Dialog President's Gold cup 2016 semi final

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමස්ත ලංකා තරග වටයන් අනුරාධපුර තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී පැවත්වූ අතර වයස අවුරුදු 22න් පහල කාන්තා අංශයෙන් ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජයත්, කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජයත් අවසන් මහා තරගයට පිවිසි අතර 22න් පහල පිරිමි අංශයෙන් රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජයත්, සීදූව දවිසමර ක්‍රීඩා සමාජයත් අවසන් මහා තරගයේ අසුන් වෙන් කරගන්නා ලදී.

කැෂුවල් ලයින් සහ කැන්රිච්, වෙළඳසේවා සුපර් ලීග් ශූරතාවන් ලබා ගනී

ශ්‍රී ලංකා වෙළඳ සේවා වොලිබෝල් සම්මේලනය මඟින් සංවිධානය කරන ලද, වෙළඳසේවා වොලිබෝල් තරඟාවලියේ සුපර් ලීග් සහ චැම්පියන්ස්…

තරගාවලියේ විවෘත පිරිමි අංශයෙන් අවසන් මහා තරගයට පිවිසෙන්නට කටාන එක්සත් සහ දෙබෑගම රන්තරු යන ක්‍රීඩා සමාජ සමත් වූ අතර කාන්තා අංශයෙන් මාවතගම කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජයත්, කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයත් අවසන් මහා සටනේ අසුන් වෙන්කර ගැනීමට සමත් විය.

අඛණ්ඩව 11 වැනි වරටත් ඩයලොග් ආසිආටා ආයතනයේ පූර්ණ අනුග්‍රහය සහිතව, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන 2016 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය” පසුගිය ජූලි මස 23 වැනිදා කුරුණෑගල බිංගිරිය මහජන ක්‍රීඩාංගයෙන් ආරම්භ විය. එහි අවසන් මහා තරග එළඹෙන දෙසැම්බර් 7වන දා මහරගම තරුණ සේවා සභා ගෘහස්ත පිටියේදී පැවැත්වෙනු ඇත.

මූලික වටයේ තරඟ පසුගිය ජූලි 24 වැනිදා ආරම්භ කෙරුණු අතර එම තරඟවලදී, දිස්ත්‍රික්ක 25න්ම, එක් දිස්ත්‍රික්කයකින් කණ්ඩායම් 4 බැගින් තෝරාගත් කණ්ඩායම් 100ක්, දෙවන කාණ්ඩය හෙවත් සමස්ත ලංකා තරඟවලදී තරඟ කළ අතර එම තරඟ සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසයන් හිදී පැවැත්විය.

විවෘත කාන්තා

විවෘත කාන්තා අංශයේ ප්‍රථම අවසන් පූර්ව තරගය පැවතියේ මාවතගම කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය සහ කොළඹ කපිල ක්‍රීඩා සමාජය අතරයි. එහිදී තරගවට 3:0ක් (25/18, 25/19, 25/16)  ලෙසින් ජයග්‍රහණය වාර්තා කරන්නට කැෂුවල් ලයින් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පැවති දෙවැනි කාන්තා අවසන් පූර්ව වටයට කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සහ රඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය තරග කල අතර තරගවට 3:2ක් (25-22, 25-18, 23-25, 22-25, 15-7)  ලෙසින් ගෝල්ඩන් බර්ඩ්ස් පරාජය කරමින් කොස්වාඩිය විජය අවසන් මහා තරගයට අසුන් ගන්නා ලදී.

Highlights – 2016 Munchee National Volleyball Championship – Super League Finals

පසුගිය 11 වන දා ආරම්භ වූ “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවයේ” සුපර් ලීග් තරඟාවලියේ කූටප්‍රාප්තිය සටහන් කරමින් 26 වැනිදා පැවති අවසන් මහා තරඟ…

තරගයේ තෙවැනි ස්ථානය නිතරගයෙන්ම රඳාවාන ක්‍රීඩිකාවන් විසින් දිනාගත්තේ කපිල ක්‍රීඩිකාවන් තරගය අතහැර යෑම හේතුවෙනි.

විවෘත පිරිමි

පිරිමි විවෘත අංශයේ පළමු අවසන් පූර්ව තරඟය සඳහා ක්‍රීඩා කරන ලද්දේ කටාන එක්සත් කණ්ඩායමත් ජාතික තරුණ සේවා සභා ක්‍රීඩා සමාජයත් ය. ඉන් කටාන එක්සත් කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ට ජය හිමිවිය. 23/25, 24/26, 25/20, 17/25 ලෙස තරගයේ ලකුණු පුවරුව දැක්විනි.

