වසරේ දැවැන්ත වොලිබෝල් තරගාවලියට සියල්ල සූදානම්

293

ශ්‍රී ලංකාව තුළ සංවිධානය වන විශාලතම ක්‍රීඩා උත්සවය හා මෙරට ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම අවධානය දිනා ගන්නා ක්‍රීඩා ඉසව්වක් වන “ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය”, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ මෙවරත් පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා 2,500කට අධික  ක්‍රීඩා කණ්ඩායම් සංඛ්‍යාවක් සහ 40,000කට අධික ක්‍රීඩකයන් පිරිසක් ද සහභාගී වීමට නියමිත බැව් ඊයේ (06) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය විය.

DSI වොලිබෝල් වයඹ පළාතේ තේරීම් තරග අවසන්

DSI සුපර් ස්පෝට් අන්තර් පාසැල් වොලිබෝල් තරගාවලියේ මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය..

තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ජාතික ක්‍රීඩාව නඟා සිටුවීමෙහි ලා සුවිශේෂී මෙහෙයක් ඉටු කරන ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සේවා සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම දශක දෙකක් පුරා විහිදෙන ඉතිහාසයක් තුළ 12 වන වරටත් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය වෙත පූර්ණ අනුග්‍රහය දක්වනු ලබයි.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් දිවයින පුරා ග‍්‍රාම නිලධාරි වසම් 300කට පමණ අයත් ක්‍රීඩා කණ්ඩායම් අතර මාස 4ක කාලයක් තුළ තරග පවත්වන අතර, එමඟින් දිස්ත්‍රික් කණ්ඩායම් ද, දිස්ත්‍රික් තරගවල ජයග්‍රාහකයින් අතරින් ජාතික මට්ටම සඳහා වඩාත්ම සුදුසු කණ්ඩායම් ද තෝරාගනු ලැබේ.

මාධ්‍ය සාකච්ඡාව අමතමින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ප්‍රකාශ කර සිටියේ ගියවසරේ තරගාවලිය මෙන්ම මෙවරත් 22න් පහළ සහ විවෘත යන ප්‍රධාන කොටස් දෙක ඔස්සේ කාන්තා සහ පිරිමි ලෙස කාණ්ඩ 4ක් ඔස්සේ තරග පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

“22න් පහළ කොටසේ තරග කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවම වශයෙන් වසර දෙකක පමණ කාලයක් තමා පදිංචිව සිටින ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ ස්ථිරව පදිංචිව සිටීම අනිවාර්ය වන අතර 22න් ඉහළ තරග කොටස සඳහා තරග කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවම වශයෙන් අවුරුදු 3ක් වත් සිය ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතු.” යැයි එම මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.IMGL9828

‘‘ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය කියන්නෙ, ශ්‍රී ලංකාවේ සියලූම පළාත්වලින් තරගකරුවන් සහභාගි වන, ක්‍රීඩාලෝලීන් වැඩිම පිරිසකගේ අවධානය දිනාගත් තරගාවලියක්. මෙහි දක්නට ලැබෙන දැඩි තරගකාරිත්වය මත ඈත ගම්වලින් ආකර්ෂණය වන කුසලතා සපිරි තරුණ පිරිස් නිසා, ජාතික මෙන්ම අන්තර්ජාතික මට්ටමේ විශිෂ්ටයන් බිහි කරන වේදිකාවක් බවට මෙම තරගාවලිය පත් වී තිබෙනවා. එසේම, ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සක්‍රීය සහයෝගයක් දක්වන Dialog ආයතනය මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් නැවත නැවතත් ඉදිරිපත් වීම ද අප අතිශයින් අගය කළ යුතුයි.’’ යනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා අදහස් දැක්වීය.

‘‘ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වෙනුවෙන් 12 වසරක් නිල අනුග‍්‍රාහකත්වය දැක්වීමට ලැබීම ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට විශාල සතුටක්. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දී ඉහළම දස්කම් විදහා දැක්වීමට හැකි වේවායි සියලූම කණ්ඩායම් වෙත ප්‍රාර්ථනා කරන අතර සාර්ථක තරග වාරයක් පැවැත්වීමට හැකි වේවායි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙත අප සුබ පතනවා.’’ යැයි ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප‍්‍රධාන අළෙවි නිලධාරිනී, අමලි නානායක්කාර මහත්මිය පැවසුවාය.

ජාතික ක්‍රිකට් සහ රග්බි කණ්ඩායම්වල නිල අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරන ඩයලොග් ආසිආටා සමාගම, ඊට අමතරව පාසල් ක්‍රිකට්, රග්බි සමාජ, පාපන්දු සමාජ ක‍්‍රීඩා හා පැරා ක්‍රීඩකයන් වෙනුවෙන් ද සහයෝගය දක්වයි.

අතිගරු ජනාධිපති තුමන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය මේ වසරේ දෙසැම්බර් මස 15 වැනි දා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇත.

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<