ශූරතාවය රැකගන්නට මහනුවරට හැකිවේවිද?

1716
Kandy-SC-v-Havelock-SC

ඩයලොග් රග්බි ලීගයේ ශූරයන් කවුරුන්දැයි හඳුනා ගැනීමට එළඹෙන ඉරිදා (5) දිනදී හැකිවනු ඇත. මේ, ඩයලොග් රග්බි ලීගයේ තීරණාත්මක සතියයි.

හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය

  • දිනය : 2017-02-05
  • ස්ථානය : හැව්ලොක් ක්‍රීඩාංගනය
  • වෙලාව : සවස 6.30

මෙම තරගය ජය ගැනීමට මහනුවර කණ්ඩායමට හැකිවුවහොත්, සමස්ත ශූරතාවය ඔවුන්ට හිමිවනු ඇත. ලීගයේ අවසන් සතියේදී ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන CH කණ්ඩායමට එරෙහිව තවත් තරගයකට සහභාගී වීමට ඔවුන්ට සිදුවුණත් තරගාවලියේ තීරණාත්මකම සතිය මෙයයි. හැව්ලොක් කණ්ඩායම මේ තරගය ජයගතහොත් ඔවුන්ට ශූරතාවය ලබා ගැනීමට නම් වැලිසරදී තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුවේ.

අවසන් සති කිහිපයේදී දැක්වූ දක්ෂතා අනුව නම් හැව්ලොක් කණ්ඩායමට වඩා ඉදිරියෙන් පසුවන්නේ මහනුවර කණ්ඩායමයි.

DRL week 12

මහනුවර සහ හැව්ලොක් යන කණ්ඩායම් දෙකම ලකුණු 63ක් ලබා ගනිමින් සමතත්වයක පසුවූවත්, සංසන්දනය කිරීමේදී දෙපිල අතර පැවැත්වුණු ප්‍රථම අදියරේ තරගය ජයගත් මහනුවර කණ්ඩායම ඉදිරියෙන් පසුවන බව පෙනී යයි.

තම නිජබිමේ ක්‍රීඩා කිරීම සහ විදුලි ආලෝකය මධ්‍යයේ ක්‍රීඩා කිරීම, උපක්‍රමශීලී හැව්ලොක් පුහුණුකරු රොනී ඊබ්‍රාහිම් හට වාසියක් විය හැකිය. CR & FC කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ ප්‍රථම අර්ධයේදී ලකුණු 11-10ක් ලෙස ඉදිරියෙන් පසුවූ හැව්ලොක් කණ්ඩායම, පුහුණුකරු විසින් සිදුකළ ආදේශන කිහිපයකින් පසුව ලකුණු 31-10ක් දක්වා ගොස් තරගය ජයග්‍රහණය කිරීමෙන් එය මනාව පිලිබිඹු වේ.

මහනුවර සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි විනිසුරුවරයෙකු කැඳවා ඇති අතර මේ සති අගදී පැවැත්වෙන තරගය සඳහාද සිංගප්පූරු විනිසුරුවරයෙකු සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වේ.

ආබාධ වලට ලක්වූවන්

හැව්ලොක් හි ගනිඳු ලක්ෂාන් ආබාධයකින් පසුව මෙම තරගය ක්‍රීඩා කරනු ඇතැයි සිතිය හැක. නිරෝෂන් ප්‍රනාන්දු, ප්‍රසාත් මධුශංක සහ මිතුන් හපුගොඩ ද සුළු ආබාධයන්ට ලක්ව සිටියත් ඔවුන්ට මෙම තරගයෙන් ඈත්ව සිටිය නොහැකිය.

මහනුවර කණ්ඩායමේ නායක රොෂාන් වීරරත්න පොලිස් කණ්ඩායමට එරෙහි තරගයේදී ආබාධයකට ලක්වූ අතර ඉන්පසු කිසිදු තරගයක් ක්‍රීඩා නොකළ ඔහු, මෙම තරගයට ක්‍රීඩා කරනු ඇතැයි උපකල්පනය කළ හැක. ඔහුගේ සොයුරු ගයාන් වීරරත්න හටද කලව ප්‍රදේශයේ ආබාධයක් ඇතිවී ඇති බැවින් මේ තරගය අහිමිවන ලකුණු පෙනේ. නමුත් ඊට සාර්ථකව ආදේශනය වූ නයිජල් රත්වත්තේ තම හැකියාවන් පසුගිය සතියේදී ප්‍රදර්ශනය කළේය.

කෙවින් ඩික්සන් (හැව්ලොක්) සහ තිලිණ විජේසිංහ (මහනුවර) අතර සටන.

