ශූරයින්ගේ කුසලානය අඛණ්ඩව තුන්වන වරටත් කොළඹට

1250

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තරගය ලෙස අද (14) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති රිනවුන් SC කණ්ඩායම සහ කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම අතර තරගය, ගෝල 0-1ක් ලෙස ජයග්‍රහණය කළ කොළඹ පාපන්දු සමාජය තරගාවලිය තුළ ඉහළ ගෝල වෙනසක් රඳවා ගැනීම තුළින් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

පාපන්දු සටනේ අවසන් දිනය වෙනස් වෙයි

රිනවුන් ක්‍රීඩා සමාජය හා කොළඹ පාපන්දු සමාජය අතර පැවැත්වෙන 2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරග දිනය යළිත් වෙනස් වී ඇත. 2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය 2018 ජනවාරි මස කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව …

සති 17ක කාලයක් පුරාවට පැවති 2017  ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තීරණය, තරගාවලියේ අවසන් තරගය ලෙස පැවති රිනවුන් SC කණ්ඩායම සහ කොළඹ පාපන්දු සමාජය අතර තරගය කරාම ඇදී ආවේය.

රිනවුන් SC කණ්ඩායම තරගාවලිය පුරාවට අපරාජිතව සිටියත් අවසන් තරගයට පෙර තරගාවලියේ ශූරතාවය තහවුරු කර ගන්නට අපොහොසත් වූ අතර අනෙක් පසින් පසුගිය වසරේ දී ශූරයින් බවට පත්වූ කොළඹ පාපන්දු සමාජය ශූරතාවයේ තීරණය අවසන් තරගය කරාම රැගෙන එන්නට සමත් විය.

කෙසේ නමුත් රිනවුන් කණ්ඩායම ප්‍රතිවාදීන්ට වඩා ප්‍රසාද ලකුණු 3ක් ඉදිරියෙන් රැඳෙමින් මෙම තරගයට පිවිසියත්, කොළඹ පාපන්දු සමාජයේ ගෝල වෙනස ඔවුන්ට වඩා ඉහළ අගයක් ගැනීම නිසා තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නම් රිනවුන් කණ්ඩායමට මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම ප්‍රමාණවත් වූ අතර අනෙක් පසින් කොළඹ පාපන්දු සමාජයට තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නම් මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය විය.

කණ්ඩායම් දෙකම තරගයට අවතීර්ණ වීමට කාලය ගතකළ අතර තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ප්‍රතිවාදී අන්තය වෙත පන්දුව රැගෙන යමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුවත් ගෝලයක් වාර්තා කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට කණ්ඩායම් දෙකම අපොහොසත් විය.

කෙසේ නමුත් මිනිත්තු කිහිපයකින් අනතුරුව රිනවුන් කණ්ඩායමේ ජොබ් මයිකල් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුවත් කොළඹ පාපන්දු සමාජයේ ගෝල රකින ක්‍රීඩක කවීෂ් ප්‍රනාන්දු එය වළක්වා ගන්නට සමත් විය.

Highlights – Moragasmulla SC v Renown SC – DCL17 (Week 3)

Uploaded by ThePapare.com on 2017-09-21.

අනතුරුව කොළඹ ක්‍රීඩකයින් හොඳින් පන්දුව හුවමාරු කර ගනිමින් පන්දුව ප්‍රතිවාදී අන්තය වෙත රැගෙන ගිය අතර එහි දී මොහොමඩ් ෆසාල් ගෝලයක් වාර්තා කර ගැනීමට ප්‍රබල පහරක් එල්ල කළත්, රිනවුන් ගෝල රකින ක්‍රීඩක ෆ්‍රැන්සිස් අග්බේති එහි දී එය වළක්වා ගත්තේ ඔහු සතු හැකියාව හොඳින් ප්‍රදර්ශනය කරමිනි.

අනතුරුව පැති පහර අවස්ථාවක් දිනා ගැනීමට රිනවුන් ක්‍රීඩකයින් සමත් වූ අතර එහි දී පන්දුව යොමු කිරීමෙන් අනතුරුව පන්දුව ලබාගත් රිනවුන් නායක මොහොමඩ් රිෆ්නාස් එය ගෝල රාමුව අසළට යොමු කළත්, එහි දී එයට හිසින් පහරක් එල්ල කළ ජොබ් මයිකල්ගේ පහර ගෝල රාමුවේ වැදී ඉවතට ඇදී ගියේය.

ඉන්පසුව ද රිනවුන් ක්‍රීඩකයින් තවදුරටත් සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කළ අතර එහි දී චෞර්‍ය මොහොමඩ් ප්‍රතිවාදී කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයින් පසුකර යමින් පන්දුව මොහොමඩ් අර්ෂාඩ් වෙතට යොමු කළත්, ඔහු ගෝල රාමුවට යාර 5ක තරම් ආසන්න දුරක සිට පන්දුවට හිසින් එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී ගියේ ඔවුන්ට ගෝලයක් වාර්තා කර ගැනීමට පහසු අවස්ථාවක් ගිලිහී යමිනි.

