වසර අවසානයේ දැල්පන්දු කැලැන්ඩරයට තරගාවලි දෙකක්

72

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ජාතික දැල්පන්දු ශූරතාවලිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

දැල්පන්දු ඉතිහාසයේ පළමු වතාවට ඉහළ කාර්‍ය සාධනයට නව අංශයක්

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන කනිෂ්ඨ සහ ජාතික

දෙවැනි වරටත් පැවැත්වෙන මෙවර ජාතික දැල්පන්දු ශූරතාවය අනුරාධපුර මහ නගර සභා එළිමහන් ක්‍රීඩාංගණයේ සහ උතුරු මැද පළාත් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 14 සහ 15 දෙදින තුල දී ය.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් වාර්ෂිකව පවත්වන මෙම තරගාවලිය තුලින් දක්ෂ ක්‍රීඩිකාවන් හඳුනා ගනිමින් ඔවුන් ජාත්‍යන්තරය කරා රැගෙන යෑමත්, දක්ෂ පුහුණුකරුවන් සහ විනිසුරුවන් හඳුනා ගනිමින් ඔවුන් මීළඟ අදියර දක්වා රැගෙන යෑමත් මෙහි මූලික අරමුණයි. 

මෙම තරගාවලියේ මූලික අදියරේ තරග ලීග් ක්‍රමයට පැවැත්වීමට නියමිත අතර දෙවැනි අදියර පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයටයි. ඒ අනුව තරගාවලිය සඳහා සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ක්‍රීඩිකාවන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම තරගාවලියට ප්‍රථම, ඩයලොග් ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාව 2019 නමින් වයස අවුරුදු 21න් පහළ ක්‍රීඩිකාවන් සහභාගී කර ගනිමින් තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර එය නොවැම්බර් මස 30 සිට දෙසැම්බර් මස 02 වැනිදා දක්වා කොළඹ 7 ටොරිංටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

මෙම තරගාවලිය තුළින් 2021 යොවුන් ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීම, ජාතික සංචිතය සඳහා දෙවන පෙළක් නිර්මාණය කිරීම සහ තරගාවලිය තුලින් හඳුනා ගන්නා ලබන කණ්ඩායම් සහ ක්‍රීඩිකාවන් සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීම ප්‍රධාන අරමුණු වේ.

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු උපනායිකාව මෙලොවින් සමුගනී

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල හා දක්ෂ ක්‍රීඩිකාවක්

මෙම තරගාවලියේ A, B, C සහ D ලෙස කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 42ක් තරග වැදීමට නියමිත අතර ජාතික ශූරතාවයේ දී මෙන්ම මෙහි ද පළමු අදියර ලීග් ක්‍රමයටත්, දෙවැනි අදියර පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයටත් පැවැත්වීමට නියමිතයි. 

මෙම තරගාවලි ද්විත්ව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (26) කොළඹ ගලදාරි හෝටලයේ දී පැවති අතර ඊට සහභාගී වූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ, පසුගිය වසරේ පටන් තරගාවලිය ආරම්භ කිරීමත් සමඟ ක්‍රීඩාවක් වශයෙන් දැල්පන්දු වැඩි වාසි හිමිකරගෙන තිබෙන බවයි. එමෙන්ම දිවයින පුරා විසිරි සිටින දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩිකාවන්ට ඉදිරියට එන්න මෙම තරගාවලිය හරහා අවස්ථාව උදා වී ඇති බවයි. 

තරගාවලියේ සැකැස්ම සම්බන්ධයෙන් පැහැදිලි විස්තර කිරීමක් ලබා දුන් දැල්පන්දු සම්මේලනයේ සහකාර ලේකම් සුමිත්‍රා වනසිංහ මහත්මිය සඳහන් කළේ, තරගාවලි ද්විත්වයම ජාත්‍යන්තර පාපන්දු නීතිරීති වලට අනුව පැවැත්වීමට සූදානම් වන බවත් තරගාවලි දෙකේම ශූරතා දිනා ගන්නා කණ්ඩායම් සඳහා පදක්කම්, සහතික පත් සහ කුසලාන පිරිනැමීම සිදු කරන බවයි.

>> මාධ්‍ය හමුවේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

මාධ්‍ය හමුව සඳහා ඩයලොග් ආසිආටා සමාගමේ ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී – වෙළඳනාම සහ මාධ්‍ය හර්ෂ සමරනායක මහතා, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා, ලේකම් චම්පා ගුණවර්ධන, සහකාර ලේකම් සුමිත්‍රා වනසිංහ ඇතුළු නිලධාරීන්, ජාතික දැල්පන්දු පුහුණුකාරිණි තිලකා ජිනදාස සහ තවත් පුහුණුකාරිණියන් කිහිප දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්කර දුන් ප්‍රවීණ දැල්පන්දු ක්‍රීඩිකාවන් කිහිප දෙදෙනෙක් සහ මාධ්‍යවේදීන් සහභාගී වී සිටියහ.

පසුගිය වසරේ පැවති ජාතික තරගාවලියේ දී ගුවන් හමුදාව පරාජය කළ HNB බැංකු කණ්ඩායම ශූරතාව දිනා ගත් අතර මෙවර තරගාවලියේ ශූරයින් කවුරුන් දැයි තවමත් අනාවැකි ප්‍රකාශ කිරිමට නොහැක.

කෙසේ නමුත් මෙම තරගාවලි ද්විත්වයම ලිපි, ඡායාරූප සහ වීඩියෝ ඔස්සේ ආවරණය කරන්නට ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<