ඩයලොග් ජනාධිපති රන් කුසලානයේ අවසන් සංග්‍රාමයන්ට ඔවුන් සූදානම්

278

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අනුදැනුම මත ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරනු ලැබූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග මෙම මස (දෙසැම්බර්) 15 වනදා මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එහිදී වයස අවුරුදු 22න් පහළ සහ විවෘත යන අංශ යටතේ කාන්තා සහ පිරිමි අවසන් මහා තරග හතරක් පැවැත්වේ.

Photos : Dialog President’s Gold Cup – Day 2

ThePapare.com | Waruna Lakmal | 26/11/2018 Editing..

කාන්තා – වයස අවුරුදු 22න් පහළ අවසන් මහා තරගය

පළමු වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-1ක් ලෙස හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ දෙවන වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-0ක් ලෙස ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් පරාජය කිරීමට සමත් වූ මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය කාන්තා – වයස අවුරුදු 22න් පහළ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම විය.

මහඋස්වැව ක්‍රීඩා සමාජ කණ්ඩායම

කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය පළමු වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-1ක් ලෙස ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජයත්, දෙවන වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-0ක් ලෙස හුංගම විජයබා ක්‍රීඩා සමාජයත් පරාජයට පත් කරමින් කාන්තා – වයස අවුරුදු 22න් පහළ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය

පිරිමි – වයස අවුරුදු 22න් පහළ අවසන් මහා තරගය

පළමු වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-0ක් ලෙස නාත්තණ්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය හමුවේ පරාජයට පත්වුවත් දෙවන වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-0ක් ලෙස සීදූව දවිසමර ක්‍රීඩා සමාජය පරාජය කිරීමට සමත් වූ රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය පිරිමි – වයස අවුරුදු 22න් පහළ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය.

රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය

නාත්තණ්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය පළමු වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-0ක් ලෙස රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජයත්, දෙවන වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-0ක් ලෙස හුංගම විජයබා ක්‍රීඩා සමාජයත් පරාජයට පත් කරමින් පිරිමි – වයස අවුරුදු 22න් පහළ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

නාත්තණ්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය

කාන්තා – විවෘත අවසන් මහා තරගය

කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය පළමු වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-2ක් ලෙස කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජයත්, දෙවන වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-0ක් ලෙස සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජයත් පරාජයට පත් කරමින් කාන්තා – විවෘත අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.

කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය

පළමු වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-2ක් ලෙස කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය හමුවේ පරාජයට පත්වූ කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය, දෙවන වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-0ක් ලෙස රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් කාන්තා – විවෘත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය.

කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය

පිරිමි – විවෘත අවසන් මහා තරගය

පළමු වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-0ක් ලෙස ආනමඩුව රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජයත්, දෙවන වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-1ක් ලෙස කෑගල්ල රන්තරු ක්‍රීඩා සමාජයත් පරාජයට පත් කරමින් කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය පිරිමි – විවෘත අවසන් මහා තරගය සඳහා වරම් හිමිකර ගැනීමට සමත් විය.

කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය

පළමු වටයේ අවසන් පූර්ව තරගයෙන් වට 3-0ක් ලෙස කෑගල්ල රන්තරු ක්‍රීඩා සමාජය පරාජය කළ ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය, දෙවන වටයේ අවසන් පූර්ව තරගයේදී වට 3-0ක් ලෙස ආනමඩුව රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් පිරිමි – විවෘත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය.

ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය

මෙරට වැඩිම කණ්ඩායම් සහභාගීත්වයක් දකින්නට ලැබුණු මෙම තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 4000කින් පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 48,000කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. තරගාවලියේ පළමු අදියරේ තරග දිස්ත්‍රික්ක මට්ටමෙන් පැවති අතර මේ වනවිට අවසන් මහා තරග දක්වා පැමිණ තිබේ.

අවසන් මහා තරග වල සජීව දසුන්, තරග වාර්තා සහ ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප සූදානමින් සිටී.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<