ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය 29 වැනිදා

240

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලානය එළිදැක්වීමේ මාධ්‍ය හමුවක් අද දිනයේදී CR&FC ක්‍රීඩා සමාජ භූමියේදී පැවැත්විනි. මෙම අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ඩයලොග් ආසිආටා සමාගම විසිනි.

පළඟ ශූරතාවයෙන් A කාණ්ඩයට දොරටු ඇරෙන්නේ කාටද?

වෙහෙසකාරී සති 9ක පාසල් රග්බි ලීගයෙන් අනතුරුව සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ…

එසේම මෙම මාධ්‍ය හමුවට ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරිණි අමාලි නානායක්කාර, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ තරගාවලි කමිටුවේ උප සභාපති රිස්ලි ඉල්යාස් මහතා, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ උප සභාපති නසීම් මොහොමඩ් මහතා, ඩයලොග් ආසිආටා සමාගමේ මාධ්‍ය හා වෙළෙඳ නාම ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි හර්ෂ සමරනායක, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලේකම් තුසිත පීරිස් යන මහත්වරුන් සහාභාගී වී සිටියහ.

මෙම මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ තරගාවලි කමිටුවේ උප සභාපති රිස්ලි ඉල්යාස් මහතා මෙසේ පැවසීය.

“මේ වසරේ සත්සාමාජික තරගාවලිය පැවැත්වෙන්නේ එක අදියරයකින් පමණයි. පසුගිය වසර වල මෙම තරගාවලිය අදියර දෙකකින් සමන්විත වුනා. නමුත් සමහර කණ්ඩායම් දෙවැනි අදියරයට සහාභාගී නොවීම හේතුවෙන් තරගාවලියේ තත්වයට හා තරගකාරී බව අඩුවුනා. එම නිසාම මේ වසරේ මෙම තරගාවලිය පවත්වන්නේ එක් අදියරයකින් පමණයි.”

එසේම තවදුරටත් තම අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති ඔලිම්පික් තේරීම් තරග සඳහා ශ්‍රී ලංකා ජාතික සත්සාමාජික කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීම මෙම තරගාවලියෙන් සිදුවන බවයි. එසේම ඔහු තමන්ගේ කතාව අවසන් කළේ මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වන ඩයලොග් ආසිආටා සමාගමට ස්තූති කරමිනි. 

යුද හමුදාවට නව රග්බි පුහුණුකරුවෙක්

පසුගිය වසරේ ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස කටයුතු කළ නිහාල් “වයිපර්” ගුණරත්න CH&FC කණ්ඩායම..

“2019 ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය” මෙම සති අන්තයේ එනම් 29 හා 30 යන දෙදින තුළදී කොළඹ තුරඟ තරග ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත අතර මෙහිදී කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩා සමාජ 16ක් තරග කිරීමට නියමිතය.

ක්‍රීඩා කරන කණ්ඩායම් සහ ක්‍රීඩා සමාජ පහතින්.

A B C D
CH&FC කණ්ඩායම  ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නාවික හමුදා ක්‍රීඩා සමාජය  පොලිස් ක්‍රීඩා සමාජය (A)
හැව්ලොක් ක්‍රීඩා සමාජය CR&FC කණ්ඩායම   මහනුවර ක්‍රීඩා සමාජය  යුධ හමුදා ක්‍රීඩා සමාජය (A)
යුධ හමුදා ක්‍රීඩා සමාජය (B)  පොලිස් ක්‍රීඩා සමාජය (B) CH&FC කණ්ඩායම (B) නාවික හමුදා ක්‍රීඩා සමාජය (B)
පීටර්සන් ක්‍රීඩා සමාජය ගාල්ල ක්‍රීඩා සමාජය ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (B) මැලේ ක්‍රීඩා සමාජය 

ඉහත ක්‍රීඩා සමාජ වල සහාභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන අතර මෙහිදී පසුගිය වසරේ අන්තර් සමාජ සත්සාමාජික තරගාවලියේ ශූරයින් වන CH&FC කණ්ඩායම වෙනුවෙන් A හා B ලෙසින් කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරන අතර යුධ හමුදා ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය ද තම ක්‍රීඩා සමාජය වෙනුවෙන් A හා B ලෙසින් කණ්ඩායම් දෙකක් යොදවා ඇත. එසේම පසුගිය තරග වාරයේදී ලීග් ශූරයින් වූ මහනුවර ක්‍රීඩා සමාජය වගේම CR&FC කණ්ඩායම හා හැව්ලොක් ක්‍රීඩා සමාජයද මෙම තරගාවලියේදී ක්‍රීඩා කරන අතර නව ක්‍රීඩා සමාජ වශයෙන් ගාල්ල ක්‍රීඩා සමාජය, මැලේ ක්‍රීඩා සමාජය හා පීටර්සන් ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජ ද මෙම තරගාවලියට එක්වී සිටීම විශේෂත්වයකි. 

මලල ක්‍රීඩාවෙන් රග්බි ක්‍රීඩාවට ආ නිවංක ප්‍රසාද්

රග්බි ක්‍රීඩාව කියන්නේ පුදුමාකාර ක්‍රීඩාවක්. අමුතු ක්‍රීඩා විලාශයක්, අමුතු මානසික තත්වයකින් ක්‍රීඩා කළ..

ඉහත කණ්ඩායම් වල නායකයින් ගේ නම් පහතින්. 

  • CH&FC කණ්ඩායමරෝහිත රාජපක්ෂ 
  • CH&FC කණ්ඩායම (B)සසංක ආරියරත්න
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජයඉෂාර මදුෂාන් 
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (B)සාරක වේරැල්ල 
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය රිචි ධර්මපාල 
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය (B)නිරෝෂ් පෙරේරා 
  • පොලිස් ක්‍රීඩා සමාජයඉරෝශාන් සිල්වා 
  • පොලිස් ක්‍රීඩා සමාජය (B)ශානක හරිශ්චන්ද්‍ර 
  • යුධ හමුදා ක්‍රීඩා සමාජයඅශාන් බණ්ඩාර 
  • යුධ හමුදා ක්‍රීඩා සමාජය (B)සංජීව හපුගස්කුඹුර 
  • CR&FC කණ්ඩායමරීසා රෆයිදීන් 
  • මහනුවර ක්‍රීඩා සමාජයනයිජල් රත්වත්ත 
  • හැව්ලොක් ක්‍රීඩා සමාජයමිතුන් හපුගොඩ 
  • පීටර්සන් ක්‍රීඩා සමාජයඋමේද් අශාන් 
  • ගාල්ල ක්‍රීඩා සමාජයකවිඳු දිල්ශාන් 
  • මැලේ ක්‍රීඩා සමාජයනබීල් සල්ඩීන් 

එසේම මෙම තරගාවලියේ ප්‍රදර්ශන තරගයක් ලෙසින් දෙදිනම උදෑසන 9ට කාන්තා තරග දෙකක්ද පැවැත්වීමට නියමිතය. 

ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික තරඟාවලියේ අවසාන දින තරග සියල්ලක්ම Dialog TV නාලිකා අංක 77 සහ ThePapare.com හි සජීවීව විකාශය කිරීමටද වැඩකටයුතු යොදා ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<