අනතුරුව රිනවුන් ක්‍රීඩක ජොබ් මයිකල් ඉක්මන් අවස්ථාවක් හරහා පන්දුව ගෝල රාමුව ආසන්නයට රැගෙන ගිය අතර එහි දී ඔහු ප්‍රතිවාදී ක්‍රීඩකයින් මඟ හරවා ගනිමින් ගෝල රාමුවට ඉතා ආසන්නයේ සිට පහරක් එල්ල කළත්, එහි දී පන්දුව ගෝල රාමුවේ පැති දාරයේ ඇදී ඉවතට යාම නිසා ගෝලයක් වාර්තා කර ගැනීමට ඔවුන්ට ලැබුණු තවත් පහසු අවස්ථාවක් ඔවුන් අතින් ගිලිහී ගියේය.

තිහාරිය යූත්, කොම්රේඩ්ස්, රෙඩ් සන්, රත්නම්, රෙඩ් ස්ටාර්, සෙරන්ඩිබ් මීළඟ වටයට

2017 පළමු පෙළ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය සඳහා කණ්ඩායම් 6ක් තේරී ඇති අතර ඔවුන් ලබන වසරේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියට උසස් වීමක් ලබා ගැනීමේ අරමුණින් ඉදිරියේ දී තරග වදිනු ඇත. පළමු පෙළ පාපන්දු තරගාවලිය තුළ කණ්ඩායම් 18ක් සිටින අතර ඔවුන් කණ්ඩායම් 9 බැගින් කාණ්ඩ දෙකකට වර්ග කරනු ලැබේ.

කෙසේ නමුත් එහි දී ගෝල රාමුවේ වැදී ඉවතට ඇදී ගිය පන්දුව ලබාගත් කොළඹ පාපන්දු ක්‍රීඩකයින් එය ඉක්මන් අවස්ථාවක් බවට පරිවර්තනය කර ගන්නට සමත් වූ අතර එහි දී පන්දුව ඉදිරියට රැගෙන ගිය මොමාස් යාපෝ බාර කළ පන්දුව හිටපු රිනවුන් ක්‍රීඩක මොහොමඩ් ෆසාල් විසින් තරගයේ 37 වන මිනිත්තුවේ දී පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කළේ තරගය පුරාවට ඒ දක්වා සිය අණසක පතුරුවා ගෙන සිටි රිනවුන් කණ්ඩායම පසුපසට ඇද දමමින් කොළඹ පාපන්දු සමාජය තරගයේ පෙරමුණට රැගෙන එමිනි.

පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ රිනවුන් ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගනිමින් තරගයේ ලකුණු තත්වය සමකර ගැනීමට උත්සාහ දැරුවත් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත.

පළමු අර්ධය: රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 01 කොළඹ පාපන්දු සමාජය

තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 4ක් ගතවන්නටත් පෙර කොළඹ පාපන්දු සමාජයට තරගයේ සිය දෙවැනි ගෝලය වාර්තා කර ගැනීමට අවස්ථාවක් ලැබුනත්, එහි දී පැති පහර අවස්ථාවකින් මොමාස් යාපෝ වෙත ලැබුණු පන්දුවට ඔහු හිසින් එල්ල කළ පහර රිනවුන් ක්‍රීඩක රසීක් රිෂාක් විසින් ඉවතට යොමු කිරීමත් සමඟ එම අවස්ථාව ව්‍යර්ථ විය.

අනතුරුව රිනවුන් ක්‍රීඩකයින් පන්දුව ප්‍රතිවාදී අන්තය වෙත රැගෙන යමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරූ අතර එහි දී මොහොමඩ් අර්ෂාඩ් එල්ල කළ පහරක් ගෝල රාමුවට ඉහළින් ඇදී ගියේය.

කෙසේ නමුත් රිනවුන් ක්‍රීඩකයින් පළමු අර්ධයේ දී දියත් කළ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දෙවන අර්ධය තුළ දී දියත් කරන්නට අපොහොසත් වූ අතර අනෙක් පසින් තරගයේ ලකුණු තත්වයෙන් ඉදිරියෙන් සිටි ප්‍රතිවාදී කොළඹ පාපන්දු ක්‍රීඩකයින් සැහැල්ලු ක්‍රීඩා විලාශයක් දියත් කරමින් රිනවුන් කණ්ඩායමට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන්නට උත්සාහ දැරීය.

Highlights – Saunders SC v Air Force SC – DCL17 (Week 3)

Uploaded by ThePapare.com on 2017-09-21.

අනතුරුව තරගයේ 64 වන මිනිත්තුවේ දී රිනවුන් ක්‍රීඩකයින් පිටියේ මැද භාගයේ සිට ජොබ් මයිකල් වෙත පන්දුව යොමු කළ අතර ඔහු ගෝල රාමුවට ආසන්නයේ සිට පහරක් එල්ල කරමින් තරගයේ ලකුණු තත්වය සම කිරීමට උත්සාහ දැරුවත්, ඔහු වෙත වේගයෙන් පැමිණි කොළඹ පාපන්දු සමාජයේ නායක රව්මි මොහිදීන් ඔහුට අභියෝගයක් වෙමින් එම අවස්ථාව ව්‍යර්ථ කරන්නට සමත් විය. කෙසේ නමුත් එම අභියෝගය වෙනුවෙන් රිනවුන් ක්‍රීඩකයින් දඬුවම් පහර අවස්ථාවක් ඉල්ලා සිටියත් විනිසුරුවරයාගෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

පසුව තරගයේ 76 වන මිනිත්තුවේ දී නිදහස් පහර අවස්ථාවක් දිනා ගන්නට රිනවුන් ක්‍රීඩකයින් සමත් වූ අතර එහි දී යොමු කළ පන්දුව ගෝල රාමුව ආසන්නයේ සිටි මොමාස් යාපෝ වෙත ලැබුනත්, ඔහු පන්දුවට හිසින් එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය. අනතුරුව තරගයේ අවසන් මිනිත්තු 10ක කාලය තුළ තරගයේ වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට වූයේ රිනවුන් ක්‍රීඩකයින් සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයට අවතීර්ණ වීමත් සමඟයි.

රිනවුන් ක්‍රීඩකයින් දිගින් දිගටම ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරූ අතර එහි දී චෞර්‍ය මොහොමඩ් එල්ල කළ ප්‍රබල පහරක් වළක්වා ගන්නට ගෝල රකින ක්‍රීඩක කවීෂ් සමත් වූ අතර ඉන් අනතුරුව පන්දුව ලබාගත් ජොබ් මයිකල් ගෝල රාමුව තුළට පහරක් එල්ල කළත් තරගය තුළ තුන්වන වරටත් ඔහු එල්ල කළ පහරක් ගෝල රාමුව තුළ වැදීමෙන් ඉවතට යාම නිසා එම අවස්ථාව ද ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

පසුව කොළඹ පාපන්දු කණ්ඩායමේ අහමඩ් ශස්නි හට ගෝලයක් වාර්තා කර ගැනීමට පහසු අවස්ථාවක් ලැබුනත් එහි දී පන්දුව විශිෂ්ට අන්දමින් රැකගන්නට ගෝල රකින ක්‍රීඩක රසීක් සමත් විය.

මොහොමඩ් රූමි රාජකීය විද්‍යාලයට?

මරදාන සහිරා විද්‍යාලයේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු මොහොමඩ් රූමි කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු තනතුරු බාර ගැනීමට නියමිතව සිටින බව ThePapare.com හට විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා වාර්තා වේ. 2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය 2018 ජනවාරි..

ජොබ් මයිකල් හට ගෝලයක් වාර්තා කර ගැනීමට තවත් පැහැදිලි අවස්ථාවන් දෙකක්  ලැබුණු අතර ඔහු එවර පළමුවර එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී ගිය අතර ඔහු දෙවන වර එල්ල කළ පහර විශිෂ්ට අන්දමින් රැකගන්නට කවීෂ් සමත් විය. එහි දී දෙවන අවස්ථාවේ දී පන්දුව අර්ෂාඩ් වෙත යොමු වූ අතර ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී ගියේය.

ඒ අනුව තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ සිය උපරිම උත්සාහය දැරූවත්, රිනවුන් ක්‍රීඩකයින් තරගයේ ලකුණු තත්වය සමකර ගැනීමට අවශ්‍ය ගෝලය වාර්තා කර ගැනීමට සමත් වූයේ නැත. තරගය පුරාවට ඔවුන්ට පහසු අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් අපොහොසත් විය.

ඒ අනුව මෙම තරගයට ප්‍රසාද ලකුණු 3ක් පසුපසින් පැමිණි කොළඹ පාපන්දු සමාජය මෙම තරගය ජයග්‍රහණය කරමින් අඛණ්ඩව 3 වන වරටත් ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 01 කොළඹ පාපන්දු සමාජය

ThePapare.com තරගයේ වීරයා – රව්මි මොහිදීන් (කළම්ඹු FC)

ගෝල ලාභීන්

  • කොළඹ පාපන්දු සමාජය – මොහොමඩ් ෆාසාල් 37’

කහ කාඩ්පත්

  • රිනවුන් SC – මොහොමඩ් රිස්කාන්
  • කොළඹ පාපන්දු සමාජය – රව්මි මොහිදීන්

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<