ප්‍රබල කණ්ඩායම් රැසක් ‘Dialog’ ජනාධිපති රන් කුසලානයේ අවසන් සංග්‍රාමයට

591

‘Dialog Axiata’ සමාගමේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන ‘Dialog’ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාණ්ඩ වටයේ සිට අවසන් පූර්ව වටය දක්වා තරග පසුගිය 24 සහ 25 දෙදින හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

වයස අවුරුදු 22න් පහළ සහ විවෘත පිරිමි හා කාන්තා ඉසව් යටතේ පැවති මෙවර තරගාවලිය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් කණ්ඩායම් 100කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ අතර තරගාවලියේ පළමු දිනයේ දී කාණ්ඩ වටයේ තරගත්, දෙවන දිනයේ දී මූලික වශයෙන් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සහ තුන්වැනි ස්ථානය සඳහා පැවති තරගත් පවත්වනු ලැබීය.

වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ වැඩි ගෞරව ‘MAS’ට

2018 වසර සඳහා වන වෙළඳසේවා වොලිබෝල් ශූරතාවලියේ ශූරතා කාණ්ඩයේ සහ සුපිරි ලීගයේ කාන්තා හා පිරිමි අවසන් මහා තරග අද (11) මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අවසන් විය.

තරගාවලියේ අවසන් පූර්ව වටය තරග වට දෙකක් යටතේ පැවති අතර පළමු අර්ධ අවසන් පූර්ව තරග දෙක අවසානයේ එක් අවසන් පූර්ව තරගයක ජයග්‍රහණය හිමිකරගත් කණ්ඩායම අනෙක් අවසන් පූර්ව තරගය පරාජයට පත්වූ කණ්ඩායම සමඟ වන ලෙස දෙවන වටයේ දී එකිනෙක තරග වැදුණි. ඒ අනුව එම දෙවන වටයේ අර්ධ අවසන් පූර්ව තරග දෙක ජයග්‍රහණය කළ කණ්ඩායම් එළඹෙන දෙසැම්බර් මස 15 වැනිදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූහ.     

  • විවෘත – පිරිමි   

කාණ්ඩ වටයේ තරග අවසානයේ කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය, ආනමඩුව රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජය, ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සහ කෑගල්ල දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

ඒ අනුව අවසන් පූර්ව වටයේ පළමු වටයේ දී බලරැස් ක්‍රීඩා සමාජය හා රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජයත්, සියනෑතරු ක්‍රීඩා සමාජය සහ රන්තරු ක්‍රීඩා සමාජයත් එකිනෙක තරග වැදුණි.

එම තරග දෙකම තරග වට 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ පිළිවෙළින් බලරැස් ක්‍රීඩා සමාජය සහ සියනෑතරු ක්‍රීඩා සමාජය යි.

ඒ අනුව අවසන් පූර්ව වටයේ තීරණාත්මක දෙවන වටයේ දී රන්තරු ක්‍රීඩා සමාජයට බලරැස් ක්‍රීඩා සමාජය සමඟත්, රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජයට සියනෑතරු ක්‍රීඩා සමාජය සමඟත් තරග වදින්නට සිදු විය.

රන්තරු ක්‍රීඩා සමාජය සහ බලරැස් ක්‍රීඩා සමාජය අතර තරගයේ පළමු වටය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර අවසානයේ එහි ජයග්‍රහණය ලකුණු 23-25ක් ලෙස හිමිකර ගැනීමට සමත් වූයේ බලරැස් ක්‍රීඩා සමාජය යි. අනතුරුව පැවති දෙවන වටයේ දී සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණි රන්තරු ක්‍රීඩා සමාජය ලකුණු 25-20ක් ලෙස එම වටයේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් විය. තරගයේ තෙවැනි වටය දැඩි අභියෝගයකින් තොරව ලකුණු 16-25ක් ලෙස ජයග්‍රහණය කළ බලරැස් ක්‍රීඩා සමාජයට තරගයේ සිව්වැනි වටයේ දී රන්තරු ක්‍රීඩා සමාජයෙන් නැවතත් ප්‍රබල අභියෝගයක් එල්ල වූ නමුත් අවසානයේ එම තරග වටය ද ලකුණු 22-25ක් ලෙස ජයග්‍රහණය කළ ඔවුන් තරග වට 1/3ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