විවෘත අංශයේ දෙවන අවසන් පූර්ව තරඟය පැවැතියේ දෙබෑගම රන්තරු සහ නාත්තන්ඩිය එක්සත් ක්‍රීඩා සමාජය අතරය. එහිදී 33/31, 23/25, 23/25, 31/29, 11/15 ලෙස තරගවට 3:2කින් ජය ලබාගනිමින් අවසන් තරඟය වෙත පියනැගුවේ දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජයයි.

ඒ අනුව තෙවන ස්ථානය සඳහා තරුණ සේවා සභාවත්, නාත්තන්ඩිය එක්සත් ක්‍රීඩා සමාජයත් තරඟ වැදුණු අතර එහි ජය ලබාගත් තරුණ සේවා සභා ක්‍රීඩකයන් තෙවන ස්ථානයට පත්විය. (25/25, 25/23)

පිරිමි විවෘත අංශයේ අවසන් තරඟය ද එළඹෙන 07 වන දා පැවැත්වෙන අතර එහිදී තරඟවදින්නේ කටාන එක්සත් කණ්ඩායමත් දෙබෑගම රන්තරු කණ්ඩායමයි.

22න් පහල කාන්තා

දිස්ත්‍රික් තරඟ පිටිය තරණය කළ කණ්ඩායම් අතුරින් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජයත්, කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජයත් වයස අවුරුදු 22න් පහල කාන්තා අවසන් පූර්ව තරඟයට ක්‍රීඩා කළ අතර එහිදී ජය ලැබුවේ ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජයයි. ඒ තරගවට 3:1ක් ලෙස දෙවැනි තරග වටය පමණක් සිරිපැරකුම් ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වෙමිනුයි.

22න් පහල දෙවන අවසන් පූර්ව තරඟය සඳහා ක්‍රීඩා කළ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් සහ කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජ දෙක අතුරින් කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය ජය හිමිකරගත්තේය. ඒ  21/25, 15/25, 12/25 ලෙසින් තරගවට 3:0ක් ලෙසයි.

කුරුණෑගලින් ඇරඹි රන් කුසලානය ජාතික මට්ටමට

අඛණ්ඩව 11 වැනි වරටත් ඩයලොග් ආසිආටා ආයතනයේ අනුග්‍රහය සහිතව, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන “2016 ඩයලොග් ජනාධිපති රන් කුසලාන…

තෙවන ස්ථානය සඳහා රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායමත් සිරිපැරකුම් කණ්ඩායමත් ක්‍රීඩා කළ අතර ඉන් බෝයගම සිරිපැරකුම් කණ්ඩායම වට 3/1ක් (25/16, 18/25,15/25, 21/25) ලෙස ජය ලබමින් තෙවන ස්ථානය දිනා ගන්නා ලදී.

ඒ අනුව එළඹෙන 7වන දා වයස අවු: 22න් පහල කාන්තා අවසන් තරඟයේදී කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජයේ ප්‍රබල අභියෝගයට මුහුණදීමට සිදුවන්නේ ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජයටයි.

22න් පහල පිරිමි

වයස අවු: 22න් පහල පිරිමි අංශයෙන් පළමු අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායමත් හලාවත ඒකාබද්ධ කණ්ඩායමත්ය. ඉන් ජය ලබන්නට  රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායම සමත් විය.  තරගවට 5ක් පුරා ඇදී ගිය මෙම තරගයේ ලකුණු සටහන දැක්වූයේ 25/18, 26/28, 20/25, 25/21 සහ 15/12 ලෙසයි.

දෙවන අවසන් පූර්ව තරඟය, හුංගම විජයබා සහ සීදූව දවිසමර ක්‍රීඩා සමාජ අතර පැවැත්විණි.  17/25, 18/25,16/25 ලෙසින් තරගවට 3:0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට සීදූව දවිසමර කණ්ඩායම සමත් විය.

එම තරඟ දෙකෙන් පරාජය වූ හලාවත ඒකාබද්ධ කණ්ඩායම හා හුංගම විජයබා කණ්ඩායම තෙවන ස්ථානය සඳහා තරඟ වැදුණු අතර ඉන් තරගවට 3/0ක් (25/13,25/23,25/21) ලෙස ජයග්‍රහණය ලබා ගත්තේ හලාවත ඒකාබද්ධ කණ්ඩායමයි.

එළඹෙන 7 වනදා මහරගමදී පැවැත්වෙන අවසන් තරඟය සඳහා රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායමත් සීදූව දවිසමර කණ්ඩායමත් තරඟ වැදීමට නියමිතයි.

වසර 100ක වොලිබෝල් ඉතිහාසය සමරන ශ්‍රී ලාංකිකයන්ට උණුසුම් වොලිබෝල් තරඟ කිහිපයකම අත්දැකීම් ඉකුත් සති කිහිපයේදී ලැබුණු අතර ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවසන් මහා තරඟ පැවැත්වෙන දෙසැම්බර් 7වන දා ද තවත් උණුසුම් සහ තරඟකාරී වන බව නිසැකය.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට