අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය 29 වැනිදා

536

2019 වසරේ සත් සාමාජික රග්බි තරගවාරය ආරම්භ කරමින් ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය මෙම මස (ජුනි) 29 වනදා ආරම්භ වීමට නියමිතය.

සාන්ත තෝමස් ඉදිරිපෙළින් විද්‍යා විද්‍යාලයට තරවටුවක්!

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ……..

ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා ප්‍රවර්ධක ඩයලොග් ආසිආටා සමාගම විසින් මෙම තරගාවලිය පවත්වනු ලබන අතර ශ්‍රී ලංකාවේ පළමු පෙළේ රග්බි ක්‍රීඩා සමාජයන් කිහිපයක් මෙම තරගාවලියට සහාභාගී වීමට නියමිතය. මෙම වසරේ සත් සාමාජික රග්බි තරගවාරය ආරම්භ කරමින් මෙම තරගාවලිය පැවැත්වෙන අතර ඉන්පසු වෙළෙඳ සේවා සත් සාමාජික තරගාවලිය සහ අන්තර් පාසල් සත් සාමාජික තරගාවලියද පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ (2018) මෙම තරගාවලිය කොළඹ සහ මහනුවර යනුවෙන් අදියර දෙකකින් සමන්විත වූ අතර එහි පළමු අදියරේ ජයග්‍රහණය CH & FC ක්‍රීඩා සමාජයද දෙවැනි අදියරේ ජයග්‍රහණය මහනුවර ක්‍රීඩා සමාජයද හිමිකර ගැනීමට සමත් විය. නමුත් කණ්ඩායම් ලකුණු තත්වයෙන් ඉහළින්ම සිටි රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් CH & FC ක්‍රීඩා සමාජයට ශූරතාවය හිමිවිය.

එසේම මෙම තරග වාරය සඳහා මාන බලමින් සිටි ක්‍රීඩා සමාජ සියල්ලක්ම පාහේ තමන්ගේ කණ්ඩායම් නම් කරමින් යුහුසුළුව මෙම තරගාවලියට සූදානම් වෙමින් සිටි.

පළඟ ශූරතාවයේදී මොකද වුනේ?

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ………

මෙම තරගාවලියේ තරග කාලසටහන සහ ඊට අදාළ සියලු තොරතුරු ඉදිරි දින කිහිපය තුළදී දැනගත හැක. දෙවැනි කාණ්ඩයේ තරග පිළිබඳ විස්තරද ඉදිරි දින කිහිපය තුළදී නිවේදනය කරනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<