අනතුරුව සියනෑතරු ක්‍රීඩා සමාජයත් රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජයත් අතර පැවති අනෙක් දෙවන වටයේ අවසන් පූර්ව තරගයේ පළමු වටය උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 25-22ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ සියනෑතරු ක්‍රීඩා සමාජය යි. තරගයේ ඉදිරි තරග වට දෙකේ දී ප්‍රතිවාදී රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩකයින්ගෙන් ඔවුන්ට එතරම් අභියෝගයක් එල්ල නොවූ අතර ඒ අනුව එම තරග වට 2 පිළිවෙළින් ලකුණු 25-20ක් හා 25-13ක් ලෙස ජයග්‍රහණය කළ සියනෑතරු ක්‍රීඩකයින් තරග වට 3-0ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමින් අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.

රන්තරු ක්‍රීඩා සමාජයත් රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජයත් අතර පැවති අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය නිතරගයෙන් හිමිකරගත් රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩකයින් මෙම අංශයේ 3 වන ස්ථානය හිමිකරගනු ලැබීය.

සියනෑතරු ක්‍රීඩා සමාජ කණ්ඩායම
බලරැස් ක්‍රීඩා සමාජ කණ්ඩායම

>> තරගාවලියේ දෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

  • විවෘත – කාන්තා

රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය, සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය, කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය කාණ්ඩ තරග වට අවසානයේ මෙම අංශයේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් වූහ.

ඒ අනුව ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයත්, කපිල ක්‍රීඩා සමාජයත් අතර පැවති පළමු වටයේ අර්ධ අවසන් පූර්ව තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව තරග වට 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩිකාවන් සමත් වූ අතර විජය ක්‍රීඩා සමාජයත් කැෂුවල් ක්‍රීඩා සමාජයත් අතර පැවති අනෙක් තරගය ද ඉතා උණුසුම් තරගයකින් අනතුරුව තරග වට 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ විජය ක්‍රීඩා සමාජය යි.

ඒ අනුව තීරණාත්මක අවසන් පූර්ව වටයේ දෙවන තරගයේ දී කැෂුවල් ක්‍රීඩා සමාජයට ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය සමඟ තරග වැදීමට සිදු විය. එම තරගයේ දී සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට ගෝල්ඩන් බර්ඩ් ක්‍රීඩිකාවන් අසමත් වූ අතර ඒ අනුව තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය හිමිකරගත් කැෂුවල් ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය. තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 25-19, 25-20 සහ 25-17ක් ලෙසයි.

යුධ හමුදාව සහ Casualline තෙවැනි ස්ථාන දිනා ගනී

2018 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි අංශයේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාව සහ කාන්තා අංශයේ තෙවැනි ස්ථානය MAS Casualline යන කණ්ඩායම්…

අවසන් පූර්ව වටයේ දෙවන වටයේ අනෙක් තරගය පැවතියේ විජය ක්‍රීඩා සමාජය සහ කපිල ක්‍රීඩා සමාජය අතර යි. එහි දී කපිල ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් ප්‍රබල විජය ක්‍රීඩා සමාජයට එතරම් අභියෝගයක් එල්ල කරන්නට සමත් වූයේ නැත. ඒ අනුව ලකුණු 25-16, 25-13 හා 25-21ක් ලෙස එම තරගය තරග වට 3/0ක් ලෙස ජයග්‍රහණය කළ විජය ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

මෙම අංශයේ 3 වන ස්ථානය තේරීම සඳහා කපිල ක්‍රීඩා සමාජය සහ ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය අතර පැවති තරගය ලකුණු 24-25 සහ 18-25ක් ලෙස ජයග්‍රහණය කරන්නට ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

විජය ක්‍රීඩා සමාජ කණ්ඩායම
කැෂුවල් ක්‍රීඩා සමාජ කණ්ඩායම

වයස අවුරුදු 22න් පහළ – පිරිමි   

කාණ්ඩ වටයේ තරග අවසානයේ සීදූව දවිසමර ක්‍රීඩා සමාජය, හුංගම විජයබා ක්‍රීඩා සමාජය, රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

එහි දී දවිසමර ක්‍රීඩා සමාජය සහ විජයබා ක්‍රීඩා සමාජය අතර පැවති තරගය හා ධම්මිස්සර ක්‍රීඩා සමාජය සහ රාජසිංහ ක්‍රීඩා සමාජය අතර පැවති තරගය පිළිවෙළින් තරග වට 2-0 බැගින් ජයග්‍රහණය කරනු ලැබුවේ දවිසමර ක්‍රීඩා සමාජය සහ ධම්මිස්සර ක්‍රීඩා සමාජය විසිනි.

