කුරුණෑගලට නිතරග ජයක්; සියනෑතරු හමුවේ බලරැස් බල රහිත වේ

197

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලැබූ “ඩයලොග් ජනාධිපති රන් කුසලාන” වොලිබෝල් තරගාවලියේ විවෘත කාන්තා සහ පිරිමි අංශවල අවසන් මහා තරග අද (15) දින මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

එහි දී විවෘත කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට කුරුණෑගල කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජයත්, විවෘත පිරිමි අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජයත් සමත් විය.

රන් කුසලානයේ 22න් පහළ ශූරතා කෑගල්ලට සහ නාත්තන්ඩියට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලැබූ “ඩයලොග් ජනාධිපති රන් කුසලාන” වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 22න් කාන්තා සහ පිරිමි අංශයන්ගේ අවසන් මහා…

 විවෘත – කාන්තා අවසන් මහා තරගය

කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටි අතර කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය අවසන් මහා තරගය සඳහා සහභාගී නොවීම හේතුවෙන් කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය වෙත ශූරතාවය පිරිනැමීමට සංවිධායක මඩුල්ල තීරණය කළහ.

විවෘත – කාන්තා ශූරතාවය දිනූ කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය
  • ශූරතාවය – කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය – කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය
  • 3 වන ස්ථානය – රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය

විවෘත – පිරිමි අවසන් මහා තරගය

අවසන් මහා තරගය සඳහා ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සහ කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය තරග වැදුණ අතර එහි දී තරග වට 3-0ක් (25-21, 25-20, 25-18) ලෙස ජයග්‍රහණය කිරීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු වටයේ සිටම පිටිය තුළ තම ආධිපත්‍ය පැතිර වූ සියනෑතරු ක්‍රීඩකයින් එම වටය ලකුණු 25-21ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

දෙවන වටයේ දී ද දක්ෂකම් අතරට ඒමට බලරැස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් අසමත් වූ අතර එම තරග වටය ද ලකුණු 25-20ක් ලෙස ජයග්‍රහණය කිරීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ තෙවැනි වටය කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය හට තීරණාත්මක තරගයක් වුවත් ප්‍රබල සියනෑතරු ක්‍රීඩා සමාජය වෙත පීඩනයක් එල්ල කිරීමට අසමත් විය. එම තරග වටය ද ලකුණු 25-18ක් ලෙස ජයග්‍රහණය කරමින් විවෘත පිරිමි අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් විය.

විවෘත – පිරිමි ශූරතාවය දිනූ ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය
  • ශූරතාවය – ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය – කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය  
  • 3 වන ස්ථානය – ආනමඩුව රමීස් ක්‍රීඩා සමාජය
  • දක්ෂතම පන්දු පිරිනමන්නා – මලිත් දිනිඳු (සියනෑතරු ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම පන්දු ලබාගන්නා – තරිඳු ශානක (බලරැස් ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම පන්දු සකසන්නා – මොරිස් චමින්ද (සියනෑතරු ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම ප්‍රහාරකයා – දීප්ති රොමේෂ් (සියනෑතරු ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම පන්දු වළක්වන්නා – අයේෂ් දිල්ෂාන් (සියනෑතරු ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම පිටිය රකින්නා – නුවන් චාමික (සියනෑතරු ක්‍රීඩා සමාජය)
  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – ජනිත සුරත් (සියනෑතරු ක්‍රීඩා සමාජය)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<