් ගුවන් හමුදාව පසුබසී

935

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය අතර අද (09) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ලකුණු 07-15ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට CH & FC ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය.

හොංකොං අභියෝගයට යෞවනයින් සූදානම්

පසුගිය වසරේ අඳුරු මතක මකා දමමින්,ලෝක ශූරතා කුසලානයට වරම් ලැබීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා වයස අවුරුදු…

CH & FC කණ්ඩායම තරගාවලියේ මීට පෙර සහභාගී වූ තරග 5න් එක් තරගයක් ජයග්‍රහණය කරමින් සහ තවත් එක් තරගයක් ජය-පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් ප්‍රසාද ලකුණු 11කට හිමිකම් කියමින් සමස්ත ලකුණු සටහනේ 6 වන ස්ථානයේ පසු වූ අතර අනෙක් පසින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ඔවුන් සහභාගී වූ තරග 5න් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 05කට හිමිකම් කියමින් ලකුණු සටහනේ 7 වන ස්ථානයේ පසුවෙමින් මෙම තරගයට පිවිසියේය.

එක් තරගයක් සඳහා තරග තහනමකට ලක්ව සිටි ලී කීගල් එම තරග තහනමෙන් අනතුරුව නැවතත් මෙම තරගයේ දී CH & FC කණ්ඩායමට එක්වීම ඔවුන්ට අතිශය වැදගත් විය. කෙසේ නමුත් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී ලකුණු ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් නිර්මාණය කර ගන්නට කණ්ඩායම් දෙකම අසමත් විය.

අනතුරුව තරගයේ 11 වන මිනිත්තුවේ දී CH & FC කණ්ඩායමට අසීරු දඬුවම් පහර අවස්ථාවක් ලැබුණු අතර කෙසේ නමුත් එය සාර්ථක කර ගන්නට සමුවෙල් මදුවන්ත සමත් වූයේ නැත.

පසුව තරගයේ 15 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා කණ්ඩායමට දඬුවම් පහරක් ලැබුණු අතර එය සාර්ථක කර ගත් චරිත් සෙනෙවිරත්න තරගයේ ලකුණු ලබාගැනීම ආරම්භ කරනු ලැබීය (ගුවන් හමුදාව 03 – 00 CH & FC).

නාවික උත්සාහය වතුරේ යයි

Dialog අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සයවැනි සති අන්තය ආරම්භ කරමින් අද (9) නාවික හමුදා ක්‍රීඩා සමාජය හා මහනුවර…

ගුවන් හමුදා ක්‍රීඩකයින් ඉන් අනතුරුව තවදුරටත් ප්‍රතිවාදී CH & FC කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් තරගයේ 18 වන මිනිත්තුවේ දී තවත් දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට ඔවුන් සමත් විය. මෙවර ද එය සාර්ථකව ගෝල රාමුව තුළින් යොමු කළ චරිත් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය තවත් ඉහළ නංවා ගන්නට සමත් විය (ගුවන් හමුදාව 06 – 00 CH & FC).

තරගයේ 23 වන මිනිත්තුවේ දී චරිත් ඔවුන්ගේ අර්ධයේ සිට පන්දුවට පහරක් එල්ල කළ අතර එය උත්සාහක දිනුම් කලාපය ආසන්නයේ CH & FC ක්‍රීඩකයෙක් අසල පතිත වුවත් ඔහු පන්දුව ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වීමත් සමඟ එය ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායමේ ජෙහාන් සීලගම සමත් විය. පසුව ඔහු පන්දුව චරිත් හට බාර කළ අතර ඔහු එය සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ඔහු සමත් වූයේ නැත (ගුවන් හමුදාව 11 – 00 CH & FC).

පසුව CH & FC ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වෙමින් විනාඩි 5ක කාලයක් ඇතුළත උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එම අවස්ථාවන් දෙකේ දී ම ඔවුන්ගේ පන්දු හුවමාරු කර ගැනීම ඉතා ඉහළ තත්වයක පැවති අතර ඒ අනුව පළමු උත්සාහක දිනුම අවිශ්ක ලී විසින් සහ දෙවන උත්සාහක දිනුම යෝෂිත රාජපක්ෂ විසින් වාර්තා කර ගනු ලැබීය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් දෙක ද සාර්ථක කර ගන්නට සැමුවෙල් මදුවන්ත සමත් විය. (ගුවන් හමුදාව 11 – 14 CH & FC)

අනතුරුව චරිත් විසින් ගුවන් හමුදා කණ්ඩායමට ලැබුණු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගනිමින් නැවතත් ලකුණු තත්වය සම කිරීමට සමත් වුවත් තරගයේ පළමු අර්ධය අවසන් වන්නට ආසන්නයේ දී CH & FC කණ්ඩායමේ සජිත් සාරංග සිය කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් නැවතත් CH & FC කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. ප්‍රවර්තන අවස්ථාව ලබාගත් පබසර හේවගේ එවර සාර්ථක වූයේ නැත.

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 14 – 19 CH & FC ක්‍රීඩා සමාජය

CH & FC ක්‍රීඩකයින් දෙවන අර්ධය ආරම්භයේ දී ම දඬුවම් පහර අවස්ථාවක් දිනා ගැනීමට සමත් වූ අතර එය මදුවන්ත විසින් සාර්ථක කර ගනු ලැබීය (ගුවන් හමුදාව 14 – 22 CH & FC).

තරගයේ 47 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩකයින් නැවතත් තරගයට අවතීර්ණ වෙමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් විය. පත්මසංක වීරසිංහ විසින් එය වාර්තා කර ගනු ලැබූ අතර එහි ප්‍රවර්තන අවස්ථාව ද චරිත් විසින් සාර්ථක කර ගනු ලැබුවේ තරගයේ උණුසුම තවත් ඉහළ නංවමිනි (ගුවන් හමුදාව 21 – 22 CH & FC).

ඊට වහාම පිළිතුරු දැක්වූ CH & FC කණ්ඩායමේ යෝෂිත රාජපක්ෂ තරගයේ ඔහු වාර්තා කර දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද මදුවන්ත විසින් සාර්ථක කර ගනු ලැබුවේ නැවතත් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගනිමිනි (ගුවන් හමුදාව 21 – 29 CH & FC).

හොංකොං අභියෝගයට යෞවනයින් සූදානම්

පසුගිය වසරේ අඳුරු මතක මකා දමමින්,ලෝක ශූරතා කුසලානයට වරම් ලැබීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා වයස අවුරුදු…

පසුව තරගයේ 57 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා කණ්ඩායමට ලැබුණු දඬුවම් පහර අවස්ථාව චරිත් විසින් සාර්ථක කර ගැනීමට සමත් විය. (ගුවන් හමුදාව 24 – 29 CH & FC)

අනතුරුව නැවතත් CH & FC ක්‍රීඩකයින් ඔවුන්ගේ පන්දු හුවමාරු කර ගැනීමේ විශිෂ්ටතාවය ප්‍රදර්ශනය කරමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබීය. මෙවර එය වාර්තා කර ගනු ලැබුවේ හෂාන් මදුරංග විසින් වන අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද මදුවන්ත විසින් සාර්ථක කර ගන්නා ලදි (ගුවන් හමුදාව 24 – 36 CH & FC).

74 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා කණ්ඩායමේ පබසර හේවගේ උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් චරිත් විසින් එය ප්‍රවර්තනය කර ගනු ලැබුවේ නැවතත් තරගය කණ්ඩායම් දෙකටම විවෘත කරමිනි. (ගුවන් හමුදාව 31 – 36 CH & FC)

පසුව ගුවන් හමුදා කණ්ඩායමේ නිලන්ත ජයවීර හට කහ කාඩ්පතක් නිකුත් වූ අතර ඉන් ප්‍රයෝජන ලබාගත් CH & FC කණ්ඩායමේ අවන්ත ලී පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත පන්දුව රැගෙන යමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය. එහි ප්‍රවර්තන අවස්ථාව ද මදුවන්ත විසින් සාර්ථක කර ගන්නා ලදි. (ගුවන් හමුදාව 31 – 43 CH & FC)

ඒ අනුව මෙම තරගය අවසන් වූයේ CH & FC කණ්ඩායම ඉතා උණුසුම් තරගයක් ප්‍රසාද ලකුණක් ද හිමිකර ගනිමින් ජයග්‍රහණය කරමිනි.

සම්පූර්ණ කාලය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 31 (3T 2C 4P) – 43 (6T 5C 1P)  CH & FC ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – යෝෂිත රාජපක්ෂ (CH & FC)

ලකුණු ලබා ගැනීම –

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – චරිත් සෙනෙවිරත්න 1T 2C 4P, පත්මසංක වීරසිංහ 1T, පබසර හේවගේ 1T
  • CH & FC ක්‍රීඩා සමාජය – යෝෂිත රාජපක්ෂ 2T, අවිශ්ක ලී 1T, සජිත් සාරංග 1T, හෂාන් මදුරංග 1T, අවන්ත ලී 1T, සැමුවෙල් මදුවන්ත 5C 1P

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<