අනතුරුව මෙහි අවසන් පූර්ව වටයේ දෙවන වටය යටතේ පැවති දවිසමර ක්‍රීඩා සමාජය සහ රාජසිංහ ක්‍රීඩා සමාජය අතර තරගයේ පළමු වටය දැඩි අභියෝගයකින් තොරව ලකුණු 20-25ක් ලෙස ජයග්‍රහණය කිරීමට රාජසිංහ ක්‍රීඩකයින් සමත් විය. තරගයේ දෙවන වටයේ දී දවිසමර ක්‍රීඩකයින් ඔවුන්ට දැඩි අභියෝගයක් ලබා දීමට සමත් වුවත් එම වටය ද ලකුණු 27-29ක් ලෙස ජයග්‍රහණය කරනු  ලැබුවේ රාජසිංහ ක්‍රීඩකයින් ය. පසුව පැවතී තෙවැනි වටය ද ලකුණු 21-25ක් ලෙස ජයග්‍රහණය කළ ඔවුන් තරග වට 3-0ක් ලෙස මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

පසුව පැවති ධම්මිස්සර කණ්ඩායම සහ විජයබා කණ්ඩායම අතර තරගය පුරාවට තරගයේ අණසක පතුරුවා ගන්නට ධම්මිස්සර ක්‍රීඩකයින් සමත් වූයේ ප්‍රතිවාදීන් හට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි. ඒ අනුව මෙම තරගය ලකුණු 25-15, 25-15 සහ 25-17ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කළ ධම්මිස්සර ක්‍රීඩා සමාජය තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.

එම කාණ්ඩයේ තෙවන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගය හුංගම විජයබා ක්‍රීඩා සමාජය තරග වට 2-0ක් ලෙස පරාජයට පත්කරමින් ජයග්‍රහණය කරන්නට දවිසමර ක්‍රීඩා සමාජය සමත් විය. එහි ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 17-25 හා 21-25ක් වශයෙනි.

ධම්මිස්සර ක්‍රීඩා සමාජ කණ්ඩායම
රාජසිංහ ක්‍රීඩා සමාජ කණ්ඩායම

යුධ හමුදාව සහ Casualline තෙවැනි ස්ථාන දිනා ගනී

2018 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි අංශයේ….

වයස අවුරුදු 22න් පහළ – කාන්තා   

මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය, හුංගම විජයබා ක්‍රීඩා සමාජය, ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය කාණ්ඩ තරග වට අවසානයේ මෙම කාණ්ඩයේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

එහි දී මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ හුංගම විජයබා ක්‍රීඩා සමාජය අතර තරගය ඉතා උණුසුම් තරග වටයකින් අනතුරුව තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වූයේ මහඋස්වැව රතනපාල ක්‍රීඩිකාවන් ය. පසුව පැවති අනෙක් තරගය ද උණුසුම් තරගයකින් අනතුරුව ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩිකාවන් තරග වට 1-3ක් ලෙස පරාජයට පත්කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඇලමෝනා ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් ය.

ඒ අනුව මහඋස්වැව ක්‍රීඩා සමාජයත් ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජයත් අතර පැවති තීරණාත්මක අවසන් පූර්ව වටයේ දෙවන වටයේ තරගය පුරාවට ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ මහඋස්වැව ක්‍රීඩිකාවන් ඉතා පහසුවෙන් එම තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය. එම තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 25-14, 25-05 සහ 25-18ක් ලෙසයි.

අනෙක් තීරණාත්මක දෙවන වටයේ අවසන් පූර්ව තරගය පැවතියේ ඇලමෝනා ක්‍රීඩා සමාජය සහ හුංගම විජයබා ක්‍රීඩා සමාජය අතර යි. එම තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ලැබුවේ ඇලමෝනා ක්‍රීඩා සමාජය යි. තරගයේ ලකුණු තත්වය 25-16, 25-20 සහ 25-12ක් ලෙස දැක්විය.

එහි තුන්වන ස්ථානය තේරීම සඳහා පැවති තරගය ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩිකාවන් පරාජයට පත්කරමින් තරග වට 0-2ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ හුංගම විජයබා ක්‍රීඩා සමාජය යි.

මහඋස්වැව ක්‍රීඩා සමාජ කණ්ඩායම

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<