කනිෂ්ඨයින්ට වැඩ පෙන්වන්න නව වේදිකාවක්!

530
අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කරමින්.

ඩයලොග් රන් කුසලාන වොලිබෝල් තරගාවලිය යටතේ පැවති වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින් සඳහා වන අදියර ඉවත් කර එය “ඩයලොග් ජාතික වොලිබෝල් කනිෂ්ඨ ශූරතා තරගාවලිය” ලෙස වෙනම තරගාවලියක් ලෙස පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත.

2019 රන් කුසලානය අලුත් මුහුණුවරකින්; වසර 3ක පදිංචිය අනිවාර්යයි!

වසර 25කට අධික ඉතිහාසයකට හිමිකම් කියන “ඩයලොග් ජනාධිපති රන් කුසලාන” වොලිබෝල් තරගාවලිය මෙවර….

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ඇප කැප වී දායක වන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රථම වරට සංවිධානය කරන මෙම තරගාවලිය, ජාත්‍යන්තර යෞවන දිනයට සමගාමීව 2019 අගෝස්තු 17 වැනිදා විහාර මහාදේවි උද්‍යානයේ දී ඇරඹේ.

ප්‍රථමයෙන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන තරගාවලිය, ඉන්පසුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක වී අවසන් අදියරේ දී ජාතික මට්ටම දක්වා පැමිණේ. සංවිධායකයින් විසින් 2500 අධික කණ්ඩායම් ප්‍රමාණයක් මෙවර තරගාවලිය සඳහා අපේක්ෂා කරන අතර මාස 3ක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

>> මාධ්‍ය හමුවේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සංකල්පයක් අනුව පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික අරමුණ වොලිබෝල් ක්‍රීඩාවට දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගෙන ඔවුන් ජාතික කනිෂ්ඨ වොලිබෝල් සංචිතය සඳහා ඇතුළත් කර ගැනීම සහ නිසි පුහුණුව ලබා දීම තුලින් ජාත්‍යන්තරය පිටිය ජයග්‍රහණය කර හැකි ක්‍රීඩකයින් නිර්මාණය කිරීම යැයි සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පවසා සිටියේය.

සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක

ඔහු මෙලෙස අදහස් දක්වා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී අද (15) පැවති මධ්‍ය දැනුවත් කිරීමේ හමුව අතරතුර දීයි. 

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, තරගාවලිය සඳහා ආයතන හැරෙන්න ක්‍රීඩා සමාජ, පාසල් සහ වෙනත් ඕනෑම අංශයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහභාගී විය හැකි බවත්, තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට කණ්ඩායම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට, දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් හෝ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිල වෙබ් අඩවිය හරහා අයැදුම්පත් යොමු කළ යුතු බවයි.

ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉහළම දස්කම දක්වයි

2019 ආසියානු කුසලාන වයස අවුරුදු 23න් පහළ පිරිමි වොලිබෝල් තරගාවලිය මේ වන විට මියන්මාරයේ දී පැවැත්වේ. එහි අර්ධ අවසන්….

මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ රංජිත් සියඹලාපිටිය මහතා අදහස් දක්වමින් පවසා සිටියේ,

“මේ පුංචි මිනිස්සුන්ගේ ක්‍රීඩාව උස්සලා තියන්න සියලු දෙනා අපිට සහයෝගය ලබා දෙන්න, ඒවගේම ලෝව ජය ගැනීමට අවශ්‍ය ක්‍රීඩකයින් බිහි කරන වේදිකාව මේ තුලින් නිර්මාණය වේවා යන්න මගේ පැතුමයි!”

ශ්‍රී ලංකා ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසකට උර දුන් ජනප්‍රිය, සියලු ශ්‍රී ලාංකයන්ගේ හද දිනා ගත් සුපිරි ගායකයින් දෙදෙනකු වන භාතිය සහ සංතුෂ් දෙදෙනා ද මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ අතර ඔවුන් දෙදෙනා විසින් ක්‍රීඩකයින් දිරිමත් කරමින් කෙටි දේශනාවක් ලබා දුන් අතර තරගාවලිය සඳහා හැකි සෑම අයුරකින්ම සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බව අවධාරණය කළේය. තරගාවලියේ කුසලානය නිරාවරණය කිරීම සහ අනුග්‍රාහක චෙක්පත් පිරිනැමීම ද මෙම මාධ්‍ය හමුවේ දී සිදු කෙරුණි.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා වොලිබෝල සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය, සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක, ඩයලොග් ආසිආටා සමාගමේ ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී – වෙළඳනාම සහ මාධ්‍ය හර්ෂ සමරනායක, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තරග සංවිධාන කමිටුවේ ලේකම් ධනපාල ජයපද්ම, සම්මේලනයේ උපසභාපති නියෝජ්‍ය පොලිස්පති ආර්. එම්. නිමල් පෙරේරා යන මහත්වරුන් සහ මාධ්‍යවේදීන් සහභාගී වූහ. 

මෙම තරගාවලියේ ද සියලු තොරතුරු, තරග වාර්තා, ඡායාරූප සහ තවත් සියලු දෑ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<