2013 දෙවන කාණ්ඩයේ පාසල් ශූරතාවය දිනා ගත් ධර්මරාජ විද්‍යාලයේ ක්‍රීඩා කිරීමෙන් පසුව විජේසිංහ සහභාගී වූ සිය හොඳම තරගාවලිය මෙයයි. ඔහුගේ පන්දු හැසිරවීමේ දක්ෂතා ඔපමට්ටම් කළ නාලක වීරක්කොඩි මෙහිදී අප හට සිහිවේ. මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පන්දුව හඹායාමේදී ඔහුගේ දක්ෂතා ඉතා ඉහලින් කැපී පෙනෙනු ඇතැයි හැව්ලොක් කණ්ඩායමේ මතයයි.

සුදර්ශණ මුතුතන්ත්‍රී (හැව්ලොක්) සහ බුවනෙක උදන්ගමුව (මහනුවර) අතර සටන.

අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරන දෙපලගෙන් ශක්තිය ප්‍රදර්ශනය වන ක්‍රීඩා රටාවක් මෙම සතියේදී නැරඹීමට හැකියාවක් පවතියි. බ්‍රේක් ඩවුන් අවස්ථාවලදී විනයවත්ව ක්‍රීඩා කිරීම දෙදෙනාටම ලැබෙන අභියෝගයයි.

පළමු වටයේදී දෙපිල අතර පැවති තරගයෙන් 39-30ක් ලෙස ජයගත්තේ මහනුවර ක්‍රීඩා සමාජයයි.


CR & FC කණ්ඩායමට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය

  • දිනය : 2017-02-03
  • ස්ථානය : ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගනය
  • වෙලාව : සවස 4.00

අවසන් සතියේදී අවාසනාවන්ත අයුරින් පරාජය වූ නාවික හමුදා කණ්ඩායමට ශූරතාවයට අභියෝග කිරීමේ අවස්ථාව ගිලිහී ගියේය. ක්ලිෆඩ් කුසලාන තරගාවලියේදී නැවතත් ඔවුන් සිය සුපුරුදු දක්ෂතා අතරට එනු ඇතැයි පුහුණුකරු මොතිලාල් ජයතිලකගේ බලාපොරොත්තුවයි.

හැව්ලොක් කණ්ඩායමට එරෙහිව සාර්ථකව ආරක්ෂණ දක්ෂතා පෙන්නුම් කළ CR කණ්ඩායමටද මෙම තරගයේදී යම් කාර්යභාරයක් හිමිවේ.

පළමු වටයේදී දෙපිල අතර පැවති තරගය 21-13ක් වශයෙන් ජයගත්තේ නාවික හමුදා කණ්ඩායමයි.


ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව CH & FC කණ්ඩායම

  • දිනය : 2017-02-03
  • ස්ථානය : රත්මලාන
  • වෙලාව : 4.00

මෙවර තරගාවලියේ තීරණ වෙනස් කරන්නන් ලෙස කැපීපෙනුනු ගුවන් හමුදා කණ්ඩායම කිසිදු නමගිය ක්‍රීඩකයෙකු නොමැතිව දක්ෂතා දැක්වූවේය. පුහුණුකරු ලෙනාඩ් ද සිල්වා එහිදී වැඩි කාර්යභාරයක් ඉටුකළ බව කිවහැකිය.

පොලිස් කණ්ඩායම ඉදිරියේ ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව මඟහැරගත් CH කණ්ඩායම ඉදිරියේ ගුවන් හමුදාවට නැවත නැගිටින්නට සියළු පරිසරය සකස්ව ඇත.

පළමු වටයේ පැවති තරගයෙන් 26-12ක් ලෙස ජයගත්තේ ගුවන් හමුදා කණ්ඩායමයි.


යුධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජය

  • දිනය : 2017-02-05
  • ස්ථානය : දියගම ක්‍රීඩාංගනය
  • වෙලාව : සවස 4.00

යුධ හමුදා කණ්ඩායම එළඹෙන තරග දෙක ජයග්‍රහණය කොට, CR කණ්ඩායම එළඹෙන තරග දෙකම පරාජය වුවහොත් යුධ හමුදාවට ලීගයේ සිව්වන ස්ථානය හිමිකරගැනීමට හැකිවේ. අවසන් සතියේදී නාවිකයන්ව වනසා දැමූ යුධ හමුදා කණ්ඩායම ඉදිරියේ පොලිස් කණ්ඩායමට විශාල කාර්යභාරයක් පැවරී ඇත.

පළමු වටයේදී පැවති තරගයෙන් 27-24ක් ලෙස ජයගත්තේ යුධ හමුදා කණ්ඩායමයි.