HNB අවසන් මහා තරගයට පිවිසෙද්දී සෙලාන් තියුණු ජයක් වාර්තා කරයි

256

2018 ඩයලොග් ජාතික දැල් පන්දු ශූරතාවලියේ දෙවන වටය හා දෙවන දිනය සඳහා වූ තරග ඊයේ (06) දින බණ්ඩාරගම ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනු අතර හැටන් නැෂනල් බැංකු කණ්ඩාම සිය දෙවන ජයග්‍රහණය ලබමින් අවසන් මහා තරගයේ ස්ථානය වෙන් කරගන්නා විට අවසන් තත්පර කිහිපයේ දී යුධ හමුදාව පරාජය කරමින් ජය වාර්තා කිරීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් වුනා.

‘HNB’ සහ ගුවන් හමුදා කණ්ඩායම්වලට ජයග්‍රහණ

බණ්ඩාරගම ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2018 ‘Dialog’ ජාතික දැල්පන්දු…..

  • HNB ට එරෙහිව ගුවන් හමුදාව

දිනයේ පළමු තරගයේ දී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් ගුවන් හමුදාව පරාජය කළේ ලකුණු 51-41 ක් ලෙසයි. තරගයේ මුල් කාල සීමාව තුළ දී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 6-2 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර ගුවන් හමුදාව ලකුණු පහක් ඉදිරියෙන් සිටින විට පළමු වටය අවසන් විය.

දෙවන වටයේ දී HNB ක්‍රීඩිකාවෝ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළේ තරගයේ ලකුණු සම කරමිනි. අනතුරුව ගුවන් හමුදාව ලකුණු 8 ක් රැස් කරගන්නා විට HNB ලකුණු 13 ක් රැස් කරමින් ඔවුන් පළමු අර්ධය අවසන් කළේ ලකුණු 21-21 ක් ලෙසයි.

ගුවන් හමුදාව ඔවුන්ගේ ගෝල රකින්නිය වූ චතුරංගි ජයසූරිය ගෝල් ෂූටර් ස්ථානයට රැගෙන ආවේ තුන් වන වටයේ කිසියම් ඉසදිරි පිම්මල් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. නමුත් ඉන් සිදු වූයේ ඔවුන්ගේ ආරක්ෂක වළලු අත්දැකීම් රහිත ක්‍රීඩිකාවන් අතට පත්වෙමින් එම වටයේ දී HNB ක්‍රීඩිකාවන් හට ලකුණු 14 ක් රැස් කර ගැනීමට දොරටු විවර කර දීමය. අනතුරුව තුන්වන කාර්තුව අවසන් වූයේ ලකුණු 35-27 ක් ලෙස HNB පෙරමුණේ රඳවමිනි.

සිව්වන කාර්තුව ඉතා තරගකාරී වූ අතර HNB ලකුණු 16 ක් රැස් කරගනිද්දී අවසන් ලකුණු තත්වය 51-41 ක් බවට පත් කරමින් ගුවන් හමුදාව ලකුණු 14 ක් රැස් කිරීමට සමත් වූ අතර වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිකරගත් HNB ක්‍රීඩිකාවන් තරගය ජයග්‍රහනය කරනු ලැබුවා.

HNB කණ්ඩායම වෙනුවෙන් දර්ශිකා අබේවික්‍රම ලකුණු 48 ක් වාර්තා කළේ උත්සහ කිරීම් 53 යොදා ගනිමින් වන අතර දුලංගා ධනංජි ලකුණු 13ක් ද චතුරංගි ජයසූරිය ලකුණු 18ක් ද රැස් කරන ලදී.

ජාතික දැල්පන්දු ශූරතා තරගාවලියට ඩයලොග් වෙතින් අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සපයන්නා වන ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්‍රහය මත ශ්‍රී ලංකා….

  • යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව සෙලාන් බැංකුව

තරගයේ අවසන් ප්‍රහාරයෙන් ලකුණු රැස් කළ සෙලාන් බැංකුව දක්ෂ හඹා යාමකින් පසුව ලකුණු 71 – 70 ක් ලෙස දිනයේ දෙවන තරගය ජය ගැනීමට සමත් වුනා. මෙහිදී ශ්‍රී ලංකාවේ දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාවන් වන තරිජිනි සිවලිංගම් හා තිශිලා අල්ගම පිළිවෙළින් සෙලාන් බැංකුව සහ යුද හමුදාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම විශේෂත්වයක් විය.

යුද හමුදාව ආක්‍රමණශීලි ලෙස තරගය ආරම්භ කළ අතර එක් මොහොතක දී ඔවුන් ලකුණු 05-14 ක් ලෙස ඉදිරියෙන් සිටිය නමුත් සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු පරතරය තවත් වැඩි වීමට ඉඩ ලබා නොදුන් අතර ඔවුන් පළමු කාර්තුව අවසන් කළේ ලකුණු 23 – 15 ක් ලෙසයි.

සෙලාන් ක්‍රීඩිකාවන් දෙවන වටය ඉතා හොඳින් ආරම්භ කළේ එම වටයේ දී ලකුණු 05 – 02 ක් ලෙස පෙරමුණ ගනිමිනි. යුද හමුදා ක්‍රීඩිකාවන් සිය පෙරමුණ දිගටම පවත්වා ගනිමින් ලකුණු පුවරුව 21 – 32 ක් බවට පරිවර්තනය කළ අතර සෙලාන් ක්‍රීඩිකාවන් දෙවන කාර්තුවේ අවසන් මිනිත්තු කිහිපයේ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ නමුත් පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 33 – 41 ක් ලෙස යුද හමුදාව පෙරමුණේ තබමිනි.

තෙවන කාර්තුවේ මුල සිටම සෙලාන් ක්‍රීඩිකාවන් ලකුණු පරතරය අඩු කිරීමට ප්‍රබල සටනක් ලබා දුන් අතර ආරම්භයේ ඔවුන් ලකුණු පරතරය ලකුණු හතරකින් අඩු කිරීමට සමත් විය. වරින් වර ඔවුන් යුද හමුදාවට ලකුණු දෙක තුනක් ආසන්නයට පැමිණි නමුත් එල්ල වූ පීඩනය හමුවේ ප්‍රතිවාදී යුද හමුදා ක්‍රීඩිකාවන් පසු කර යන්නට සෙලාන් ක්‍රීඩිකාවන්ට හැකි වූයේ නැත. කෙසේ හෝ යුද හමුදා කණ්ඩායමට නැවතත් තරගයේ පෙරමුණ හිමිකර දෙමින් තුන්වන කාර්තුව අවසන් වූයේ ලකුණු 51-55 ක් ලෙසයි.

සෙලාන් බැංකු කණ්ඩායම තරගයේ ලකුණු සම කිරීමත් සමඟම සිව්වන කාර්තුව තවත් උණුසුම් වූ අතර අවසන් මිනිත්තු කිහිපයේ දී සෙලාන් කණ්ඩායම ලකුණු හතක් වාර්තා කරන විට යුද හමුදාව රැස් කළේ ලකුණු දෙකක් පමණයි. තරගයේ අවසන් තත්පරයේ දී යුද හමුදා ආරක්ෂක වළලු බිඳ හෙලමින් තර්ජිනී සිවලිංගම් විසින් රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු පුවරුව 71 – 70 බවට පරිවර්තනය කරමින් සෙලාන් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය අත්කර දීමට සමත් වුනා.

තර්ජිනී සිවලිංගම් හා තිෂලා අල්ගම තමන්ගේ සියලු උත්සහ කිරීම් සාර්ථක කර ගනිමින් පිළිවෙලින් ලකුණු 71 ක් හා ලකුණු 68 ක් බැගින් සිය කණ්ඩායම් වෙනුවෙන් රැස් කරදෙනු ලැබුවා.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <